බාගේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මත්පැන් කාලේ බෝතලය සහ කුඩා පැකට් තහනම් කරන්න කටයුතු කරනවා වගේම ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මත්පැන් බාගේ බෝතලයද තහනම් කිරීමට පියවර ගන්නවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවකිදීය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
    ‘‘මත්පැන් කුඩා පැකට් වහාම තහනම් කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබාදීලා තියෙනවා.ඒ තුළින් විශාල පරිසර හානියක් සිදුවෙන නිසා එම තීන්දුව ගත්තේ.
    මත්පැන් කාල සඳහා අවශ්‍ය බෝතල් ලබාදීම සම්බන්ධයෙන් ඒ නිෂ්පාදකයෝ සමඟ සාකච්ජා කරලා තීරණයක් ගන්නවා.අපි ඒ අයට යෝජනා දෙකක් ගේනවා.
    ඒ අතරින් එකක් තමයි කාලේ බෝතල් අලෙවි කිරීමට කටයුතු කරන්නේ නම් නැවත ඒ සමාගම් විසින්ම එම බෝතල් මුදල් ලබාදීලා ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ කියන එක.එහෙම කරන්න බැරි නම් අපි අනිවාර්යෙන්ම කාලේ බෝතල් තහනම් කරනවා.
    මේ වන විටත් මට කට්ටිය බනිනවා කලේ බෝතල් තහනම් කිරීමට ගත්ත යෝජනාව සම්බන්ධයෙන්.බැන්නට කමක් නෑ.මත්පැන් නිෂ්පාදන සමාගම් විසඳුමකට එන්නේ නැතිනම් අනිවාර්යෙන්ම තහනම් කරනවා.
    ඒ වගේම නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන ජනතා හිතවාදී ඇතැම් කොමිසන් සභා ඉතිරිකර අනිත් සියල්ලෙහිම වෙනසක් සිදුවී තමයි 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සැකසෙන්නේ.
    කෙසේ නමුත් පූර්ණ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තමයි රජයේ මීළඟ පළමු කාර්ය බවට පත් වන්නේ‘‘ යැයිද අමාත්‍යවරයා පැවසීය.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එකනම් ඇත්තටම හොඳ වැඩක්. මොකද ගොඩාක් මිනිස්සු කාලකන්නි වෙලා තියෙන්නේ ඔය කාලේ බෝතල් අරගෙන බීලා.... මමනං කියන්නේ කාලේ බෝතල් සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. බාගේ බෝතල් තහනම් කරන එක නම් තේරුමක් නෑ.... බාගේ අරන් බොන මිනිස්සු ඇවිල්ලා භාග්‍යවන්තයෝ..... දැන් ඔය බාගේ බෝතල් තහනම් කලොත් බාගේ අරන් බොන එකාලත් බෝතලේ අරන් බීලා බෝධිසත්වයෝ වෙනවා. අන්තිමට ලංකාවේ බෝධිසත්වයෝ වැඩි වෙනවා.

    එල එල ඇමති තුමා. වෙල් ඩන්....
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    එකනම් ඇත්තටම හොඳ වැඩක්. මොකද ගොඩාක් මිනිස්සු කාලකන්නි වෙලා තියෙන්නේ ඔය කාලේ බෝතල් අරගෙන බීලා.... මමනං කියන්නේ කාලේ බෝතල් සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. බාගේ බෝතල් නම් තහනම් කරන එක නම් තේරුමක් නෑ.... බාගේ අරන් බොන මිනිස්සු ඇවිල්ලා භාග්‍යවන්තයෝ..... දැන් ඔය බාගේ බෝතල් තහනම් කලොත් බාගේ අරන් බොන එකාලත් බෝතලේ අරන් බීලා බෝධිසත්වයෝ වෙනවා. අන්තිමට ලංකාවේ බෝධිසත්වයෝ වැඩි වෙනවා.
    Dan umba hithanne bona eka bothale nogena innawa kiyala da? Meka surabadu ekata wadiyen ganna kramayak.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    වැඩේ මුන් කාලෙ බෝතල් බීල ගෙදර ගෙනියන්නෙ නැති එකනෙ..පාර දිගට දානවා..මොන හේතුවක් නිසා හෝ.. ලොකු බෝතල් එහෙම දානවා අඩුයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ එකෙක් හිටියා ලන්ච් බ්‍රේක් එකේ කාලක් ගහලා එන.

    ඒලෙවල් කරන කාලේ එකෙක් හිටියා කාලේ බෝතලයක් බෑග් එකේ දාං එන. ඌ ක්ලාස් යන්නේ ශොට් එකක් දාලා.🤣