බැක්ටීරියාවක්
නැසිය නොහැකි බැක්ටීරියාවක් බ්‍රිතාන්‍යයේ
ප්‍රතිජීවක ලබාදීමේදී අවසන් වරට දිය හැකි කොලිස්ටින් (colistin) ප්‍රතිජීවකයෙන් පවා ප්‍රතිකාර කළ නොහැකි බැක්ටීරියාවක් බ්‍රිතාන්‍යයේ සොයා ගෙන තිබේ.
කොලිස්ටින් (colistin) ප්‍රතිජීවකය ඉතාමත්ම ශක්තිමත් මෙන්ම පොදුවේ භාවිත කෙරෙන්නක්.
අලුතින් සොයා ගෙන ඇති බැක්ටීරියාවෙන් මිනිස් ජීවිත වලට කෙරෙන බලපෑම අඩු බවයි නිලධාරීන් පවසන්නේ.
එසේවුවත් ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ තවදුරටත් සිදු කෙරේ.
ඉකුත් මාසයේදී එවැනි බැක්ටීරියාවක් චීනයෙන් සොයා ගත් අතර එම අවස්ථාවේ දී විද්‍යාඥයන් අනතුරු අඟවා සිටියේ ලෝකය ප්‍රතිජීවක වලට ඔරොත්තු නොදෙන වකවානුවකට එළඹ ඇති බවයි.
බ්‍රිතාන්‍යයේ ගොවිපොළවල් තුනක කරන ලද පරීක්ෂණවලින් සහ බැක්ටීරියාව වැළඳුණු පුද්ගලයන්ගෙන් ලබා ගත් සාම්පල වලින් සොයා ගෙන ඇත්තේ එය කොලිස්ටින් (colistin) ඖෂධයට ප්‍රතිරෝධය දක්වන බවයි.
සියලු ප්‍රතිජීවක ප්‍රතිඵල රහිත වූ අවස්ථාවක දී වෛද්‍යවරුන් බලාපොරොත්තු තබන්නේ ලබා දිය හැකි අවසන් ප්‍රතිජීවකය වන කොලිස්ටින් (colistin) ඖෂධයට.
එය එතරම්ම වැදගත් වන්නේ ඒ නිසයි.
චීනයේ සිට බ්‍රිතාන්‍යයට කොලිස්ටින් ප්‍රතිරෝධී බැක්ටීරියාව පැතිර යාමට වසර තුනක් පමණ කාලයක් ගනු ඇති බවටයි බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් කලින් විශ්වාස කළේ.
නමුත් එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සත්ව සහ ශාක පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් අත්හදා බැලීම් සිදු කිරීම ආරම්භ කෙරිණ.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 2012 සිට 2015 දක්වා තමන් සතුව ඇති බැක්ටීරියා සාම්පල 24,000 යළි අධ්‍යනයට ලක් කළේය.
ඉන් පහළොස් දෙනකු කොලිස්ටින් (Colistin) ප්රතිජීවකයට ප්‍රතිරෝධය දක්වා ඇති බව සොයා ගන්නා ලදී.
මේ අතර, ඌරු ගොවි පොළවල් තුනක කොලිස්ටින් (Colistin) ප්රතිජීවකයට ප්‍රතිරෝධය දක්වන බැක්ටීරියාව සොයා ගනු ලැබුවේ සත්ව සහ ශාක පිළිබඳ දෙපාර්තමේන්තුව විසින්.
මීට සමාන සොයා ගැනීම් යුරෝපයේ, ආසියාවේ සහ අප්‍රිකාවෙන් ද වාර්තා වී ඇති නිසා එම බැක්ටීරියාව පිළිබඳ ප්‍රවෘත්තිය පුදුම එළවන සුළු එකක් නොවිය හැකියි.
නමුත් මින් ගම්‍ය වන්නේ ප්‍රතිජීවක ව්‍යසනයක් යනුවෙන් හැඳින්වෙන සුව කළ නොහැකි වසංගත පැතිර යා හැකි බව.
කොලිස්ටින් (colistin) ප්රතිජීවකයට ප්‍රතිරෝධය දක්වන මෙම බැක්ටීරියාව, ප්‍රතිජීවක ගනනාවකින් සුව කළ නොහැකි තවත් බැක්ටීරියා හා එක්ව වෛද්‍යවරුන්ට සුව කළ නොහැකි වසංගත තත්වයන් ඇති කළ හැකිද යන්න දැන් අවධානය යොමුව තිබෙන කරුණක්.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඇලන් ජොන්සන් පැවසුවේ දැනට මෙම බැක්ටීරියාවෙන් මහජන සෞඛ්‍යය හමුවේ ඇති තර්ජනය අඩු එකක් බවයි.
එහෙත් තවත් තොරතුරු ලැබෙමින් පවතින නිසා දිගටම ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ කළේය