දැන්නම් පට්ටම හොරු ටිකක් ඉන්නේ ලංකාවේ, ගෙදරින් එලියට ගියාම තමා ඒක තේරෙන්නේ. පෙරේද මන් ගෙදර එද්දී බස් එකෙන් බහිද්දී එකෙක් bag එකේ එල්ලුනා වගේ දැනුනා, මිනිස්සු එක දිගට බහින නිසා එක මට ඒ වෙලාවේ එච්චර ලොකුවට මීටර් උනේ නැ. ඊට පස්සේ කෝච්චියට නගිද්දීත් එකෙක් එල්ලුනා දෙපාරක් එල්ලුනා. එතකොටනම් මන් ඒකා දිහා බැලුවා, එත් මට ඒ වෙලාවේ මු මොකද්ද කලේ කියල ලොකුවට ඔළුවට ගියේ නැ. මිනිස්සු පිරිලා ඉන්නේ කෝච්චියේ. ඊට පස්සේ බැග් එක රැක් එකේ දාලා ටිකක් වෙලා යද්දී තමා දැක්කේ ඔක්කොම සිප් ටික ඇරලා. ලොකු එක ඇරෙන්න අනිත් හැම එකම ඇරලා. උ purse එක හොයලා තියෙන්නේ. මගේ වෙලාව කියන්නේ උට purse එක අහු වෙලා නැ. මන් cap එක අස්සේ ඕබලා තිබ්බේ. මගේ මිට කලින් 2015දි ඔහොම එකෙක් ෂොට් එක දීල තිබ්බ. දැන් ආයේ ඉන්න ඕනේ ඕක touch එකේ. තප්පර ගානක් ඇතුලත උන් සිප් ටික ඇරලා අත දාල ගන්නවා. එතකොටම බඩු අහුඋනොත් බඩු බනිස්.
උබලව දැනුවත් කරන්නයි දැම්මේ. සිහියෙන් ඉන්දහල්ල. එක පාරට bag එකට මොකක් හරි වදිනවා වගේ දැනුනොත් අනිවා පිටි පස්සේ ඉන්න එකා ෂොට් එක දෙනවා වෙන්න පුළුවන්. සිහියෙන් ඉඳපල්ලා. පිටිපස්සේ එකා bag එකේ එල්ලුනත් බලහල්ල. ඉස්සරහට අරන් තනි අන්ඩේන් දාගෙන ඉන්දහල්ල එක කෝකටත් හොඳයි. පට්ට සිහියෙන් ඉන්න ඕනේ.