මහ බැංකුව ලවා චක්‍රලේඛ ගහලා විතරක් බෑ. පොළිය අඩු කරන්න නම් බැංකු වල රිස්ක් එක අඩු කරන්න රජයට කළ හැකි දේ සොයා බැලිය යුතුයි.
IMF එවන වාරිකය අනුමත වීමත්, විදේශ ණය ප්‍රතිසංස්කරණය සාර්ථක වීමත්, ආනයන බාදා ඉවත් වීමත් යන සාධක මත වෙළෙඳපොළ අවිනිශ්චිතභාවය සෑහෙන දුරකට සමනය වෙලා තියෙනවා. එසේ නම් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහළ යෑමට මුදල් සැපයුම වානිජ බැංකු වලින් ලබා දෙන්න ඕනේ.
ඒ නිසා පොළිය පහත හෙළීම ඉක්මනින් කළ යුතුයි. ඒ සඳහා බල කිරීම වෙනුවට රජයට තිබෙන වගකීම තමයි බැංකු කරුවන් සමග සාකච්ඡාවක් සිදු කිරීම. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති සහ බැංකුකරුවන් සම්බන්ධීකරණය කොට සාකච්ඡා කර බැංකුකරුවන්ගේ විශ්වාසනීයත්වය තහවුරු කොට, නිර්මාණය වී ඇති අවිනිශ්චිතභාවයන් පැහැදිලි කර ගෙන ඒවා විසඳීමට කටයුතු කළ යුතුයි.
තුන් තට්ටුව තුන් පැත්තට වෙලා ඇඟිලි දික්කර සිටීමෙන් මෙය සිදු වන්නේ නෑ. සාකච්ඡා කරන්න, විසඳුම් නිර්මාණය කරන්න. බැංකු වලට තියෙන රිස්ක් එක අඩු කරන්න වැඩපිළිවෙලක් හදන්න. වගවෙන්න, වගකීම ගන්න.
එසේ නැතුව තර්ජන නිකුත් කිරීමෙන් වෙළෙඳපොළ ශක්තිමත් වන්නේ නැත.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස් #රටහදනහරිපාර #හරිත