බා(ර්)බේරියන් සිංහයා!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    බා(ර්)බේරියන් සිංහයා!

    සිංහයෝ ගැන අහලා තිබුනට​, ඔයාලගෙන් කීදෙනෙක් අහලා තියෙනවද Barbary lion, එහෙම නැත්තම් Atlas lion ගැන​? :eek::yes::yes:

    barbarylion.jpg


    'Panthera leo leo' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙයාලා සිංහයන්ගෙ උපවිශේෂයක්ලු. :yes::yes:

    මොරොක්කෝව, ඊජිප්තුව ඇතුලත්ව උතුරු අප්‍රිකාව තමයි මෙයාලගෙ වාසභූමිය වෙලා තිබිලා තියෙන්නෙ. 'තිබිලා තියෙන්නෙ' කියලා කිව්වෙ මෙයාලා තව දුරටත් මේ මහ පොළොව මත නැති නිසයි. 20 වෙනි ශතවර්‍ෂයේදි මෙයාලා වඳ වෙලා ගිහිල්ලා.. :(:(

    barbarylion4.jpg


    සිංහ පවුලේ බරම සහ ලොකුම උපවිශේෂය විදිහට සළකන මෙයාලගෙ පිරිමි සතෙක්ගෙ බර කි.ග්‍රෑ. 190 සිට කි.ග්‍රෑ. 275 සහ ගැහැනු සතෙක්ගෙ බර කි.ග්‍රෑ. 150 සිට කි.ග්‍රෑ. 190 දක්වා වුනා කියලැයි ගනන් බලලා තියෙන්නෙ.:nerd:

    උස පිරිමි සතෙක්ගෙ මීට(ර්) 2.7 සිට මීට(ර්) 3.4 දක්වාත්, ගැහැනු සතෙක්ගෙ මීට(ර්) 2.1 සිට මීට(ර්) 2.7 දක්වාත් අගයක් අරන් තිබිලා තියෙනවා. ඒ කියන්නෙ පිරිමි අඩි 11 විතර උස පිරිමි සත්තු ඉදලා තියෙනවා..:shocked::shocked::yes:

    barbarylion2.jpg


    අනිත් සාමාන්‍ය සිංහයන් රංචු වස්ශයෙන් ජීවත් උනත් මේ 'Kings of the beast'ලා ඉදලා තියෙන්නෙ තනි තනිව​. කළාතුරකින් යුගළ වස්ශයෙනුත් ඉදලා තියෙනවා..

    barbarylion3.jpg


    ගැහැනු සතුන් ඔවුන්ගෙ පැටවුන් වැඩි වියට එනකන් රැක බලාගෙන ඉදලා(ආසන්න වස්ශයෙන් අවුරුදු 2ක් පමණ​), ඔවුන්ගෙන් වෙන් වෙනවලු..

    රෝමානුවන් Coliseum වල Gladiatorsලා එක්ක සටන් කරන්නත් මෙයාලව යොදවලා තියෙනවා.

    1986යේ විතර​ London Zoo එකේ 'Sultan' කියලා ප්‍රසිද්ධ මේ ජාතියේ සිංහයෙක් ඉදලා තියෙනවා. පල්ළෙහා දාලා තියෙන්නෙ එයාගෙ රූපයක්.

    sultano.jpg


    Barbary lion මුලින්ම Tripoli වලින් වඳ වෙලා තියෙනවා 1700දි. පසුව 1891දි Tunisia වලිනුත්, 1899දි Algeria වලිනුත් වඳ වෙලා ගිහින් තියෙනවා. නිඳැල්ලේ විසූ අවසන් Barbary lionවත් 1922දි Moroccoවෙ Atlas Mountainහිදී වෙඩි තියලා මරලා දාලා තියෙනවා ඒ කාලේ ඉදපු අයියලා.:frown::frown:






    උපුටා ගැනීම: Wikipedia
     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    me wage watina saththunta wena de gana nam harima dukai.. genetics pawichchi karala hari me sattun wa nawata hadaganna puluwannam kochchara deyakda.. rep+
     
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    me wage watina saththunta wena de gana nam harima dukai.. genetics pawichchi karala hari me sattun wa nawata hadaganna puluwannam kochchara deyakda.. rep+

    :(:(
    Ow... eaka gena nam godak dukai. meyalath mea maha polowe jivath viya yuthuma kotasak..
    kawada hari dawasaka ea kramen hari meyalawa newatha deka ganna lebei kiyala hithanawa..
    :)