බැන්ඩේජ් පිටින් පිටියට ආ කුසල් ජනිත් ශ්‍&#3515

wijaindu

Well-known member
  • Sep 15, 2012
    558
    593
    93
    බැන්ඩේජ් පිටින් පිටියට ආ කුසල් ජනිත් ශ්‍&#3515

    ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර බ්‍රිජ් ටවුන් හීදී පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය මෙන්ම පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරඟයෙන් ක ජයක් ලබාගැනීමට සමත්විය.

    මෙහිදී විශේෂත්වය වූයේ තරඟයේ තුන්වන දිනයේ පන්දු රැකීමේදී දැන්වීම් පුවරුවක් මත ඇද වැටීමෙන් දැඩිසේ ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා සිය පිත්තේ දායකත්වය අත්‍යවශ්‍යම මොහොතක අංක 8 පිතිකරුවා ලෙස වෙළුම්පටිද සහිතව පැමිණ තරඟයේ ජයග්‍රහණයට අවශ්‍ය දායකත්වය ලබාදීමය. එවැනි සිදුවීමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුවූයේ වසර ගණනකට පසුවය.

    තරඟයේ මුල් ඉනිම ක්‍රීඩාකල කොදෙව් කණ්ඩායම ලකුණු 204කට සියලුම ක්‍රීඩකයන් දැවීගිය අතර එහිදී නායක ජේසන් හෝල්ඩර් ලකුණු 74ක් සහ ශේන් ඩෝව්රිච් ලකුණු 71 ලබාගත්හ. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4ක්, කසුන් රාජිත කඩුලු 2ක් සහ සුරංග ලක්මාල් කඩුලු 2ක් ලබාගැනීමට සමත්විය.

    ශ්‍රී ලංකාව මුල් ඉනිමට ලබාගත්තේ ලකුණු 154ක් පමණයි. එහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 29ක් ලබාගැනීමට සමත්විය. පන්දුවෙන් ජේසන් හෝල්ඩර් කඩුලු 4ක්, ෂැනන් ගාබ්‍රියල් කඩුලු 3ක් සහ කේමා රෝච් කඩුලු 2ක් ලබාගත්හ.

    කොදෙව්වන්ගේ දෙවන ඉනිම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මට්ටමකට ඇද දැමීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත්විය. ලකුණු 93කට සියලුම ක්‍රීඩකයන් දැවී ගිය අතර ලකුණු 56ක් වන විට කඩුලු 8ක් බිඳවැටී තිබිණි. කේමා රෝච් පමණක් නොදැවී ලකුණු 23ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත සහ සුරංග ලක්මාල් කඩුලු 3 බැගින් ලබාගත් අතර, ළහිරු කුමාර කඩුලු 2ක් ලබාගැනීමට සමත්විය.

    ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම 3 වැනි දිනය අවසන් වනවිට කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 81ක් පමණක් ලබාගෙන ඉතා අසීරු තත්වයක පසුවිය. පන්දු රැකීමේදී දැඩිසේ ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරාද පන්දුවට පහරදීමට පැමිණීම බලාපොරොත්තුවිය නොහැකි මට්ටමක පැවති හෙයින් ලංකාවට කඩුලු 4ක් අතැතිව ලකුණු 63ක් ලබාගත යුතුව තිබිණි.

    නමුත් හතරවැනි දින ආරම්භයේදීම නොදැවී ක්‍රීඩාකරමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 25කට දැවී යාමත් සමග ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිලිහෙමින් තිබෙන්නට විය. එහෙත් ඉතා දරුණු ආබාධ තත්වයක් යටතේ වුවද වෛද්‍යවරුන්ගේ උපදෙස් සහිතව පපුව,උරහිස සහ පිට කොන්ද ප්‍රදේශවල බැන්ඩේජ් ද සහිතව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ඉතා අපහසුවෙන් වුවත් ලංකාවට ස්ථාවරත්වයක් ගොඩනගන අයුරු පෙනෙන්ට විය. ඉතාම සියුම්ව සහ ඉවසීමෙන් කොදෙව් වේගපන්දු යවන්නන්ගේ තියුණු පන්දුවලට මුහුණ දුන් කුසල් ජනිත් සහ දිල්රුවන් කෙමෙන් කෙමෙන් කොදෙව්වන් සතු තරඟ ජයග්‍රහණය සහ තරඟාවලි ජයග්‍රහණය උදුරාගන්නා අයුරු පෙනෙන්නට විය.

    අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ශ්‍රී ලංකාව තරඟයේ ජයග්‍රහණය වාර්තා කරන විට කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 28ක් සහ එයට අනගි සහයක් ලබාදුන් දිල්රුවන් පෙරේරා ලකුණු 23ක් නොදැවී ලබා සිටියහ. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් කඩුලු 5ක් ලබාගැනීමට සමත්විය.

    ඒ සමගින් තරඟාවලිය 1-1ක් ලෙස සම ශූරයන් බවට කණ්ඩායම් දෙකම පත්කල අතර කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට සහ ධෛර්යසම්පන්න ඉනිම බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉතා ඉහළින් අගයකරමින් සිටිති.

    උපුටා ගැනීම - www.her.lk