බ්‍රෙසියර්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තමන්ට ඡන්දය දුන්නේ එන්රික් වැනි ගායකයින්ට පමණක් නොව, කැබරේ ඩාන්ස් සුනිල් පෙරේරා වැන්නන්ට පවා වශීවී බ්‍රෙසියරය මතු නොව සෙසු යට ඇඳුම් වුව උනාලීමට තරම් පරල වෙනසුළු දුබල පෞරුෂැති පිරිසක් විසින් බව ජනපති මෛත්‍රීපාල අමතක කොට ඇති සෙයකි. මේ ඔහු වැපිරූ ඵල නෙලන කාලයයි. වයස පහළොව දාසයේ කෙල්ලන්ට ටියුෂන් පන්තිවල කුණුහරුප කියන අතරතුර මෙරට තිස් වසරක් තිස්සේ විනාශයට ඇද දැමූ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සොයමින් නන්දිකඩාල් පීනූ සන්නස්ගල, ලෝක පූජිත ජය ශ්‍රී මහා බෝධිය අසල අඩියක් ගැසීමට සිහින දකිමින් සිටින ඩබ්ලිව්. ජයසිරි හා එම මානසිකත්වයෙන් ම කල්ගෙවන රස්තියාදුකාර අලුත් පරපුර හා පුරවැසි බලය මතු නොව, මෙරට බෞද්ධ සංස්කෘතික පදනම නැතිකළ යුතු බව ප්‍රසිද්ධියේ කිවූ රෝසි සේනානායක වැන්නන්ගේ විනාශකාරී අදහස් ය ජනපති මෛත්‍රීපාලගේ මැතිවරණ වේදිකාව දෙසින් මුළු රටට ම මීට වසරකට පෙර ඇසුණේ හා තාමත් ඇසෙන්නේ. ජනපති ධුරයට පත්වීමෙන් ද සන්නස්ගලගේ පොත් එළිදැක්වීමකට සහභාගී වෙමින් මෛත්‍රීපාල විසින් කිය වූ ඔහුට ලියාදුන් පු# වැනි වචන ජනපතිවරයෙකු තබා සාමාන්‍ය පුරවැසියෙකු විසින් වුව ප්‍රසිද්ධියේ නොකියනසුළු ඒවා ය. ඒවාහි එක ම අරමුණ නම් මෙරට පුරවැසියාගේ අතින් සදාචාර මාලිමාව ඉවත දැම්මවීම ය. අපි දැන් මග නොමග නොදැන සදාචාර වංකගිරියක වසන්නෙමු.

    ජනපතිවරයා හා ඔහුගේ අනුගාමිකයින් සැම විට ම කතාවෙන් හා ක්‍රියාවෙන් රටට පෙන්වා දුන්නේ තමන් මෙරට වටිනාකම් පද්ධතිය තඹ දොයිතුවකට මායිම් නොකරන බව ය. ජනපති මෛත්‍රීපාල විසින් කිවූ මහින්ද විසින් එන්ගලන්තයෙන් ගෙනා රත්තරන් අශ්වයින් හා හෙලිකොප්ටර් වැනි නීලකාස කෙබර මෙරට ජනයාගේ බොරුකීම පිළිබඳ යම් විළිබියක් තිබුණේ නම් එය ද නැතිකර දැම්මේ ය. මේ අතර, දේශපාලන එදිරිවාදිකම වෙනුවෙන් සිය මිතුරා හා නායකයාට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා පසුව පාවාදීම තුළින් ඒවාට සුජාතබවක් දීම මෙන් ම කළගුණ සැලකීම වැනි මහාර්ඝ ගුණාංග පිළිබඳ ජනතා විස්වාසය අවුල් කිරීම ද මෛත්‍රීපාල කඳවුර විසින් ගත් ස්වයංවිනාශකාරි.පියවරයන් ය.ඉදින්, එවැනි දෘෂ්ටිවාදයක් දේශපාලනික ඔළුගෙඩි ප්‍රමාණයෙන් ජයග්‍රහණය කොට තිබෙන අවස්ථාවක දුබල කෙල්ලක උම්මත්ක ව සිය යට ඇඳුම් ඉණිම කැලණි පාලමෙන් ගලා ගිය පොල් ලෙල්ලක් වැනි ය.

    ඇත්ත වශයෙන් ම මේ තරුණිය විසින් සිය බ්‍රෙසියර ගලවා විසි කළේ එන්රික් වෙත නොව ජනපති මෛත්‍රීපාල වෙත ය. ඒ හරහා මෙම තරුණිය විසින් සංකේතාත්මක ව පෙන්වා දුන්නේ යහපාලය යටතේ අප ජයග්‍රහණය කළේ මේ කාමවාදය බව ය. එනම් රනිල්-මෛත්‍රී දේශපාලන භාවිතයේ තාර්කික අවසානය මෙය බව තරුණිය මොනවට පෙන්වා දුන්නේ ය. එය ස්වභාවික ය. අපට තේරුම්ගත නොහැක්කේ මේ පිළිබඳ ජනපතිවරයාගේ උදහස් වීම ය.


    උපුටා ගැනීම http://www.yuthukama.com/2015/12/MithreepalaBraIssue.html
     
    • Like
    Reactions: kaputo and erozan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බ්‍රෙසියරය හරි කමක් නැහැ දේශපාලනය ගාවගෙන මඩක් ගහන්න පුලුවන්නම්...අපේ රටෙත් ඉන්නේ මරු පොරවල්...:lol:
     
    • Like
    Reactions: RIDER89

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    බ්‍රෙසියරය හරි කමක් නැහැ දේශපාලනය ගාවගෙන මඩක් ගහන්න පුලුවන්නම්...අපේ රටෙත් ඉන්නේ මරු පොරවල්...:lol:

    Sirawata...:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kaputo

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බ්‍රෙසියරය හරි කමක් නැහැ දේශපාලනය ගාවගෙන මඩක් ගහන්න පුලුවන්නම්...අපේ රටෙත් ඉන්නේ මරු පොරවල්...:lol:



    :lol::lol::lol::lol:
    11.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බ්‍රෙසියරය හරි කමක් නැහැ දේශපාලනය ගාවගෙන මඩක් ගහන්න පුලුවන්නම්...අපේ රටෙත් ඉන්නේ මරු පොරවල්...:lol:
    පබයගෙ අනුගමිකයන්ට රිදිල. :lol::lol::lol:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    බ්‍රෙසියරය හරි කමක් නැහැ දේශපාලනය ගාවගෙන මඩක් ගහන්න පුලුවන්නම්...අපේ රටෙත් ඉන්නේ මරු පොරවල්...:lol:

    aneda kiyanne owanam monawada mahinda elewwane. :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    "මෙම තරුණිය විසින් සංකේතාත්මක ව පෙන්වා දුන්නේ යහපාලය යටතේ අප ජයග්‍රහණය කළේ මේ කාමවාදය බව ය."

    මරු ඩයල් ඉන්නේ :D...දළදා මාලිගාව නටපු ඉස්සරහ වෙසියෝ මොනවද දන්නේ නැහැ සංකේතාත්මකව පෙන්නලා දුන්නේ එතකොට...:lol::lol::rofl: ලංකාවේ ඉන්නේ පුදුම දේශපාලන අනාත සෙට් එකක්...මොකක් ම හරි කමක් නැහැ :yes: