බ්‍රැන්ඩික්ස් ඩොකා සහ පෑළියගොඩ මාළු මුදලාලි!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බ්‍රැන්ඩික්ස් ඩොකා සහ පෑළියගොඩ මාළු මුදලාලි!

    පෑළියගොඩ මාළු වෙළඳපොළ අවට කඩවල වැඩිපුර පෙනඩොල් විකිණෙන බව එම දැනගත් මාළුවෙළඳ සංගමයේ සභාපති වහා ම මහජන පරික්ෂක ලවා වෙළඳුන් අහඹු PCR පරීක්ෂණයට ලක් නො කරන්නට පෑළියගොඩ පොකුරින් මුළු රටම කොරෝනා පොකුරක් වන්නට ඉඩ තිබිණි.
    වැඩ්පුර පෙනඩොල් විකිණීම නිරීක්ෂණය කර එය සභාපතිවරයාට දැනුම් දුන් වෙළඳුන් මෙන් ම එය වහා ම PHIලාට දැනුම් දීමට කටයුතු කළ සභාපතිවරයා ද ජාතික වීරයින් ලෙස නම් කළ යුතු ය.
    රටකට උවමනා මේ ආකාරයට වගකීමෙන් හැසිරෙන මහ ජනතාවකි. ඔවුන් එදා වගකීමෙන් කටයුතු කළ නිසා රටත් ජනතාවත් එක ම කොරෝනා කඳවුරක් වීමේ අවස්ථාව මග ඇරිණි. එය සමාජය සමග ඍජුව ගනුදෙනු කරන ස්ථානයක් නිසා බ්‍රැන්ඩික්ස් පොකුරට වඩා වේගයෙන් රට ම අල්ලන්නට ඉඩ තිබිණි.
    කෙසේ වුව ද පෑළියගොඩ මුදලාලි ලා කටයුතු වගකීම් සහගතභාවයෙන් 10%ක් වගකීමක් ගෙන බ්‍රැන්ඩික්ස් සමාගමේ වෛද්‍යවරයා කටයුතු කළේ නම් අර රටේ ඉරණම මෙසේ වන්නේ නැත. මේ උගත් වෛද්‍යවරිය කළේ තමා වෙත පැමිණෙන ආසාදිත සේවිකාවන්ට පෙනඩෝල් පොවමින් නැවත නැවත වැඩ ගැනීමය.
    අවසානයේ ලෙඩුන් වැඩිපුර වාර්තා වන විට නිවාඩු ගෙන ගෙදරට වී සිටීම ය.
    සැබවින් ම මෙි රටේ ජනතාවගේ බදු මුදලින් ඉගැන්නූ එම වෛද්‍යවරිය සිය සමාජ වගකීම තබා රැකියාවේ වගකීම ද ඉටුකර නැත. එසේ ඉටු කළේ නම් අද බ්‍රැන්ඩික්ස් පොකුරක් නැත. රට ම නිදහසේ ඉදිරියට යනු ඇත.
    අනෙක් අතට රටේ ජනතාව නිරතුරුව කොරෝනා රෝග ලක්ෂණ පිළිබඳ දැනුම්වත් කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය පෙරමුණ ගෙන කටයුතු කළ යුතුය. එම රෝග ලක්ෂණ පහළ වූ විට පෙනඩෝල් බොමින් හෝ ඍජුව රෝහල්වලට යමින් වගකීමෙන් තොරව නො හැසිරෙන ලෙස අවවාද කළ යුතුය.
    එසේ ම රජයට මැදිහත් වී වෙළඳපොළේ පෙනඩොල් ඇතුළු වේදනා නාශක වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා දීමට කෙටි කලකට හෝ කටයුතු කළ හැකි නම් එය ඵලදායි වනු ඇත. වෛද්‍යවරුන් ද කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට පෙරමුණ ගත යුතු ය.
    මේ දුෂ්කර අවස්ථාව අප විසින් උරුම කරගත්තේ කිහිප දෙනෙකුගේ නො සැලකිල්ල නිසා ය. එ් අයගේ නො සැලකිලිමත්කම නිසා අද රට ම අනතුරේය. අප සියලු දෙනා සිය සමාජ වගකීම ඉටු කරමින් කටයුතු කරන්නේ නම් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට පහසු වනු ඇත.
    එහි දී අප පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ සභාපතිතුමා ආදර්ශයට ගත යුතුය. සියලු දෙනා ඔහු මෙන් වගකීමෙන් කටයුතු කරන්නේ නම් දෙවන රැල්ල ද පාලනය කිරීම අපහසු නැත. එහෙත් තවමත් හොම්බට මාස්ක් දා ගෙන රූපවාහිනිය ඔස්සේ රට අමතන උගත් යැයි කියන මෝඩ දේශපාලකයන් රටට දෙන ආදර්ශය කුමක් ද?
    ©නාමල් උඩලමත්ත
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    මේකනං ගොන් කතාවක් .
    මේ විදියට කරොත් පෙනඩෝල් දෙකක් ගන්නත් ඩොකෙක් ගාවට ගිහින් prescription එකක් ගන්න වෙනවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,920
    113
    වැඩේ මාට්ටු වෙලා කෙල වෙයි කියල කිව්ව වෙන්න බැරිද? මොකද ඉතින් සෙට් එකක් එක පාර ලෙඩ වෙන එක එතන ඉන්න ඕනි එකෙක්ට පේනවනෙ අරුන් පැනඩෝල් ගන්න යන්න කලින්ම.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකනං ගොන් කතාවක් .
    මේ විදියට කරොත් පෙනඩෝල් දෙකක් ගන්නත් ඩොකෙක් ගාවට ගිහින් prescription එකක් ගන්න වෙනවා .
    එහම තත්වයක් එන්න ඉඩ තියෙනවා යන විදිහට. මිනිස්සු අකමෑති නේ බන් ඉස්පිරිතාලේ යන්න කොහොමත්.. කොහොම හරි බ්‍රෑන්ඩික්ස් ඩොකීට කොරොනා නෑලු.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    වැඩ්පුර කටිය ගැවසෙන ආයතනවල ඩොකාලා දැනගන්න ඕන කීප දෙනෙක්ට
    එකපාර ලෙඩවෙද්දි ඒකට ඇක්ෂන් එකක් ගන්න
    අපේ එකේ ඉන්න ඩොකානම් කෙලින්ම PCR කරන්න යවනවා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අද උදේ නාවලපිටිය මහනුවර CTB බස් එකක සැක සහිත ලෙඩෙක් ඉදලා. මෙයා බස් එකට නැගලා මාස්ක් එකත් ගලවන් ඉදලා තියෙන්නේ.
    එයාට හුස්මගන්න අමාරු වෙලා. බස් එක නවත්තලා කොන්දොස්තරයි ඩ්රියිවර් දෙන්නා වහාම මෙයාගෙන් ප්‍රශ්න කරලා උණ හැදිලා හොද උන කෙනෙක් කිවලු. බස් එකේ හිටපු ඔක්කොගෙම නම්බර් අරන් සේරටම කිවලු අපි කෝල් එකක් දෙනකන් ගෙවල් වලට වෙලා ඉන්න අපි මෙයාව පේරාදෙණිය හොපිටල් දානවා PCR positive උනොත් කියන්නම් කියලා. එයාව හොස්පිටල් දාලා දෙන්නා බස් එකේ නිදි PCR එනකන් කොහෙවත් යන්නේ නැහැලු ගෙදරවත් යන නැහැලු. අන්න මිනිස්සු පොඩි මිනිහාට තේරෙන දේ උගත් කියා ගන්නා හරක්ට තේරෙන් නැහැ.

    වැඩ කරන තැන දෙන්නෙක් මේ බස් එකේ ඉදලා. ඒ දෙන්නත් වැඩට එන නැතුව ගෙදර ගිහින් තමා කෝල් කරලා සිද්දිය කිවේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,005
    28,919
    113
    peliyagoda fish market ekei brandix eke connection eke hoya geneda? pena widiheta meka hathara watema danetemath gihilla
     
    • Like
    Reactions: Lahiru120

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    අද උදේ නාවලපිටිය මහනුවර CTB බස් එකක සැක සහිත ලෙඩෙක් ඉදලා. මෙයා බස් එකට නැගලා මාස්ක් එකත් ගලවන් ඉදලා තියෙන්නේ.
    එයාට හුස්මගන්න අමාරු වෙලා. බස් එක නවත්තලා කොන්දොස්තරයි ඩ්රියිවර් දෙන්නා වහාම මෙයාගෙන් ප්‍රශ්න කරලා උණ හැදිලා හොද උන කෙනෙක් කිවලු. බස් එකේ හිටපු ඔක්කොගෙම නම්බර් අරන් සේරටම කිවලු අපි කෝල් එකක් දෙනකන් ගෙවල් වලට වෙලා ඉන්න අපි මෙයාව පේරාදෙණිය හොපිටල් දානවා PCR positive උනොත් කියන්නම් කියලා. එයාව හොස්පිටල් දාලා දෙන්නා බස් එකේ නිදි PCR එනකන් කොහෙවත් යන්නේ නැහැලු ගෙදරවත් යන නැහැලු. අන්න මිනිස්සු පොඩි මිනිහාට තේරෙන දේ උගත් කියා ගන්නා හරක්ට තේරෙන් නැහැ.

    වැඩ කරන තැන දෙන්නෙක් මේ බස් එකේ ඉදලා. ඒ දෙන්නත් වැඩට එන නැතුව ගෙදර ගිහින් තමා කෝල් කරලා සිද්දිය කිවේ.
    Respect you bro
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,836
    113
    Colombo, Sri Lanka
    අද උදේ නාවලපිටිය මහනුවර CTB බස් එකක සැක සහිත ලෙඩෙක් ඉදලා. මෙයා බස් එකට නැගලා මාස්ක් එකත් ගලවන් ඉදලා තියෙන්නේ.
    එයාට හුස්මගන්න අමාරු වෙලා. බස් එක නවත්තලා කොන්දොස්තරයි ඩ්රියිවර් දෙන්නා වහාම මෙයාගෙන් ප්‍රශ්න කරලා උණ හැදිලා හොද උන කෙනෙක් කිවලු. බස් එකේ හිටපු ඔක්කොගෙම නම්බර් අරන් සේරටම කිවලු අපි කෝල් එකක් දෙනකන් ගෙවල් වලට වෙලා ඉන්න අපි මෙයාව පේරාදෙණිය හොපිටල් දානවා PCR positive උනොත් කියන්නම් කියලා. එයාව හොස්පිටල් දාලා දෙන්නා බස් එකේ නිදි PCR එනකන් කොහෙවත් යන්නේ නැහැලු ගෙදරවත් යන නැහැලු. අන්න මිනිස්සු පොඩි මිනිහාට තේරෙන දේ උගත් කියා ගන්නා හරක්ට තේරෙන් නැහැ.

    වැඩ කරන තැන දෙන්නෙක් මේ බස් එකේ ඉදලා. ඒ දෙන්නත් වැඩට එන නැතුව ගෙදර ගිහින් තමා කෝල් කරලා සිද්දිය කිවේ.

    මිනිස්සු හැමෝම මේ වගේ වගකීමෙන් වැඩ කරනවානම් කොච්චර වටිනවද (y) (y)