බැට්මෑන් බයිසිකලය...?

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බැට්මෑන් බයිසිකලය...?

    මේ බයිසිකලය අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බයිසිකලය නම් නෙවෙයි !





    මීළඟට නිකුත් වෙන සුපර් මෑන් හා බැට් මෑන් දෙන්නම ඉන්න අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ට කලින්වගේ අපූරු බයිසිකලයක් තියෙවිද කියලා තාම කියන්න බැහැ. ඒත් එහෙම බයිසිකලයක් අවශ්‍ය නම් මේ Ronin 47 බයිසිකලය කිසිදු වෙනසක් සිදු නොකරම ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නේද?

    Ronin මෝටර් සමාගම විසින් නිපදවන ලද මේ බයිසිකල් වර්ගයෙන් බයිසිකල් 47ක් පමණක් නිෂ්පාදනය කරන බවයි රෝනින් සමාගම පවසන්නේ. Buell 1125 නම් මෝටර් බයිසිකලය විවිධ වෙනස්කම් රාශියකට ලක්කරමිනුයි මේ නව මොටර් බයිසිකලය නිමවා ඇත්තේ.

    ඒ වගේම ඒ එක් එක් බයිසිකලයක් 47 Ronin චිත්‍රපටයේ එන සමුරායිවරුන්ගේ නම් වලින් හඳුන්වන්නටත් නියමිත බවයි පැවසෙන්නේ. මේ බයිසිකල් 47න් දැනට 12ක් පමණක් නිර්මාණය කර ඇති නමුත් එයිනුත් 5ක් මේ වනවිටත් අලෙවි වි අවසන්.

    කෙසේ වුනත් මේ බයිසිකලයේ මිලනම් ඇමරිකානු ඩොලර් 38000ක් පමණ වනවා. ඒ මුදල ලංකාවේ මුදලින් නම් ලක්ෂ 50කට ආසන්නයි.



    olraxjcyg03bgzapbmtp-1-1024x768.jpg
    ydmwipfk9izb6zzijig8-1-1024x768.jpg
    wi1ityx7bngkqk2vhxeb-1-1024x768.jpg
    evyfztpp8k1uv8qbikef-1-1024x768.jpg
    euycckfay0wrr0u1th58-1-1024x768.jpg
    artjhrggpbngl67uffcl-1-1024x768.jpg
    xenom7f51fko1dycg2ht-1-1024x768.jpg