බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින ස

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින ස

    බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනා අතර සිටින සිංහල ව්‍යාපාරිකයා


    ලන්ඩනයේ ආපනශාලා රජු වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලාංකිකයකු බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

    ලන්ඩනයේ ඉහළ පැලැන්තියේ ආපනශාලා 34ක් මෙන්ම නිව්යෝර්ක්, පැරිස්, ටෝකියෝ ආදී ලෝකයේ ප්‍රසිද්ධ නගර ගණනාවක තවත් හෝටල් කිහිපයක්ද ඇතුළත් ආපනශාලා ජාලයක හිමිකරු වන මොහු මේ දිනවල එංගලන්තයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නකු බවටද පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

    ඩෙස් ගුණවර්ධන නම් වන මේ 53 හැවිරිදි ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ ඉපිද මෙරට පාසලකින් මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ පදිංචියට ගිය තැනැත්තෙක් වනවා.

    එංගලන්තයේදී වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඩෙස් 1981දී අර්නස්ට් ඇන්ඩ් යංග්හි වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා ඉන්පසු 1991දී කොන්රන් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වී තිබෙනවා.

    ලන්ඩනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට අයත් මෙම සමාගමේ අවුරුදු 11ක සේවයෙන් පසු ඉන් ඉවත්ව ඇත්තේ හෝටල් ජාලයෙන් කොටසක් මිලදී ගනිමිනි.

    ගුණවර්ධන තවත් යහළුවකු සමග D&D නමින් හෝටල හා ආපනශාලා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ලෝක ප්‍රසිද්ධ Le Pont De La Tour, Blue Pring, Lavceston Place, Sky Low Meea ආපනශාලා සියල්ලේම හිමිකරුවා ඔහු බවයි වාර්තා වන්නේ.

    ඔහු යටතේ 2300ක සේවක පිරිසක් වැඩ කරන අතර වාර්ෂික ආදායම පවුම් මිලියන සියයක් පමණ වනවා.

    වයස 24ක දියණියක් හා වසර 22ක පුතකුද සිටින ඔහුගේ නම 2015 ලන්ඩන් ටයිම්ස් පත්‍රය නිකුත් කළ බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනාගේ ලැයිස්තුවේ ද සඳහන් වනවා.



    13DB6B0B00000514-3834579-image-a-5_1476283054590.jpg


    coq_d_argent_lodge_main.jpg


    Des-Gunewardena-1-640x400.png


    quaglinos-restaurant-1-577fc39217973-578319c501dd5.jpg
     
    • Like
    Reactions: Dadabbaraya

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පුදුමයි මේ මනුස්සයා 'මරා'ට මීටර් නොවී බේරිලා හිටපු එක. එහෙම 'මරා'ට සෙට් වුනා නං දෙයියනේ කියලා රෑනක් එක 1 - 50 අතර.
     
    • Like
    Reactions: malakadss

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    පුදුමයි මේ මනුස්සයා 'මරා'ට මීටර් නොවී බේරිලා හිටපු එක. එහෙම 'මරා'ට සෙට් වුනා නං දෙයියනේ කියලා රෑනක් එක 1 - 50 අතර.

    අැයි උඹලගෙ අගමැතිගේ යාළුව අර බැංකු හොරා උෟ අදුනගත්තනම් මූ රෑන්ක් 1-10 අතර.:lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අැයි උඹලගෙ අගමැතිගේ යාළුව අර බැංකු හොරා උෟ අදුනගත්තනම් මූ රෑන්ක් 1-10 අතර.:lol:
    ජබොක්. මහින්ද මොකෙක්ද ඌ එක්ක බලද්දි. අයේ ඉතින් CCTV, ලයිට්, සිකියුරටි (උස අය ) ඔක්කොම තියෙද්දි කිසිම මහන්සියක් නෑතිව ලස්සනට ගේම ගහල තිබ්බේ. ඩූම් 5 එකට නියම කතාව. හෑබෑයි බයික් නෑ ස්ටන්ට් නෑ. සද්ද නෑ. රටේ සල්ලිත් නෑ. හෑබෑය කොම්පෑනියේ ලාබේ තියෙනව වාර්තා පොතට යන්න :D