බැංකු ජීවිත කතා වස්තුව
බැංකු ජීවිත කථා වස්තුව....


ටයි පටිය දමාගෙන අත් දිගට නවනවා
නුවරඑළි සීතලේ හරි සැපට ඉන්නවා
හරියටම තුන වෙද්දි යකඩ දොර වහනවා
අම්මෙ මම ලොකුවෙලා බැංකුවට බැඳෙනවා
පුංචි කාලේ දුටුව සුබ සිහින සැබෑ වේ
ඒ ලෙවල් එස් තුනෙන් රැකියාව උරුම වේ
දුටුව ඒ සිහින ලොව සතිදෙකෙන් නිමා වේ
සිතූ ලෙස සොඳුරුනැති ජොබක් බව පසක් වේ
ඇඟිලි නිය ගෙවෙනතුරු මොණරකොළ ගණිනවා
පොළදාට පඩිදාට කෑම මඟ ඇරෙනවා
බැලන්සිං කරන කම් පපුවෙ ගිනි දැවෙනවා
එකක් හරි අඩුවුණොත් පඩියෙනුත් කැපෙනවා
එකවුන්ට්ස් ඕපනිං එකේ හවස කුණු අදිනවා
හැමදාම නිම නොවෙන පෙන්ඩිනුත් තියෙනවා
පොඩ්ඩ වරදින්න බෑ මැනේජර දෙසනවා
මැනේජර නිහඬ දා කස්ටමර් රඟනවා
ලෝන් ඕඩී ලීස් ෆයිල් ඇද අරින්නයි
බෙල්ලෙපොට යවාගෙන ප්‍රොපෝසල් හදන්නයි
"රත්තරං අපේ සර්" එහෙව් විට කියන්නයි
චෙක් එකක් නොගෙව්වම බලු බැණුම් අහන්නයි
ප්‍රමෝෂන් කැම්පේන් සති අගට වැටෙනවා
ක්‍රොස් සෙලිං කැන්වසිං දවස රන් කරනවා
ගල් වෙච්ච අයිරාව මන්ත් එන්ඩ් කඩනවා
බෑංකින් විභාගෙට බාලගිරි හැදෙනවා
වෙන්දේසි කිට්ටුවදි රත්තරං මනිනවා
රත්තරං තරම් හැඩ නැති කඳුළු දකිනවා
ඒ කඳුළු ගින්දරට හිත කීරි ගැහෙනවා
හිතේ ගිනි කළු ගැහුණු දෙතොලගින් පිඹිනවා
කස්ටමර් තමයි king කියා වැඩ කරනවා
වෙලාවට අනේ උං නොදෝking හිතෙනවා
ගත්ත ණය ගෙවන්නැති එවුන් ළඟ යදිනවා
අපි ගහන මැච්වලින් වෙනඑවුන් දිනනවා
අපේ අදහස් අරන් සිටුවරුන් හැදෙනවා
සිව් රෝද විමානෙන් උන් යසට වඩිනවා
ලීස්වල වාරිකෙත් ඕඩි කර කපනවා
පාන්දර බස් එකේ අපි වැඩට අදිනවා
යන්තරේ ඒසීත් දැං සැරට දැනෙනවා
ප්‍රෙෂර් පෙති ෂුගර් පෙති තිස්පහෙන් ගිලිනවා
ස්ට්‍රෙස් එකට ගෑස්ට්‍රික් කරුම ලෙඩ හැදෙනවා
රා බඩයි තට්ටයයි උරුම බව හිතෙනවා
කවුන්ටරයෙන් එහා ලෝකයක් තියෙනවා
වැඩ ඇරෙන වෙලාවට ඒ ලෝකෙ නිදනවා
සිකුරාද හවස්වන තුරු ඇඟිලි ගණිනවා
එදා බොන මල් පැණිය සතියටම වදිනවා
බැංකු ජීවිත කථා වස්තුව....
ටයි පටිය දමාගෙන අත් දිගට නවනවා
නුවරඑළි සීතලේ හරි සැපට ඉන්නවා
හරියටම තුන වෙද්දි යකඩ දොර වහනවා
අම්මෙ මම ලොකුවෙලා බැංකුවට බැඳෙනවා
පුංචි කාලේ දුටුව සුබ සිහින සැබෑ වේ
ඒ ලෙවල් එස් තුනෙන් රැකියාව උරුම වේ
දුටුව ඒ සිහින ලොව සතිදෙකෙන් නිමා වේ
සිතූ ලෙස සොඳුරුනැති ජොබක් බව පසක් වේ
ඇඟිලි නිය ගෙවෙනතුරු මොණරකොළ ගණිනවා
පොළදාට පඩිදාට කෑම මඟ ඇරෙනවා
බැලන්සිං කරන කම් පපුවෙ ගිනි දැවෙනවා
එකක් හරි අඩුවුණොත් පඩියෙනුත් කැපෙනවා
එකවුන්ට්ස් ඕපනිං එකේ හවස කුණු අදිනවා
හැමදාම නිම නොවෙන පෙන්ඩිනුත් තියෙනවා
පොඩ්ඩ වරදින්න බෑ මැනේජර දෙසනවා
මැනේජර නිහඬ දා කස්ටමර් රඟනවා
ලෝන් ඕඩී ලීස් ෆයිල් ඇද අරින්නයි
බෙල්ලෙපොට යවාගෙන ප්‍රොපෝසල් හදන්නයි
"රත්තරං අපේ සර්" එහෙව් විට කියන්නයි
චෙක් එකක් නොගෙව්වම බලු බැණුම් අහන්නයි
ප්‍රමෝෂන් කැම්පේන් සති අගට වැටෙනවා
ක්‍රොස් සෙලිං කැන්වසිං දවස රන් කරනවා
ගල් වෙච්ච අයිරාව මන්ත් එන්ඩ් කඩනවා
බෑංකින් විභාගෙට බාලගිරි හැදෙනවා
වෙන්දේසි කිට්ටුවදි රත්තරං මනිනවා
රත්තරං තරම් හැඩ නැති කඳුළු දකිනවා
ඒ කඳුළු ගින්දරට හිත කීරි ගැහෙනවා
හිතේ ගිනි කළු ගැහුණු දෙතොලගින් පිඹිනවා
කස්ටමර් තමයි king කියා වැඩ කරනවා
වෙලාවට අනේ උං නොදෝking හිතෙනවා
ගත්ත ණය ගෙවන්නැති එවුන් ළඟ යදිනවා
අපි ගහන මැච්වලින් වෙනඑවුන් දිනනවා
අපේ අදහස් අරන් සිටුවරුන් හැදෙනවා
සිව් රෝද විමානෙන් උන් යසට වඩිනවා
ලීස්වල වාරිකෙත් ඕඩි කර කපනවා
පාන්දර බස් එකේ අපි වැඩට අදිනවා
යන්තරේ ඒසීත් දැං සැරට දැනෙනවා
ප්‍රෙෂර් පෙති ෂුගර් පෙති තිස්පහෙන් ගිලිනවා
ස්ට්‍රෙස් එකට ගෑස්ට්‍රික් කරුම ලෙඩ හැදෙනවා
රා බඩයි තට්ටයයි උරුම බව හිතෙනවා
කවුන්ටරයෙන් එහා ලෝකයක් තියෙනවා
වැඩ ඇරෙන වෙලාවට ඒ ලෝකෙ නිදනවා
සිකුරාද හවස්වන තුරු ඇඟිලි ගණිනවා
එදා බොන මල් පැණිය සතියටම වදිනවා








