බාලචන්ද්රන් ප්රභාකරන්ගේ බාල පුතා
ලෙයින් පිසගෙන කිරිබත්
තලුමරා අනුභව කළ,
අධිවේගයෙන් ගැස්සුන
දෙමළ හෘදස්ඵන්දන
රතිඤ්ඤාවට කැටි කළ,
මානුෂික රටේ ජනයිනි,
මරණය ලාබ යුගයක වුව
සිඟිති සඳකට වෙඩි තැබු
විලස් දැක මහද නැවතුණි
ළපැටි මොළකැටි අතකට
විස්කෝතු දී කන්නට
බලා එල්ලය හරියට
ගිනි බින්දා ද හදකට
වෙඩි තිබ්බාද සඳකට
මින් මනත කිසි දිනෙක
කිසිවක් කිසිදාක
උපමා කළ හැකි ද සඳකට?
"බාල චන්ද්ර පටු නළල" ගැන
එමියුරු නදැති අමරස්වර
විඳිය හැකි වේද යළි කිසි දින?
කවියෙකු වන්ට පළමුව මිනිසෙකු බැවිනි මා මිත
ඇට සම් මස් නහර සිඳ, ඇට මිඳුළු තෙක් නිබඳ වේදනා දෙන
පුතු සෙනෙහෙ හද රැඳි මා ද පියෙකිය මා පුත!
තලුමරා අනුභව කළ,
අධිවේගයෙන් ගැස්සුන
දෙමළ හෘදස්ඵන්දන
රතිඤ්ඤාවට කැටි කළ,
මානුෂික රටේ ජනයිනි,
මරණය ලාබ යුගයක වුව
සිඟිති සඳකට වෙඩි තැබු
විලස් දැක මහද නැවතුණි
ළපැටි මොළකැටි අතකට
විස්කෝතු දී කන්නට
බලා එල්ලය හරියට
ගිනි බින්දා ද හදකට
වෙඩි තිබ්බාද සඳකට
මින් මනත කිසි දිනෙක
කිසිවක් කිසිදාක
උපමා කළ හැකි ද සඳකට?
"බාල චන්ද්ර පටු නළල" ගැන
එමියුරු නදැති අමරස්වර
විඳිය හැකි වේද යළි කිසි දින?
කවියෙකු වන්ට පළමුව මිනිසෙකු බැවිනි මා මිත
ඇට සම් මස් නහර සිඳ, ඇට මිඳුළු තෙක් නිබඳ වේදනා දෙන
පුතු සෙනෙහෙ හද රැඳි මා ද පියෙකිය මා පුත!
[19]
කොටියා ඇවිල්ලා හතර වටේට බෝම්බ තියල සිංහල, මුස්ලිම් පොඩි උන්ව කපනකොට කියන්න එකක් නැද්ද අය්යා ?
කියලා වැඩක් නෑ.....