බාමියන් බෞද්ධ ප්‍රතිමා විනාස කිරීමට සැලස

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බාමියන් බෞද්ධ ප්‍රතිමා විනාස කිරීමට සැලස

    බාමියන් බෙ‍ෟද්ධ ප්‍රතිමාව ගැන අහලා නැති කෙනෙක් නැතුව ඇති.. ක්‍රි.පු.544 තරම් ඈතට මේ ප්‍රතිමා වල ඉතිහාසය දිග හැරෙනවා. ඒත් දැන් මං කියන්න යන්නේ මේ බෞද්ධ ප්‍රතිම ගැන නම් නෙමෙයි. 2001 දී තලේබාන් ත්‍රස්ථවාදීන් මේ ප්‍රතිමා ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා.. මේ ඒ සැලසුමට උදව් කළ පුද්ගලයා නමින් මිර්සා හූසේන්..
    මේ ප්‍රහාරය එල්ල කරද්දී හූසේන්ට වයස අවුරුදු 26ක්. මීර්සා හුසේන් ජිවත් වුනේ බාමියන් වලමයි.. ඇග්ෆනිස්ථානයේ කාබුල් නුවර සිට උතුරු දෙසට වෙන්න කි.මි.230ක් පමණ ඈතින් තමයයි මේ බාමියන් ප්‍රදේශය පිහිටා තිබුනේ. ලෝව උසම බෞද්ධ ප්‍රතිමාවක් වන බාමියන් බෞද්ධ ප්‍රතිමා වැලිගල් වලින් සැදුනු පාෂාණය නිර්මාණය කර තිබුනි. තලේබාන් ඉස්ලාමීය සටන්කරුවන් මේ කාලය තුළ දී විශාල විනාසයක් සිදු කරමින් සිටියේය..බාමියන් බෞද්ධ ප්‍රතිමාව විනාස කෙරුවටත් පස්සේ ඇග්ෆනිස්ථානයේ ගෙවුනු කාලය තුළ විශාල ලෙස විනාශයක් සිදු වුනි.. ඒ මතකයන් අතර මීර්සා හූසේන්ගේ මතකයේ බාමියන් ප්‍රතිමාවේ විනාසය කෙරු මතකය තවමත් විදිහටම ඉතිරිව තිබිණි.. මන්ද එදා තලේබාන් නායකයන් මීර්සා හූසේන් හට ප්‍රතිමාව විනාස කර දැමීම සදහා අණ ලබා දී තිබිණි.
    "මුලින් ම වෙඩි තිබ්බා ප්‍රතිමාවට මෝටාර් පාවිච්චි කරලා" ඔහු කිව්වා.. " ඒත් සිදුවුනු හානිය අඩු නිසා එයාලා පිළිම පුපුරවන්න සැලසුම් කරා"
    හූසේන් කියන්නෙත් බාමියන් වල ජිවත් වුනු සමාන්‍ය වැසියෙක්.. සුන්නි මුස්ලිම් වරුන් සමග මාස ගානක් පැවැති යුධ ගැටුම් වලින් පස්සේ තමයි 1999 මැයි මාසේ විතර බාමියන් ප්‍රදේශය ෂියා මුස්ලිම්වරුන් අල්ල ගන්නේ. ඒ නිසා හූසේ්න් ෂියා මුස්ලිම්වරුන්ගේ සතුරෙකු බවටත් පත්ව සිටියා.. බොම්බ ප්‍රහාරය දියත් කරපු එක ගැන හූසේන් මතක් කරේ මේ විදිහට...
    "මමත් එක්ක සිරකරුවන් 25 දෙනෙකු සිටියා.." හුසේන් මතකය අවදි කරමින් කිව්වා.."එතන කාරුත් සිවිල් වැසියෝ හිටියේ නෑ. හිටිය හැම කෙනාම තලේබාන් සටන්කාමීන් නගරයේ හිටපු....ඔවුන් අපිව තෝර ගත්තා මොකද ඒකට වෙන කාරුවත් හිටියේ නෑ.. අපි සිරකරුවෝ, අපිව ඕනම වෙලාවක අත අරින්න ඕන විදිහටයි අපිට සැලකුවේ..." හූසේන් කියා තිබුනා.ප්‍රතිමාව විනාස කරන්න අවශ්‍ය කරන ආයුධ හා පුපුරවන ද්‍රව්‍ය ලෑස්ති කරලා තිබුනා.. පුපුරවන්න නියමිත වෙලා තිබුනේ බාමියන් ප්‍රතිමා පිහිටලා තිබුනු පැරැණි ගල් මාලිගාව. ඔවුන්ට මේ රාජකාරීය අවසන් කරන්න අවශ්‍ය තරම් පුපුරන ද්‍රව්‍ය තිබුනා මොකද ට්‍රක් රථයක් පුරවලා ගේනවා.. "ඒ ගෙනාපු බෝම්බයි පුපුරනව ද්‍රව්‍යයි අපි අපේ අත් වලින් ම අරගෙන ගියා, ලොකු බෝම්බේ පොල්ලකට බැදලා තිබුනේ අරන් යන්න ලේසි වෙන්න........" හුසේන් තව දුරටත් කියා සිටියා. එදා හරිම සීතල සුළගක් තිබුනේ අපි දිගටම වැඩ කරා. අපි කරපු දෙයින් කොයි වෙලාවේ හරි අපිට මරණය ගෙන දෙනවා කියලා අපි දැනගෙන හිටියා. මොකද ආරක්ෂකයන් බොත්තමක් වැරැදිලා හරි එබුවොත් අපිවත් එක්ක පුපුරලා යන්න තිබුනා.....


    19665277_112987862656563_3779438232763435932_n.jpg
    මං ඇස් දෙකෙන් ම දැක්ක සිදුවීමක් තිබුනා."එක සිරකරුවෙක් ඔහුගේ පාදය ආබාධයක් නිසා බෝම්බ පෙට්ටි අරන් යන්න බෑ කිව්වා, තලේබාන් සටන්කාමීයෙක් එක් වරම ඔහුගේ ගිණි අවියෙන් වෙඩි කිහිපයක් තිබ්බා, ඊට පස්සේ තව සිරකරුවෙකුට කිව්වා මිනිය අයින් කරන්න කියලා...." හූසේන් තමන්ගේ දුක්බර මතකය අවදි කලේ එලෙසින්ය.. බෝම්බ සියල්ල සවි කර අවසන් වුනා.. දැන් පුපුරවන අවස්ථාව ළගා වෙලායි තිබුනේ. ඒ වෙලාවේ දෙවියන් ට අපි යාඥා කරා " අල්ලාහූ අක්බර්" සියලු දෙනා එක හඩින් කිව්වා..." මහ පිපිරුමට පස්සේ, බෞද්ධ ප්‍රතිමාවේ දකින්නට ලැබුනේ දුවිලි වගේ ම වැලි වලාවන් විතරයි එතන තිබුනු අධිබැලැති පුපුරන ද්‍රව්‍ය සියල්ලම විනාස කර දමා තිබුනා" හූසේන් කියා සිටියේය.. හූසේන් කිව්ව විදිහට තලේබාන් නායකයාට අවශ්‍ය අන්දමට ප්‍රතිමාව විනාස කරන්න බැරි වුනාලු.. ප්‍රතිමාවේ මුහුණ පමණක් සම්පුර්ණයෙන් ම විනාස වුනා කකුල් දෙක පමණක් ඉතිරි වුනා.. ඔවුන් ප්‍රතිමාව විනාස කිරීම සැලසුම් කරලා තිබුනේ දවස් 25ක් පුරාවට.. ප්‍රතිමාව හිල් කරලා ඒවා ඇතුලට ඩයිනමයිට් පුරවලා තිබුනා.. පුපුරවා දැම්මත් ඒක සාර්ථක වෙලා නෑ හුසේන් කියා සිටියා...
    ඉතින් දැන් නැවත ප්‍රතිමා ප්‍රති-නිර්මාණය අරඹලා තියෙනවා ලෝකය පුරා ඇති රාජ්‍ය නොවන සංවිධාන හා බෞද්ධ සංවිධාන වල ආධාරත් එක්ක.. එදා සිරකරුවෙකු ලෙස මේ ප්‍රතිමාව විනාස කරන්න දායක වුනු මීර්සා හූසේන් අද මේ ප්‍රතිමාව නිර්මාණය කරන තැන නිර්මාණශිල්පියෙකු ලෙස වැඩ කරනවා.. මොකද එදා ඔහුට ජිවිතය වෙනුවෙන් ඒ දේ කරන්න සිද්ධ වුනා කියලා තිබුනා.
    " මගේ හිත හැම වෙලාව ගැන කණගාටුයි, මම තවමත් කණගාටු වෙනවා, මම තවමත් ඒ ගැන කණගාටුවට පත් වෙනවා" ඉතා දුක්ඛිත ලෙස මීර්සා හූසේන් කියා සිටියා. " එදා මම සටන්කාමීන්ගේ අණ පිලිපැද්දේ නැත්තම් උන් මාව මරනවා.. මට කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුනේ නෑ" හූසේන් කියා සිටියා.. ඉතින් අද ඔහු දැඩි උනන්දුවෙන් පිළිමය ප්‍රතිනිර්මාණයට දායක වෙලා ඉන්නවා කියලා වාර්තා වුනා...
    කොහොම වුනත් ඔහුගේ ජිවිතය එදා රැක ගන්නට මේ විනාසයට දායක වුනත් එදා කළ දේ මා දකින විදිහට නම් වැරැද්දක් නෙමෙයි.. නමුත් ඔහු අද මේ කරන ක්‍රියාව එය විශිෂ්ඨ සේවයක් ලෙස මම නම් හිතන්නේ..








    19601606_113000989321917_3068317188256651586_n.jpg


    කරුණු අන්තර්ජාලය ඇසුරිණි..
    /-Dilee SJ (සංජේ)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතින් ඔය පිලිමේ තිබුනා කියලා සින්හලුන්ට ඕකෙන් කන්න බොන්න හමබ වෙනදවද?සිංහලුන්ට බඩු මිල අඩු වෙනවද? සින්හලුන්ගේ උද්දමනය අඩු වෙනවද? එහෙම නැත්නම් සිංහලුන්ට කනිජ තෙල් පහල වෙනවද? අනුන්ගේ රටක තිබුන ගල් ගොඩක් උන් පුපුර ගත්තා කියලා මොකො ඔච්චර දුක.ඕක අපේ එකක් නෙවෙයි.උන්ගේ රට උන්ගේ රටේ උන් ඕන එකක් කරගනී.ඇෆ්ගනිස්තානේ මගුලක් අල්ලගෙන මෙහේ සහජීවනයට බාධා කරන්න එපා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :)ඕක පුපුරවලා උන්ට ලැබුන දේ මොකක්ද දන්නේ නැහැ.

    :yes::yes:ඔව් ඕක තිබුන කියලා අපිට ලැබෙන දෙකුත් නෑ.ඕක පිපිරුවා කියලා උන්ට ලැබුන දෙකුත් නෑ
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    නමුත් ඔහු අද මේ කරන ක්‍රියාව එය විශිෂ්ඨ සේවයක් ලෙස මම නම් හිතන්නේ..

    :yes:
     

    guranzz

    Member
    Feb 12, 2017
    124
    23
    0
    ඉතින් ඔය පිලිමේ තිබුනා කියලා සින්හලුන්ට ඕකෙන් කන්න බොන්න හමබ වෙනදවද?සිංහලුන්ට බඩු මිල අඩු වෙනවද? සින්හලුන්ගේ උද්දමනය අඩු වෙනවද? එහෙම නැත්නම් සිංහලුන්ට කනිජ තෙල් පහල වෙනවද? අනුන්ගේ රටක තිබුන ගල් ගොඩක් උන් පුපුර ගත්තා කියලා මොකො ඔච්චර දුක.ඕක අපේ එකක් නෙවෙයි.උන්ගේ රට උන්ගේ රටේ උන් ඕන එකක් කරගනී.ඇෆ්ගනිස්තානේ මගුලක් අල්ලගෙන මෙහේ සහජීවනයට බාධා කරන්න එපා

    anti-sodomy.gif
    anti-sodomy.gif
    anti-sodomy.gif


    Ramadankarim.jpg


    20040521-allah.jpg


    :yes: