බාර් එකේදි මේ බෙබ්ස්ලා 7දෙනා දැකලා තියෙනව&#350

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
බාර් එකේදි මේ බෙබ්ස්ලා 7දෙනා දැකලා තියෙනව&#350

1. ෂොට්ස් මැරතන්


BarPeople-01.jpg



මේ පොර කරන්නෙ ඉතිං බොන එකම තමයි. ඕනනං අතරින් පතර ටිකක් හිතයි. ෂැන්ඩිත් නැහැ. අයිස් එක්ක මස් කෑල්ලක් හප හප බොන එක තමයි පොර කරන්නෙ. යාළුවො හිටියොත් ලාවට කතා කළාට තනියම ඉන්නවනං ‍මේ පොර මැරතන් එකේම තමයි. බොයි. හිතයි… හිතයි… බොයි. ඔහොම පොරවල් නොබොන වෙලාවට විතරක් ආස්සරේ කරන එක හොඳයි. නැත්තං බීලාම ඉවරයක් නැති වෙනව.



2. දොළ ළඟ ගුරු පාර දිගේ


BarPeople-02.gif



මේ පොර ඉන්නෙ සෙට් ඇතුළෙ. දෙකක් දාන කොටම පදමට ඇවිල්ල සින්දුවක් මුමුණනන්න ගන්නව. තුන යනකොටම සින්දුව පටන් ගන්නව. බාර් කීපර්ලට මලවදේ මූ ගාවට සැරින් සැරේ ඇවිත් සද්දෙ අඩු කරන්න කියලම. ඒ වගේම කියන්නෙත් අමුතු සින්දු. අකුරු වලින්මයි මියුසික් එකත්. සිනහ පපා ටිකිරි නගා… කියලා ඊට පස්සෙ ටාර ටාර ටාර ටපර… ලාල ලාල ලාලලා… තමයි. පොර දිහා උනන්දුවෙන් බැ‍ලුවොත් ‍ පොර සින්දුවෙ සද්දෙ වැඩි කරනව. ඒ හින්ද බලන්නෙපා.



3. ඕක්ස්


BarPeople-03.jpg



ඕං කබරේස්.. පොර ඉතිං ආපු වෙලේ ඉඳන් බොනව. හොඳට කනව. කකා බොනව. අමාරුයි කියල දැනෙද්දි ටිකක් නවත්තල ආයිත් බොනව. එක පාරටම කැස්සත් එක්ක පැත්මෙ දුංහිඳ ඇල්ල ගලා යනවා. ඒ ඇල්ලෙ හපපු නැති ඉස්සො, පණ තියෙන කුකුල්ල ඉන්න ඉඩ තියෙනව. ඊට පස්සෙ මට වැඩි නෑ……. කියල ඇදලා කියනව. මේසෙ උඩයි, යාළුවොන්ගෙ සපත්තුවලයි වැටිච්ච කබ්බා පිහිදාන්න ගිහිං පොර බිම වැටෙනව. ආයිත් මට වැඩි නෑ…….. කියලා ඇදලා කියනවා. ඔයාව නොදන්නව වුනත් ඔයා ගාවටත් ඇවිල්ල මට වැඩි නැහැ කියන්න ඉඩ තියෙනවා. ඒ නිසා අතට අත නොදී ෂේප් වෙන්න දැනගන්න.



4. උඹලා දන්නවද?


BarPeople-04.jpg



මේ පොර තමයි ඉතිහාසඥයා. අරක්කු මුලිම්ම හැදිච්ච හැටි, මස් මුලිම්ම බාබකියු කරපු දවස. පොරගෙ තාත්තා බොද්දි කියන සින්දු. ඊයෙ පොර පොරගෙ ගෑනිට දාපු සද්දෙ. පොරගෙ බොසා පොරට හොඳ කියපු හැටි වගේ විවිධ විෂයන්වල ගොඩක් දේවල් මේ පොර කියනව. විශේෂෙ තමයි හැම එකකම මුලට උඹලා දන්නවද? කියලා අහන එක. මේකෙ අන්තෙටම ගිය පොරවල් තමං කියපු දේවල් ඇසුරෙන් යාළුවන්ගෙන් ප්‍රශ්නත් අහනව. මේ අස්සෙ මේ කැටගරියට වැටෙන සමහර පොරවල් ඉන්නව. ‍ දේශපාලනේ දන්න අය. ඕගොලොන්ගෙ මතය නොකියා ඉන්න තරමට මේ වෙලාවට ඇඟට ගුණයි. ඒ අස්සෙ තව මේ කැටගරියෙ වුන් ඉන්නව යුධ රහස් දන්න. ඔබාමා කාටද ගේම භාරදුන්නෙ? පුටින් වෙස්වලාගෙන සිරියාවෙ කරක් ගහපු හැටි ගැන පොර දන්නව.



5. කවුද බිවුවේ?


BarPeople-05.jpg



මේ පොර කියන විදියට නං මේ පොර තමයි හොඳටම බීලා තියෙන්නෙ. හැබැයි පොරට අනවශ්‍ය දේවල් මතකයි. ඒ තමයි කට්ටිය මේ වෙනකොට බීලා තියෙන ෂොට් ගාන. ඕක හැම එකාටම කිය කිය කට්ටියත් එක්ක වාදෙක පැටලිලා පොර වැඩිපුර බිවුවා කියන්න තමයි පොරට ඕන.



6. ටුවෙන්ටි ෆෝ සෙවන්


BarPeople-06.jpg



මේ ෂුවර් එකටම අංකල් කෙනෙක්. ඔයා බාර් එක අරින කොට ගියත්, වහන්න ලංවෙද්දි ගියත් දවල් ගියත් පොර මේකෙ ඉන්නව. ගොඩක් වෙලාවට තනියම. නැත්තං යාළුවෙක් එක්ක. බෙල්ල කඩා වැටෙන්න අැරල තමයි ඉන්නෙ. හැබැයි වේටර්ලවත් පොරගෙ ලඟින් යන්න බයයි. කියන කතන්දර අහං ඉන්න වෙන හින්දා. ඔයත් අයි කන්ටෑක්ට් සෙට් වෙන්න නොදී ඉන්න තරමට හොඳයි.



7. කවුද ඩෝ චන්ඩි


BarPeople-07.jpg



මේ පොර නං දෙවනි ෂොට් එකෙන් පස්සෙ ගහගන්න එකෙක් හොය හොය තමයි ඉන්නෙ. කවුරුහරි උඩ බලාගෙන ගියත් ඒක ඌට අනුව වැරැද්දක්. ඒ හින්ද මේ වගේ ගොං ඩයල් ගැන කනට ඇහිච්ච ගමං එහෙම එවුන් අතේ දුරින් ඉන්න එක තමයි හොඳ. දැන් කාලෙකට කලින් මේ විදියෙ ප්‍රසිද්ධ ඇමති පුත්තු හිටියලු. දැන් ඒ අය හොඳයිලු.





සලකලා යන්න ,ඉස්සුවේ aniwa.lk එකෙන්
 
Last edited:

blue_in_rio

Well-known member
  • පට්ටයි මචන්.අපිත් ඔය හැම ජාතියේම එවුන් එක්ක සෙට් වෙලා තියෙනවා.හැබැයි ඒ සැන්ඩි ටිකටයි බයිට් ටිකටයි වැඩේ දෙන්න. :baffled::baffled:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    rep iwarai bn ela

    පට්ටයි මචන්.අපිත් ඔය හැම ජාතියේම එවුන් එක්ක සෙට් වෙලා තියෙනවා.හැබැයි ඒ සැන්ඩි ටිකටයි බයිට් ටිකටයි වැඩේ දෙන්න. :baffled::baffled:




    shuthi onata
     
    • Like
    Reactions: sadharana kota
    May 10, 2012
    466
    122
    0
    255
    පොර දිහා උනන්දුවෙන් බැ‍ලුවොත් ‍ පොර සින්දුවෙ සද්දෙ වැඩි කරනව. ඒ හින්ද බලන්නෙපා.
    :yes::yes::yes::yes: