බාල පෙම මුහුදේ
බාල පෙම මුහුදේ
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
පෙම් සබඳතාවයට දෙමාපියන් සිය විරෝධය පළකිරීම නිසා බාල වයස්‌කාර පෙම් යුවළක් පෙරේදා (11 දා) පයාගල දියලගොඩ ප්‍රදේශයේදී මුහුදට පැන ඇති අතර එහිදී 13 හැවිරිදි දැරිය මරුමුවට පත්වී තිබේ. 15 හැවිරිදි දරුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මරුමුවට පත්වී ඇත්තේ මග්ගොන නිර්මලවත්තේ පදිංචිව සිටි ශිෂ්‍යාවකි.
මෙම මරණය පිළිබඳව සැකයක් ඇතැයි ඇයගේ දෙමාපියෝ පොලිසියට ප්‍රකාශ කිරීම නිසා මෙම මරණය පිළිබඳ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් නාමල් පෙරේරා මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බව පයාගල පොලිසියේ ප්‍රකාශකයෙක් කීය.