උත්තර දාපු හැමෝටම තුති
මම දැනගත්ත විස්තර මේවා
සාමාන්‍යයෙන් ජේශ්ට පුරවැසි තැම්පතු සදහා බැංකුවෙන් ගෙවන්නේ සාමාන්‍ය තැම්පතු වලට වඩා 1-2% විතර වැඩියෙන් නමුත් මහබැංකුව විසින් ඊට වඩා වැඩි පොලි අනුපාතයක් සදහා අඩුව ගෙවන බවට වෙන සහතිකය මත බැංකු වැඩි පොලි අනුපාතයක් සදහා දැනට ගෙවීම් කරනු ලබනවා.
(මහබැංකුවෙන් මේ දක්වා බැංකු වලට අර වැඩි වුන පොලිය වෙනුවෙන් ගෙවීම් කරලා නෑලු)
මේ වැඩිහිටි තැම්පතු පොලිය 15% කරේ මහින්ද මහතා ජනපතිව සිටියදී ඒක දේශපාලනික තීරණයක් එම තීරණය පහුගිය ආණ්ඩුව ඉදිරියට ගෙන ගියා අද දක්වා එම තීරණය ක්‍රියාත්මකයි.
බොහෝ දුරට මේ පොලි අනුපාත වෙනසක් වෙන එකක් නැහැ කියලයි වැඩි දෙනෙක් කියන්නේ මොකද මේ අනුපාතය යටතේ එක්කෙනෙකුට උපරිම ලක්ෂ 15ක් පමණයි දාන්න පුළුවන් එකත් අවුරුදු පතා අලුත් කරන්න ඕනේ.
නමුත් සාමාන්‍ය ස්ථිර තැම්පතු සදහා ගෙවන පොලි අනුපාත අඩුවීම නිසා බොහෝ දෙනෙක් වැඩිහිටියෙක් හොයාගෙන මේ වැඩිහිටි ස්ථිර තැම්පතු වැඩි ප්‍රමාණයක් කෙටි කාලයක් තුල දාන්න පෙළබෙන බව පෙනුනොත් රජය මේ අනුපාත වෙනස් කිරීමක් කරාවි කියලයි තවත් අයගේ අදහස.