බැංකු ජීවිත කතා වස්තුව

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බැංකු ජීවිත කතා වස්තුව

    බැංකු ජීවිත කථා වස්තුව.... 😂😭😍

    ටයි පටිය දමාගෙන අත් දිගට නවනවා
    නුවරඑළි සීතලේ හරි සැපට ඉන්නවා
    හරියටම තුන වෙද්දි යකඩ දොර වහනවා
    අම්මෙ මම ලොකුවෙලා බැංකුවට බැඳෙනවා

    පුංචි කාලේ දුටුව සුබ සිහින සැබෑ වේ
    ඒ ලෙවල් එස් තුනෙන් රැකියාව උරුම වේ
    දුටුව ඒ සිහින ලොව සතිදෙකෙන් නිමා වේ
    සිතූ ලෙස සොඳුරුනැති ජොබක් බව පසක් වේ

    ඇඟිලි නිය ගෙවෙනතුරු මොණරකොළ ගණිනවා
    පොළදාට පඩිදාට කෑම මඟ ඇරෙනවා
    බැලන්සිං කරන කම් පපුවෙ ගිනි දැවෙනවා
    එකක් හරි අඩුවුණොත් පඩියෙනුත් කැපෙනවා

    එකවුන්ට්ස් ඕපනිං එකේ හවස කුණු අදිනවා
    හැමදාම නිම නොවෙන පෙන්ඩිනුත් තියෙනවා
    පොඩ්ඩ වරදින්න බෑ මැනේජර දෙසනවා
    මැනේජර නිහඬ දා කස්ටමර් රඟනවා

    ලෝන් ඕඩී ලීස් ෆයිල් ඇද අරින්නයි
    බෙල්ලෙපොට යවාගෙන ප්‍රොපෝසල් හදන්නයි
    "රත්තරං අපේ සර්" එහෙව් විට කියන්නයි
    චෙක් එකක් නොගෙව්වම බලු බැණුම් අහන්නයි

    ප්‍රමෝෂන් කැම්පේන් සති අගට වැටෙනවා
    ක්‍රොස් සෙලිං කැන්වසිං දවස රන් කරනවා
    ගල් වෙච්ච අයිරාව මන්ත් එන්ඩ් කඩනවා
    බෑංකින් විභාගෙට බාලගිරි හැදෙනවා

    වෙන්දේසි කිට්ටුවදි රත්තරං මනිනවා
    රත්තරං තරම් හැඩ නැති කඳුළු දකිනවා
    ඒ කඳුළු ගින්දරට හිත කීරි ගැහෙනවා
    හිතේ ගිනි කළු ගැහුණු දෙතොලගින් පිඹිනවා

    කස්ටමර් තමයි king කියා වැඩ කරනවා
    වෙලාවට අනේ උං නොදෝking හිතෙනවා
    ගත්ත ණය ගෙවන්නැති එවුන් ළඟ යදිනවා
    අපි ගහන මැච්වලින් වෙනඑවුන් දිනනවා

    අපේ අදහස් අරන් සිටුවරුන් හැදෙනවා
    සිව් රෝද විමානෙන් උන් යසට වඩිනවා
    ලීස්වල වාරිකෙත් ඕඩි කර කපනවා
    පාන්දර බස් එකේ අපි වැඩට අදිනවා

    යන්තරේ ඒසීත් දැං සැරට දැනෙනවා
    ප්‍රෙෂර් පෙති ෂුගර් පෙති තිස්පහෙන් ගිලිනවා
    ස්ට්‍රෙස් එකට ගෑස්ට්‍රික් කරුම ලෙඩ හැදෙනවා
    රා බඩයි තට්ටයයි උරුම බව හිතෙනවා

    කවුන්ටරයෙන් එහා ලෝකයක් තියෙනවා
    වැඩ ඇරෙන වෙලාවට ඒ ලෝකෙ නිදනවා
    සිකුරාද හවස්වන තුරු ඇඟිලි ගණිනවා
    එදා බොන මල් පැණිය සතියටම වදිනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කස්ටමර් තමයි king කියා වැඩ කරනවා
    වෙලාවට අනේ උං නොදෝking හිතෙනවා

    meka nam hari සමහරක් මෝඩයෝ ඔක්කොම දන්නවා වගේ වැඩ කරන ඒවුනත් උගන්නන එනවා නෙ, යමක් තියෙන බුද්ධියක් තියෙන අවුන් පාඩුවේ වෙදගත් විදිහට හැසිරෙද්දී හිස් බොල් මෝඩයෝ උඩ පණ පැන රගනවා :angry::angry::angry:
     
    • Like
    Reactions: HypermaD2

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    banku 3 ta vahuwata staff eke aya 5 withara wenakan innawa neda? 3n passe eyala mona wage wadada krnne?
     
    • Like
    Reactions: HypermaD2

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගොඩක් රැකියා වල ඇත්ත ඕක තමයි.
    පිටින් පේනවා වගේ සුන්දර නෑ. :)
     
    • Like
    Reactions: HypermaD2

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කස්ටමර් තමයි king කියා වැඩ කරනවා
    වෙලාවට අනේ උං නොදෝking හිතෙනවා

    meka nam hari සමහරක් මෝඩයෝ ඔක්කොම දන්නවා වගේ වැඩ කරන ඒවුනත් උගන්නන එනවා නෙ, යමක් තියෙන බුද්ධියක් තියෙන අවුන් පාඩුවේ වෙදගත් විදිහට හැසිරෙද්දී හිස් බොල් මෝඩයෝ උඩ පණ පැන රගනවා :angry::angry::angry:

    :yes::yes::yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    banku 3 ta vahuwata staff eke aya 5 withara wenakan innawa neda? 3n passe eyala mona wage wadada krnne?

    දවසෙ කරපු ගනුදෙනු හෙඩ් ඔෆිස් එක අප්ඩේට් කරනව

    ලොන් නම් ඒවගෙ වැඩ...

    තව ඇති.. :)
     
    • Like
    Reactions: anchor14

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩේ.. නිකමටවත් හිතුවේ නෑනේ ඔහොම ප්‍රෙෂර් එකක් ගැන..:dull:
    පට්ට..:D

    +Rep​

    මම හිතුවෙත් නෑ.. කෙල්ල බෑන්ක් යනකන්
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩෝ ඒ උනාට නිවාඩු තියෙනවනේ බන්..

    උඹලට බැංකුවෙ රියල් ආතල් එක නෑනෙ..
    උඹලට තියෙන්නෙ මේ වැඩ නෙමෙනෙ..:P