බැන්දා වගේ නෙවේ

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බැන්දා වගේ නෙවේ

    බැන්දා වගේ නෙවේ

    ප්‍රිය බිරිය: බස් වල ජනෙල් ගාව වාඩිවෙලා යන එවුන් හිතන්නෙ උන් හරි කෙරුමො කියලා...

    දුක්ඛිත ස්වාමියා: ඇයි ඒ??!

    ප්‍රිය බිරිය : නෑ උන් හිතන්නෙ අපි මේ උන් දිහාවයි, උන් කරන දේවල් දිහාවයි බලන් ඉන්නවා කියලා....

    දුක්ඛිත ස්වාමියා: දැන් මොකක්ද වුනෙ? මොකද ඔච්චර තරහින්..??!

    ප්‍රිය බිරිය : අපිත් අනේ එළිය බලාගෙන යන එකනෙ කරන්නෙ..ජනේල ළඟ නොලැබුනත් ඒ පැත්ත බලාගෙනන නෙ යන්නෙ.... ඇයි අනේ ගස් කොළන් පේනකොටනෙ ඇහට සනීපයක් දැනෙන්නෙ...ඉතින් උන් හිතන්නෙ අපි උන්ගෙ phone වලට එබිකම් කරලා, මේ එවුන් එක එකාලට යවන messages බලනවා කියලා.

    දුක්ඛිත ස්වාමියා: හරි හරි ගෑණියෙ දැන් මොකක්ද වුනෙ කියනවකෝ...!!

    ප්‍රිය බිරිය : අද මට එහා පැත්තෙ ජනේල අයිනෙ වාඩි වෙලා ගිය එකා කාටද විසකුඩුච්චියකට message එකක් ගහලා යවනවා, " මගෙ එහා පැත්තෙ ඉන්න රිලවියෙක් වගේ ඔරන් ඔටන් ගෑණියෙක් අපේ මැසේජස් බලනවා කියලා... " අනේ ඉතින් මට වැඩේමනෙ මේ කොහෙවත් ඉන්න වුන්ගෙ නරි නාටක බලන්න... සමයං.. මම ඌට හොඳට දෙකක් කීවා.. ඌ හිතෙ ඇති ඌ ෂාරුක් ඛාන් කියලා.

    දුක්ඛිත ස්වාමියා: ඒක තමයි.😷

    ප්‍රිය බිරිය: ඒක තමයි කියන්නෙ මොකක්ද..?

    දුක්ඛිත ස්වාමියා: නෑ ඌ හිතන්න ඇති එහෙම...

    ප්‍රිය බිරිය : කොහොම..?!

    දුක්ඛිත ස්වාමියා: ඇයි යෝධියෙ තමුසෙ දැන් කීවේ ෂාරුක් ඛාන් වගෙ කියලා හිතන්න ඇති කියලා..!

    ප්‍රිය බිරිය : ඉතින් මොකද තමුසේ ඔච්චර සද්දෙන් කෑගහන්නෙ ඒකට..?

    දුක්ඛිත ස්වාමියා: මම දැන් කෑගහුවද ගෑණියෙ....??!

    ප්‍රිය බිරිය : "කෑ ගැහුවද? කෑ ගැහුවද?" "ගෑණියෙ?" තමුසෙ මට එහෙමද කතා කරන්නෙ..?! අර බස් එකේ ගිය කොල්ලා අර කෙල්ල⁣⁣ට යවපු messages වල ලස්සන දැක්කනම්.
    " ඩාර්ලිංග්" ස්වීට් හාර්ට්" මයි ලව්" ඔහ් මයි බියුටි " අන්න පිරිමි...

    දුක්ඛිත ස්වාමියා: දැන් තමුසෙ කීවේ උගෙ messages බැලුවෙ නෑ කියලා..

    ප්‍රිය බිරිය : දැන් කවුද කිව්වෙ මම මැසේජස් බැලුවා කියලා...

    දුක්ඛිත ස්වාමියා: 😤 තමුසේ ඒ කොල්ලගෙ මැසේජස් බැලුවෙ නැත්නම් ඌ උගෙ ලස්සන කෙල්ලට යවපුවා කොහොමද දන්නෙ?

    ප්‍රිය බිරිය : තමුසෙ කොහොමද දන්නෙ උගෙ කෙල්ල ලස්සනයි කියලා..???

    දුක්ඛිත ස්වාමියා: යකෝ ,ඇයි ගෑණියෙ උඹමනෙ කිව්වෙ ඒ කොල්ලා ඒකිට "මයි බියුටි" කිව්වා කියලා...

    ප්‍රිය බිරිය : ඉතින් එහෙම කිව්වා කියලා තමුසෙ කොහොමද කියන්නෙ ඒකි හැඩයි කියලා..???

    දුක්ඛිත ස්වාමියා: බියුටි කියන්නෙ ලස්සනයි කියන එකටනෙ යෝධියෙ..!

    ප්‍රිය බිරිය: ඉතින් ඕයි බියුටි බියුටි කියලා කියන හැම එකීම ලස්සන වෙන්නෙ කොහොමද..

    දුක්ඛිත ස්වාමියා: ඔව් ඇත්ත.. මාත් තමුසෙට ඒ කාලෙ එහෙම කිව්වනෙ...

    ප්‍රිය බිරිය : දැන් එතකොට තමුසෙ කියන්නෙ මම ලස්සන නෑ කියලද..?!

    දුක්ඛිත ස්වාමියා : ලස්සනයි... ලස්සනයි..

    ප්‍රිය බිරිය : තමුසෙ මාව බඳිනකොට නම් කොහොමද කීවේ.. ( මරලතෝනි දී අඬයි)

    දුක්ඛිත ස්වාමියා : ඉතින් වදේ මම දැනුත් කිව්වනෙ ලස්සනයි කියලා..

    ප්‍රිය බිරිඳ : මට අපේ අම්මලා කියපුවා අහන්න තිබ්බා.. අපරාධෙ මම තමුසෙව බැන්ඳෙ.. බොරුකාර ජරා මිනිහා...

    දුක්ඛිත ස්වාමියා : ඉතින් දැනුත් අම්මලා කියන ඒවා අහගෙන එහෙටම වෙලා ඉන්නවකො..

    ප්‍රිය බිරිඳ : ඔව් මම යනවා තමයි.. හිතා ගන්නවා මේ කසාදෙ මෙතනින් ඉවරයි කියලා...මම මැරුණු දවසට මගෙ පෙට්ටියට පස් දාන්නවත් එන්න එපා..

    දුක්ඛිත ස්වාමියා : පස් නෙමෙයි දාන්නෙ.. ඇණ ගහනවා මිසක..

    ප්‍රිය බිරිඳ : හිතේ ඇති.. ඒවා කොහෙද මාත් එක්ක.... ඇණ ගහන්න.! බලන් ඉන්නවකො කට ඇරන්..

    දුක්ඛිත ස්වාමියා : දැන් ඉතින් යන්න ලෑස්ති වුනෙ, යනවකෝ...

    ප්‍රිය බිරිඳ : මාව යවාගන්න තියෙන වුවමනාව බලකො.. ඇයි අර විසකුඩුච්චියව ගෙදට්ට ගේන්නද..?? හිතන් ඇති.. බලමුකො මම යන විදිය.. ඒවා නම් මේ කපේට වෙන්නෙ නෑ පුතො.....

    දුක්ඛිත ස්වාමියා : ඔව්.. මට කොයින්ද එච්චර වාසනවාක්. ( තමන්ටම මුමුණමින් )
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    62073565_2465728780124101_2868958190026883072_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thsi is y u should abort ur fetus before it grows up into a fully grown human being :yes:
    children dont have this kind of problems.
    they play, fall and die.
    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ප්‍රිය බිරිය: බස් වල ජනෙල් ගාව වාඩිවෙලා යන එවුන් හිතන්නෙ උන් හරි කෙරුමො කියලා...

    නුවණැති ස්වාමියා: ඒක නං ඇත්ත. :yes:

    ප්‍රිය බිරිය : උන් හිතන්නෙ අපි මේ උන් දිහාවයි, උන් කරන දේවල් දිහාවයි බලන් ඉන්නවා කියලා....

    නුවණැති ස්වාමියා: ඒකනෙ :yes:

    ප්‍රිය බිරිය : අද මට එහා පැත්තෙ ජනේල අයිනෙ වාඩි වෙලා ගිය එකා කාටද විසකුඩුච්චියකට message එකක් ගහලා යවනවා, " මගෙ එහා පැත්තෙ ඉන්න රිලවියෙක් වගේ ඔරන් ඔටන් ගෑණියෙක් අපේ මැසේජස් බලනවා කියලා... " අනේ ඉතින් මට වැඩේමනෙ මේ කොහෙවත් ඉන්න වුන්ගෙ නරි නාටක බලන්න... සමයං.. මම ඌට හොඳට දෙකක් කීවා.. ඌ හිතෙ ඇති ඌ ෂාරුක් ඛාන් කියලා.

    නුවණැති ස්වාමියා: ඔන්න ඕව අමතක වෙන්නත් එක්ක අපි තේ එකක් බොමු. මං ලිපේ තියන්නං කේතලේ :love:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355

    ප්‍රිය බිරිය : මට බස් එකේ එකෙක් ඔරන් ඔටන් වගේ කිව්වා... උබ දැන් මෙතන තේ බොන්න කතා කරනවා... ඉදපන් වේසි තොට අද මම.....
     
    boring
     
    it is possible :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ප්‍රිය බිරිද......ඔව් ඔව් මම මේ දවසම නැහිලා නැහිලා බස් වල තෙරපිලා ගෙදර ඇවිත් එක විනාඩි 5ක් නිදහසෙ ඉන්න නැ...ගෙදර වැඩත් කරන්න ඔනි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ප්‍රිය බිරිද......ඔව් ඔව් මම මේ දවසම නැහිලා නැහිලා බස් වල තෙරපිලා ගෙදර ඇවිත් එක විනාඩි 5ක් නිදහසෙ ඉන්න නැ...ගෙදර වැඩත් කරන්න ඔනි...

    ඒකනේ තනියම කරන්න දෙන්නෙ නැතුව කේතලේ ලිපේ තියල දෙන්නෙ :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනේ තනියම කරන්න දෙන්නෙ නැතුව කේතලේ ලිපේ තියල දෙන්නෙ :lol:

    :lol::lol:අපෙ අම්මට කෙන්ති ගිහින් ඉන්නකොට ඔහොම කිවිවා නම් කියන්නෙ...."ඔව් එකනෙ අමාරුම වැඩෙ....සම්මානයක් දෙන්න වටින වැඩෙ"ඔවා කියලා බැනුම් අහනවාට වඩා ලෙසි පාඩුවෙ ඉන්නවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    :lol::lol:අපෙ අම්මට කෙන්ති ගිහින් ඉන්නකොට ඔහොම කිවිවා නම් කියන්නෙ...."ඔව් එකනෙ අමාරුම වැඩෙ....සම්මානයක් දෙන්න වටින වැඩෙ"ඔවා කියලා බැනුම් අහනවාට වඩා ලෙසි පාඩුවෙ ඉන්නවා

    "සම්මානයක් එපා අනේ තේ එකක් ඇති" :lol: