බැටරිය බැහැලා දැයි බලාගන්න බිමට දාන්න!!!

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,364
    573
    113
    උබල එන්නද ?
    බැටරිය බැහැලා දැයි බලාගන්න බිමට දාන්න!!!

    බැටරියක ආයු කාලය අවසන්වී ඇත්දැයි සොයාබැලීමේ අපූරු ක්‍රමයක් ඇමරිකා ජාතික ඉංජිනේරුවෙකු හඳුන්වාදී තිබේ.
    ඔහුට අනුව බැටරියක් උසක සිට පොළවට අතහැර එය පොලා පනින්නේ දැයි සොයාබැලීම මගින් බැටරියේ ආයුකාලය අවසන් යැයි තීරණය කළ හැකිය.
    අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවක ඔහු මෙය ප්‍රායෝගිකවම පෙන්වන ආකාරය දැක්වෙන අතර අලූත්ම බැටරියක් පොළවට අතහැරි විට පොලා පනින්නේ නැති බවද පැරණි බලයක් නොමැති බැටරියක් පොළවට අතහැරි විට එය පොලා පනින බවද එම වීඩියෝවේ සටහන්ව තිබේ.
    මෙයට හේතුව පැහැදිලි කරදෙන ඔහු පවසන්නේ අලුත ගත් බැටරියක අභ්‍යන්තරයේ ඇති ජෙලි වැනි ස්ථරය බැටරිය ඉහළ සිට පහළට වැටී නැවත පොලා පැනීමට අවැසි වන ශක්තිය උරා ගන්නා නිසා අලූත් බැටරියක් පොලා නොපනින බවයි.
    නමුත් පැරණි බැටරියක මෙම ස්ථරය ඇත්තේ ඝණ වී හෙයින් ශක්තිය උරා ගැනීමට නොහැකි තැන බැටරිය නැවත පොලා පනින බව ඔහු පෙන්වා දේ.
    බැටරිය උසක සිට පොළවට ඒමේදී උපදින චාලක ශක්තියෙන් කොටසක් පොළවේ හා ගැටී විනාශ වුවද තවත් කොටසක් ඉතිරි වේ.
    අලුත් බැටරියේ ඇති ජෙලි ස්ථරය මෙම ඉතිරිවන චාලක ශක්ති ප්‍රමාණය උරා ගත්තද පැරණි බැටරියක එම ජෙලි ස්ථරය ඝණයක් වී පැවතීම නිසා එසේ ශක්තිය උරා ගැනීමට ඊට හැකියාවක් නැත.
    එනිසා එය පොලා පනී.
    මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින්ගේද අවධානය යොමුව තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය සරල වුවත් ගතයුත්තක් තිබෙන බවයි.
    බැටරියක සිදුවන රසායන ප්‍රතික්‍රියා නිසා උපදින ජලය අවශෝෂණය කර ගැනීමට මෙම ජෙලි ස්ථරය අන්තර්ගත කර තිබෙන බව පෙන්වා දෙන ඔවුන් කල් ගතවීමේදී එම ජෙලි ස්ථරයට ජලය තවදුරටත් උරාගත නොහැකි අවස්ථාවක් උදා වන බවද එවිට එය ඝණ වන බවද පවසයි.
    බැටරියක් පිම්බෙන්නේ,එයින් ද්‍රවයන් වෑස්සීමට පටන්ගන්නේ මේ නිසා යැයි ඔවුන් කියයි.
    දැන් පිම්බෙන තෙක් හෝ ද්‍රවයන් වෑස්සෙන තෙක් බලා නොසිට උඩක සිට අතහැර බැටරිය නැවත ‘‘උඩ‘‘ පනින්නේදැයි බැලීමෙන්ද එහි හොද නරක විමසා බැලිය හැකි බවක් පෙනේන්නේ යැයි ඔවුන් පවසයි.



    1409840270731_wps_1_Outgassing_JPG.gif



    1409840286997_wps_3_Good_battery_inside_JPG.gif



    http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/1409840286997_wps_3_Good_battery_inside_JPG.gif