බිමල් නොකියන ගල් අගුරු හොරකමේ ඇත්ත කතාව .
1- දඩ ගැසුවේ පළමු ගල් අගුරු නැවට පමණකි .
2- පළමු ගල් අගුරු නැවට ගසන ලද දඩය ගෙවීම සැපයුම් සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත .
3- පළමු නැව සහ දෙවන නැව ලබාදුන් ගල් අගුරු බාල බව දැනගත් වහාම ගිවිසුම අවලංගු කල හැකිව තිබිණ . කලේ නැත .
4- නැව් 13 ම ප්‍රමාදය . නැව් 2 ක් ප්‍රමාද වනවිටම ගිවිසුම අවලංගු කල හැකිව තිබිණ . කලේ නැත .
5- ජනවාරි මුල් සතියේ දි , අවලංගු කිරීමේ තීරණය ගත්තේ නම් , විකල්ප සැපයුම් කරුවන් තෝරා ගැනීම එම අවස්ථාවේදීම [ජනවාරි දෙවන සතිය] කරන ක්‍රමය ටෙන්ඩරයේම ඇත . එය කලේ නැත .
6- 2025 අප්‍රියෙල් දැමියයුතු ටෙන්ඩරය , 2025 අගෝස්තු 16 තෙක් ප්‍රමාද කිරීම සහ ඉන්පසු ව්‍යාජ ඉක්මනක් මවා පෑම ඇමති ජයකොඩි කල තක්කඩි වැඩකි .
7- ඇමති, රුසියාවේදී 2025.10.15 දින රහසිගතව ටෙන්ඩර්කරු මුනගැසීම දුෂණයක ලකුණකි .
8- රටට වඩා ගල් අගුරු සපයන Trident champer සමාගමට ආදරය කරන බිමල් වැනි ඇමතිවරු ගැන තීරනය පුරවැසියන් අතය.