දෙවන කොටස - බාලි වල බලන්න ඕනේම තැන්
බාලි වල සුන්දරතම තැන් හොයාගෙන යන ගමනේ මේ පටන් ගන්නේ දෙවනි කොටස.පලවෙනි කොටසින් බාලිවල පොඩි හැදින්වීමක් සහ බාලි වලට ගොඩබැම ගැන කතා කරා.පලවෙනි කොටස මිස් උනා නම් බලලා එන්න.බාලි සංචාරයක් කවදාවත් බාලි දූපතේ විතරක් ඇවිදලා සම්පූර්ණ වෙන්නේ නැ.බාලි සංචාරය කියලා කීවට ඒ බාලි සංචාරයට අයිති බාලි දූපත විතරක්ම නෙවෙයි.බාලි දුපත අවට තව දූපත් කීපයක් මේQ සවාරියට අයිතියි.ඉතින් මේ අනිත් දූපත් ගැන බලන්න කලින් ප්‍රමාණයෙන් විශාල දූපත වන බාලි දූපතේ ඇතුලේ මොනාද බලන්න තියෙන්නේ කියලා බලලා ඉමු.
Denpasar වලින් ගොඩබාන අපිට එදා රාත්‍රිය ගත කරලා පහුවෙනිදා උදේම බාලි දූපත ගවේශණය කරන්න පටන් ගන්න පුලුවන්.ඒ සදහා කාර් එකක් බයික් එකක් වගේ රෙන්ට් එකට අරන් ඒක අපිම අරගෙන තැන් බලන්න යන්නත් පුලුවන්.ඒ වගේම ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක් ගන්නත් පුලුවන්.ගොඩක් වෙලාවට මේ ඩ්‍රයිවර් ගයිඩ් කෙනෙක් විදියටත් උදව් සපයනවා.තැන් තැන් වලට ගියාම ඒ ඒ තැන් ගැන සියළු විස්තර ඒ මාර්ගයෙන් දැනගන්න පුලුවන්.හැබැයි මේ ක්‍රමය මිල අධිකයි.
ගේම අඩුම වියදමෙන් ගහන්න බලන් ඉන්න බහුතරයකට හරියන විසදුම ඉතින් බයික් එකක් රෙන්ට් එකට ගන්න එක.බයික් එකක් රෙන්ට් එකට ගන්නකොට ඉන්න සම්පූර්ණ දවස් ගානට ගන්න.දවසින් දවසට රෙන්ට් එකට ගන්න එපා.දවස් තුනක් ඉන්නවා නම් තුනටම රෙන්ට් එකට ගන්න.ඒකෙන් පොඩි වාසියකුත් වෙන්න පුලුවන්.උදාහරණයක් විදියට මාසෙකටම ගන්නවා නම් වෙන්නේ USD 45 ක් වගේ.ඒත් වෙනම ගන්නවා නම් ඊට වඩා එක හමාරක් වගේ ගෙවන්න වෙනවා.
ඔයා බාලි ගැන කලින් බලපු කෙනෙක් නම්,එහෙමත් නැත්නම් කලින් ගිය කෙනෙක් නම් පහල ලිස්ට් එකේ සමහර තැන් අඩුයි කියලා හිතෙන්න පුලුවන්.ඒකට හේතුව පහලින් ලිස්ට් කරලා තියෙන්නේ බාලි ප්‍රධාන දූපත ඇතුලේ තියෙන දේවල් විතරයි.ආසන්න දූපත් ගැන වෙනම කතා කරන නිසා මේකේ ඇතුලත් වෙන්නේ ප්‍රධාන දූපතේ තැන් ගැනම විතරයි.ඒ වගේම මේකෙදි දියඇලි ගැන සදහන් වෙන්නේ නැ.බාලි වල දියඇලි කියන්නේ වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්.
බාලි වල ඔයා යනවා නම් බලන්නම ඕනේ තැන් එකතු කරලා ඒවට යන්න ලේසි ක්‍රමත් එක්ක හදපු වීඩීයෝ එක පහලින් බලන්න.
Kuta
කූටා කියන්නේ බාලි දූපතේ දකුණු වෙරළේ සංචාරක ආකර්ශණය දිනාගත්ත වෙරළක්.ඒ වගේම බාලි වල මුලින්ම ඇති වුන සංචාරක කලාපයක් කියලා කියන්නත් පුලුවන්.ඉර බහින වෙලාවට හැන්දෑවක් ගත කරන්න වගේම රළ මත ලිස්සායැම පුරුදු වෙන්නත් නියම වෙරළක්.සංචාරකයන් පිරිලා ඉතිරිලා යන්න ඉඩ තියෙනවා High Season එකේ ගියොත්.Ulun Danu Temple
බාලි කීව ගමන් සමහර ඇඩ් වල එහෙම දැකලම ඇත්තේ මේ පන්සල.ටිකක් අමුතු හැඩයක් ගන්න කුලුණු හැඩයට ගන්න පන්සලක්.ඇත්තටම පන්සලක් කීවට මේක හින්දු ආගමික ස්ථානයක්.ඒ වගේම මේ ලගම පොඩි ජලාශයක් පිහිටලා තියෙනවා.ඒක තමයි Bratan විල.ලස්සන ෆොටෝස් ටිකක් ගන්න නම් යන්නම ඕනේ තැනක්.Treetop Adventure Park
බාලි වල තියෙන ලංකාවෙන් යන ගොඩක් අයට මගහැරෙන තැනක්.මේක ඉන්දුනීසියාවේ ජාතික උද්‍යානයක්.විශේෂත්වය තමයි සියළුම ක්‍රියාකාරකම් හදලා තියෙන්නේ ගස් උඩ.ගස් උඩ අට්ටාල අතුරේ යනවා වගේ ලණු දිගේ යන්න වගේ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා නමේ හැටියටම වැඩ තියෙනවා.
Ubud
බාලි වල මැදට වෙන්න තියෙන තරමක් උස් ප්‍රදේශයක්.හෙල්මලු ක්‍රමයට වගා කරපු කුඹුරු වගේම දියඇලි බලන්නත් නියම පැත්ත.ඒ වගේම Night Life එකටත් හොදයි.දවසක් දෙකක් වගේ ගතකරන්න බලන් යන්න ඕනේ ගමනක්.Padang Bai
මුහුදේ කිමිදෙන්න ආසා අය අතර ගොඩම ප්‍රසිද්ධ ප්‍රදේශයක් තමයි මේ. Blue Lagoon සහ Tugel කියන වෙරළවල් දෙක ඒ අතරින් ගොඩක්ම ආසන්නයේ තියෙන සුන්දර වෙරළ දෙකක්.කොරළ්පර අතරින් මුහුදේ ලස්ස්සන හොයාගෙන යන අයට ගැලපෙනම කොටස බාලි දූපතේ.Tanah Lot Temple
සීනිගම ගිහින් තියෙන්නේ කවුද ? හරියටම සීනිගම වගේ.ගොඩබිම ඉදන් පොඩි දුරකින් තියෙන කොරල් දූපතක් සහ ඒ දූපතේ තියෙන ආගමික ස්ථානයක්.ෆොටොස් වලට ඉතින්...ආයේ අහන්න දෙයක් නැනේ.Amed snorkeling
Snorkeling කරන්න සුදුසුම තැනක්.කරලා තියෙන අය දන්නවනේ ඒකේ ආතල් එක.
Monkey Forest
මේක තියෙන්නේ Ubud වල.වදුරන්ගේ රජධහනක්.ඇති තරම් වදුරො ඉන්නවා බලන්න.පොඩි පොඩි ක්‍රියාකාරකම් කීපෙකුත් කරන්න අවස්ථාව තියෙනවා.ෆොටෝ ගන්න දවස නිදහසේ ගත කරන්න නියම තැනක්.ඒ වගේම වදුරන් එක්ක ඇසට ඇස බලන්න එපා කියලා දැනුවත් කරනවා යන හැමකෙනෙක්වම .වදුරන්ගෙන් කරදරයක් උනත් වෙන්න පුලුවන් ඉතින්.ගෙවල් පැත්තේ වදුරෝ ඉන්න සෙට් එක දන්නවනේ සතපහකට ශුවර් නැ සතාව.Tirta Empul
හින්දු ආගමික ස්ථානයක්.විශාල නාන තටාකයක් තියෙනවා.ඒ ජලයෙන් නැවම විශබීජ සහ ලෙඩදුක් සුවවෙනවා කියලා විශ්වාසයක් මේ ජනතාව අතර තියෙනවා.යනවා නම් නාන්න බලන් යන්න.හරියට උණුවතුර ලිං බලන්න ගියා වගේ තමයි.Uluwatu Temple
ඉර බහින හැන්දැවක ලස්සන දර්ශනයක් බලන්න පුලුවන් තැනක්.වෙරළ අද්දර බැවුමක පිහිටලා තියෙන තවත් ආගමික ස්ථානයක්.ගොඩක් ප්‍රසිද්ධයි.යනවා නම් හවස 4ට වගේ මෙතනට යන්න.තැනක් අල්ලගන්න තමා ඉතින් කලින් යන්න වෙන්නේ.නිදහසේ ෆොටෝ ටික ගන්න නම්.Batur කන්ද නගිමු
කදු නගින අයට සුභ ආරංචියක්.මුහුදු මට්ටමේ ඉදන් අඩි 1710ක් උඩට යන්න මේ ගිනිකන්ද නගින අයට පුලුවන් වෙනවා.නිකන් කන්දක් නෙවේ ගිනි කන්දක්.පාන්දර 4ට වගේ තමා ගමන පටන් ගන්න ඕනේ.එක්දින ගමනක්.කන්ද උඩටම නැගලා ඉර උදාව බලන එක ගොඩක් ලස්සනයි කියලා තමා කියන්නේ.White water rafting - Ayung River
අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.කරලා බලන්නයි තියෙන්නේ.කිතුල්ගල කරපු අය ඉන්නවා නම් දන්නවනේ ඒකේ ක්‍රමය.ඊට වඩා පොඩ්ඩක් මේක දරුණුයි කියලා තමා කියවෙන්නේ.Wreck diving - Tulamben
බාලි මුහුද ආසන්නයේ ගිලුණු නැව් සහ පුරාණ තොරතුරු හොයන් මුහුදේ කිමිදෙන කෙනෙක් නම් යන්න ඕනේම තැන තමයි මේ.ලංකාවේBali Marine and Safari Park
බාලි වල ඉන්න කොටි සහ තවත් සතුන් ගොඩක් බලන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක්.Canggu Beach
පලවෙනි කොටසෙදි කීව වගේම Changgu කියන්නේ යන්නම ඕනේ බීච් එකක්.Seminyak
මේ තමයි බාලි වල පාටි නගරය.බාර් ස්පා නයිට් ක්ලබ් වගේ තව ගොඩක් දේවල් .නොනිදන නගරයක්.Handara Gate
බාලි සංචාරක දැන්වීම් වල දැකලා ඇති මේ ෆොටෝ ඒකත්.උස ගේට්ටුවක් වගේ පසුබිමක් තියෙන පටු තීරයක්.ඇත්තටම මේවා ෆොටොස් වලට නියම තැන්.මිස් කරගන්න එපා .උදේම යන්න පුලුවන් තරමට ලේසි.
බාලි දූපතේ තියෙන සියළුන දියඇලි සහ අවට දූපත් වල තියෙන සේරම තැන් අයින් කරලා බාලි දූපතේ තියෙන තැන් වලින් හොදම 16ක් ඒ විදියට පොඩි විස්තරයකුත් එක්ක පලකරේ කැමති අයට හොයලා බලලා යන්න ලේසි වෙන්න.මීටවඩා තැන් තියෙනවා ඇත්තටම.සුද්දන්ට මැජික් වගේ වෙන කුඹුරු යායවල් වගේ මේකේ එකතු කරේ නැ.හේතුව අපි ලංකාවේ අය විදියට පිටරට ගිහින් කුඹුරු බලන්න වැඩි උනන්දුවක් දක්වන එකක් නැතිවෙයි කියලා.
Video Ekath balanna

(city wala nemei harida,oya gam athulata wenna thiyena elawal,dolawal wala ehema)