බ්‍රිතාන්‍යය සල්ලි කපයි

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
බ්‍රිතාන්‍යය සල්ලි කපයි

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සපයන මුදල් ආධාර කපා හැරීමට බි‍්‍රතාන්‍යය තීරණය කරයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ අරමුණු හා වැඩසටහන් අදාළ රටවල කි‍්‍රයාත්මක කිරීමට වැඩිම මුදල් ආධාර ප‍්‍රමාණයක් ලබාදෙන්නේ බි‍්‍රතාන්‍යයයි.එය මුදලින් පවුම් ලක්ෂ 160 කි.(රුපියල් 33920)
මෙවර එම මුදලින් සැළකිය යුතු ප‍්‍රමාණයක් කප්පාදු කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කර ඇත.
බි‍්‍රතාන්‍යයට පමණක් දෙවැනි වෙමින් සමුළුවට පවුම් ලක්ෂ 100 ක (රුපියල් 21200) මුදල් ආධාර ලබාදෙන කැනඩාවද මුදල් ආධාර ප‍්‍රමාණය අඩු කිරීමට තීරණය කර ඇත.
මේ සදහා හේතු වී ඇත්තේ දෙරටම ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවීමයි.කැනඩා අගමැති ස්ටීවන් හාපර් දැනටමත් සමුළුව වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා හේතු ලෙස ඔහු ගෙනහැර දක්වන්නේත් ශී‍්‍රලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් වන ගැටළුකාරී තත්ත්වයයි.
බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන්ටද ශී‍්‍රලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට බි‍්‍රතාන්‍යය සහභාගී වීම පිළිබද බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සභිකයින්ගේ විරෝධයට මුහුණ දීමට සිදුව ඇත.
නමුත් බි‍්‍රතාන්‍යය අගමැතිවරයා පසුගියදා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයකදී ප‍්‍රකාශ කර සිටියේ ශී‍්‍ර ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට හොදම අවස්ථාව වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම බවයි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජානත්ත‍්‍රවාදය සුරැකීම,මානව හිමිකම් පවත්වා සුරැකීම ආදී කරුණු සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීමට නියමිත රටවල් 53 න් බහුතරයක් සැරසී සිටින බවද සදහන්ය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව ශී‍්‍රලංකාවේ පැවැත්වීමට බහුතරයක් රටවල් නොකැමැත්ත ප‍්‍රකාශ කර තිබීමට අමතරව සමුළුවේ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී භාවය සම්බන්ධයෙන්ද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි කියැවේ.
සමුළුවේ මෙවැනි වාතාවරණයක් ඇතිව තිබෙන බවට උදාහරණයක් ලෙස පසුගියදා ගැම්බියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සාමාජිකත්වයෙන් ඉවත් වීම දැක්විය හැක.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇමරිකාව හා බි‍්‍රතාන්‍යයට උවමනා ආකාරයට රටවල් පාලනය කිරීමට නිර්මානය කර ගත්තක් යැයිද එවැනි සමුළුවක සාමාජිකයෙකු වී සිටීමෙන් සිදුවන්නේ ගැම්බියාවේ ස්වභාවික සම්පත් හූරාගෙන කෑමට වෙන්ත් රටවලට අවස්ථාව ලැබීම බවද එරට බළධාරීන් ප‍්‍රකාශ කර තිබුණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේ ලේකම් ජෙනරාල් ධූරය හොබවන කමලේශ් ෂර්මාගේ කි‍්‍රයාකලාපය කෙරෙහිද සමුළුවේ බහුතර සාමාජික රටවල් අප‍්‍රසාදය පල කර තිබේ.පොදුරාජ්‍ය මණ්ඩලයට තම සාමාජික රටවල යහ පැවැත්ම සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇතැයිද නමුත් ලේකම් තැන්පත් කමලේශ් ෂර්මා ඒ කිසිත් සැළැකිල්ලට නොගන්නේ යැයිද ඔවුන් චෝදනා කරයි.
බලගතු සාමාජික රටවල් මෙසේ ආධාර කපා හැරීමට තීරණය කරයි නම් එය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ කි‍්‍රයාකාරීත්වය සෘජුව බලපානු ඇතැයි විචාරකයින්ගේ අදහසයි.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    වෙලාවකට හොඳයි ලු අනිත් වෙලාවට හොඳ නෑ ලු

    ටීවී එකේ ad දානවා මේක හරි හොඳයි කියල

    ජිලේ කතා කරලා කියනවා ඇඟිලි ගහන්න එනවා කියල

    අන්තිමට අපිටත් ග්‍රීසියේ බෝට්ටුවටම යන්න වෙයිද පුටෙ
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    වෙලාවකට හොඳයි ලු අනිත් වෙලාවට හොඳ නෑ ලු

    ටීවී එකේ ad දානවා මේක හරි හොඳයි කියල

    ජිලේ කතා කරලා කියනවා ඇඟිලි ගහන්න එනවා කියල

    අන්තිමට අපිටත් ග්‍රීසියේ බෝට්ටුවටම යන්න වෙයිද පුටෙ


    :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,675
    113
    Auckland
    මහින්ද කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පටන් ගත්ත නම් හරි. මිනිහ මොන රෙද්දට හොරු සෙට් එකක් ලන් කරන් ගසා කනවද මන්ද. පොරට රටේ මිනිස්සු චන්දෙ ලස්සනට දීල තියනව. මිනිහෙක් වගේ නැගිටල වැඩ කරගන්න බෑ. වමට ගහල ගොන් ආතල් ගන්නව. පවුලෙ එවුන් කොටිපතියො. මෙව්ව ලොකයා හිනස්සන වැඩ.