බාලවයස්කාර සිසුන් පස් දෙනෙකු අපයෝජනය කළැයි මුත්තෙක් අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බාලවයස්කාර සිසුන් පස්දෙනෙකු අපයෝජනයට ලක් කළ බව කියන මුත්තණුවෙකු ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.64 හැවිරිදි සැකකරු පේරාදෙණිය, දොඩම්වල, ඉහළ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අවුරුදු 08-14 හැවිරිදි වියේ පසුවන
    බාලවයස්කාර සිසුන් අපයෝජනයට ලක් කරන පුද්ගලයකු සම්බන්ධයෙන්
    පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එහි ගොස් සිදු කළ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුගේ ග්‍රහණයට ලක්වූ බාලවයස්කාර සිසුන් පස්දෙනෙකු මේ වනවිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය සදහන් කරයි.දෙදරු පියෙකු වන සැකකරු මුත්තණුවෙකු බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුගේ එක් පුත්‍රයකු විසින් පවත්වාගෙන යනු ලබන කුකුළු කොටුවක මඩුවක පසුගිය වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වා මොහු විසින් දරුවන් අපයෝජනය කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.මොහු විසින් දරුවන් අපයෝජනය කිරීමෙන් අනතුරුව ඔවුන්ට සුළු සුළු ත්‍යාග ලබාදී අපයෝජන සිද්ධිය කිසිවෙකුටත් නොකියන ලෙසත්
    එසේ කියා තිබුණහොත් මරණ බවටත් සිසුන්ට තර්ජනය කර ඇති බවද හෙළිවී තිබේ.

    සිද්ධියට මුහුණදුන් සිසුන් පස්දෙනා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අනාවරණය වී ඇත්තේ ඉන් සිවුදෙනකු බර ලෙස අපයෝජනයට ලක්වී ඇති බවයි. සැකකරු විසින් මේ ආකාරයට තවත් සිසුන් අපයෝජනය කර ඇත්දැයි සෙවීමට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    ( ෂේන් සෙනෙවිරත්න)
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369

    කුකුළු කොටුවක මඩුවක
    Muslim
     
    Similar threads