බ්‍රේවික්‌...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "මම මිනිසුන් 77 ක්‌ මැරුවා කියා මා යක්‌ෂයෙක්‌ යෑයි කියනවානම් ජපානයට න්‍යෂ්ටික බෝම්බ දමා සිවිල් වැසියන් 300000 ක්‌ මැරූ ඇමරිකානුවන් යක්‌ෂයන් නොවේදැයි බ්‍රේවික්‌ ප්‍රශ්න කළේය.

    නෝර්වේ ඔස්‌ලෝහි අග්‍රාමාත්‍ය කාර්යාලය වාහන බෝම්බයකින් පිපිරවීම හා උටෝයා දූපතේ රජයේ තරුණ කඳවුරට හෙවත් යොවුන් කණ්‌ඩායමට වෙඩි තබා 76 ක්‌ ඝාතනය කළ ඇන්ඩර්සන් බ්‍රේවික්‌ තමා එකී ක්‍රියාදාමයන් සිදු කළේ මන්දැයි දැන් හෙළිකර ඇත. බ්‍රේවික්‌ මානසික රෝගියකු යෑයි පැවසූ නෝර්වේ මාධ්‍යවලට දැන් කටඋත්තර නැතිවී තිබේ.

    ඒ තමා එම බිහිසුණු ක්‍රියාදාමය කළේ නෝර්වේ රට ඉස්‌ලාමීය ආක්‍රමණයෙන් බේරාගැනීමට යෑයි විනාඩි 73 ක්‌ තිස්‌සේ පැවැත්වූ දේශනයෙනි. මම උටෝයා දූපතේ තරුණ පිරිසට වෙඩි තැබුවේ ඇයිදැයි ඔබලා මගෙන් අසයි. මම ඊට උත්තර දෙන්නම් උටෝයා දූපතේ රැස්‌වී සිටියේ තරුණ පිරිසක්‌ නොවෙයි. දේශපාලන ක්‍රියාකාරීන්. ඔවුන් නෝර්වීජියානු බහුතරය වෙනුවට බහු සංස්‌කෘතියක්‌ ඇති කිරීමට සාකච්ඡා කළා. අද නෝර්වේහි ඇතිවන තත්ත්වය අවාසනාවන්තයි. ඉස්‌ලාමීය කණ්‌ඩායම් බටහිරට පැමිණ අපේ ජනතාව කොල්ලකෑවා, කාන්තාවන්ට අතවර කළා ඊට ප්‍රතිවිපාක දැක්‌වූයේ නැහැ. සුළු වාර්ගිකයන් යයි දන්වා ඔවුන්ට ව්‍යාප්ත වීමට ඉඩහැරියා.

    අපි තවත් වසර තිහක්‌ හතලිහක්‌ බලා සිටියානම් නොර්වීජියානුවන් සුළු ජාතිකයන් වෙනවා. නෝර්වේ රජය ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරව රට බහුවාර්ගික රටක්‌ කළේ කෙසේද? එසේම ඇතැම් ඉස්‌ලාමීය බැතිමතුන් සමහර ප්‍රදේශවලට ස්‌වයංපාලනය ඉල්ලා සිටියා යෑයි හෙතෙම තවදුරටත් පළ කළේය.

    මුස්‌ලිම්වරු දැන් යුරෝපා නගරවලට සංක්‍රමණය වනවා. අපේ අය බහු සංස්‌කෘතිය යයි කියමින් බලා සිටිනවා. එහෙත් ඔහු සංස්‌කෘතිය යනු ස්‌වයංවිනාශයක්‌ යෑයි බ්‍රේවික්‌ සඳහන් කළේය. මම මේ ප්‍රහාර එල්ල කළේ නෝර්වේ රට විනාශ කිරීමට සැලසුම් කරන දේශපාලකයන් නිසයි. නෝර්වේ ජනතාවගේ අනන්‍යතාව රැකගැනීමට මට අවශ්‍ය වුණා. නෝර්වේ යනු නෝර්වීජියානු ජනතාවගේ රටක්‌ යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.
    http://www.divaina.com/2012/05/13/diyaga06.html