බැණුමට පුළුවන් ද මගේ හිත රිදවන්න?

hpalpola

Well-known member
  • න පරෙසං විලොමානි න පරෙසං කතාකතං

    මෙරමාගේ පරොස් බස් මෙනෙහි නො කරන්නේ ය (නො කට යුතු). මෙරමා කළ නො කළ දුසිරි සුසිරි නො බලන්නේ ය. තමා කළ දුසිරි ද නො කළ සුසිරි ද බලන්නේ ය (බැලිය යුතු).

    ධම්මපදයේ ඇති මේ ගාථාව මගේ ප්‍රියතම ගාථාවකි. මිනිස් හිතට දුක පැමිණෙන එක් ආකාරයක් වන්නේ අන්යන්ගෙන් ඇසීමට ලැබෙන බැණුම් ය. බැණුම් ඇසූ විට කාලයක් ඒ ගැන හිතමින් දුක් වීමට මිනිසුන් කටයුතු කරයි. තවත් විටක, අනුන් කළ දුසිරිත් නැත්නම් අයහපත් දේ හෝ යහපත් දේ ගැන සිතාත් දුක් වන්නෝ ය. බුද්ධ දේශනාව වන්නේ අනුන්ගේ බැණුම් වේවා අනුන් කල හොඳ නරක වේවා තමුන්ගේ කර නොගෙන තමුන් කල නොකල හොඳ නරක ගැන පමණක් සිතිය යුතු බවයි. තමුන් හොඳ කරයි නම් එය වැඩි දියුණු කර ගත හැක. තමුන් නරක කරයි නම් එය නතර කර ගත හැක. ඒවා නොකර අනුන්ගේ කයි කතන්දර අසා දුක්වීමෙන්, තමුන්ගේ වැඩ පාඩු කර ගැනීමෙන් කිසි පලක් නැත.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අර වැලේ ලින්ක් එක කෝ හල්පොල හජ්ජියාර්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,612
    113
    දැන් කාලෙක ඉඳලා මේක තමයි අනුගමනය කරන්නේ. හැබැයි එහෙම හිටියත් ඇහුම්කන් දෙන්නේ නෑ, ගනන් ගන්නෙ නෑ කියලා ගෑනිට තවත් මල
     
    • Like
    Reactions: kinkon and NRTG