බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු

    බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු මෙන්න
    fShare

    * බැඳුම්කර කොමිසමේ නිර්දේශ අපට නොකියා කියන කතාව

    bedum2.jpg



    bedum.jpg


    bedum2මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 30 වැනිදා කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අයුරු. කොමිසමේ ලේකම් එස්‌. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්‌. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.


    මහබැංකුවේ bedumබැඳුම්කර වංචාව පිළිබඳ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ ජනතාව දැනුවත් කරමින් එම වංචාව පිළිබඳ සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක්‌ පත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක්‌ කළ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගියදා ප්‍රකාශයට පත්වූ එම කොමිසමේ නිර්දේශ තුළින් හෙළිවන මේ මහා වංචාවේ ස්‌වභාවය පිළිබඳ සිදු කළ විග්‍රහයකි මේ.

    අපේ රටේ ඉතිහාසයේ කොමිෂන් සභා අප්‍රමාණව පිහිටුවා තිබෙනවා. මමත් සහභාගි වුණු ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව වැනි ඒ සියලුම කොමිෂන් සභා ඇතිකළේ වෙනත් ආණ්‌ඩු සිදුකළ යම් යම් කටයුතු ගැන සොයා බලන්නයි. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ සමයේ ඇමැතිවරුන්ට එල්ල වූ අල්ලස්‌ චෝදනා ගැන සොයා බලන්න පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම හැරෙන්නට අපේ රටේ ඉතිහාසයේ කිසිම ආණ්‌ඩුවක්‌ තමන්ගේ වැරදි සොයන්න කොමිසමක්‌ පිහිටුවලා නෑ. අපේ රටේ ආණ්‌ඩුවක්‌ තමන්ගෙම අයගේ වැරදි හොයන්න කොමිෂන් සභාවක්‌ පත් කළ මේ දෙවැනි අවස්‌ථාව. තමන්ගේ ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරු මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවට අනුව එය සොයා බැලීමට මේ කොමිෂන් සභාව පිහිටුවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කාර්යභාරයක්‌ ඉටු කර තිබෙනවා. එය ඉතිහාසගතවන සිද්ධියක්‌. දූෂණය පිටුදකින, දූෂණයට එරෙහිවන මේ රටේ සියලුදෙනාගේම ප්‍රණාමය ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද කළ යුතුයි.

    මේ ජනාධිපති කොමිසම සුවිශේෂ වන හේතු කිහිපයක්‌ තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කොමිසමට විගණකාධිපතිවරයෙක්‌ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක්‌ පත්කළා. එම විනිසුරුවන් දෙදෙනාම ඉතාමත් දක්‌ෂ විනිසුරුවන් දෙදෙනෙක්‌. මා එහි දකින සුවිශේෂත්වය වන්නේ මේ විනිශ්චයකරුවන් දෙදෙනාම එක්‌සත් ජාතික පක්‌ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ විනිසුරුවන් දෙදෙනෙක්‌ වීම.

    මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙන මේ කොමිෂන් සභාවේ නිර්දේශ තුළින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පිළිබඳ කර ඇති හෙළිදරව්ව අප කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක්‌ නොවෙයි.

    මේ කොමිෂන් සභාව ඇතිකළාට පසු මම කිහිප අවස්‌ථාවකදීම එම සභාවේ තීරණ සාධාරණ ලෙස විවේචනය කළ කෙනෙක්‌. අර්ජුන් ඇලෝසියස්‌ මහතා කොමිසම හමුවේ සාක්‌ෂි දීම ප්‍රතික්‌ෂේප කළ විට කොමිසම ඔහුගේ නීතිඥවරුන්ගේ දේශන පිළිඅරගෙන කොමිසම හමුවේ සාක්‌ෂි දෙන ලෙස අර්ජුන් ඇලෝසියස්‌ට බලකිරීමට නොහැකි බව කොමිසම ප්‍රකාශ කරන විට මම එම තීරණය විවේචනය කළා. සාක්‌ෂි කරුවෙක්‌ කොමිසමට කැඳවූ විට ඔහුගෙන් මූලිකව ප්‍රශ්න අහන්නෙ නීතිපති දෙපාර්තමේන්තුව. කබීර් හෂීම් සහ මලික්‌ සමරවික්‍රම සාක්‌ෂියට කැඳවූවිට ප්‍රශ්න ඇසීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඉඩ නොදී කොමිෂන් සභාව එය බාරගත්තා. අගමැතිවරයා කොමිසමට කැඳවීමට පෙර ප්‍රශ්න අගමැතිවරයාට යෑව්වා. මේවා ගැන මට සාධාරණ විවේචන තිබුණා. එහෙත් දැන් මම හිතනවා කොමිෂන් සභාව ගත් ඒ තීරණ නිවැරදියි කියල. අර්ජුන් ඇලෝසියස්‌ සාක්‌ෂි දීම ප්‍රතික්‌ෂේප කිරීම ගැන ඔහුගේ නීතිඥවරුන් ගෙනා තර්කය ගැන අදටත් මා තුළ ප්‍රශ්නයක්‌ තිබුණත් කොමිසම එදා ඔවුන්ගේ නීති තර්කය ඉවතට දමා සාක්‌ෂි දෙන ලෙස අර්ජුන් ඇලෝසියස්‌ට බලකළා නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස්‌ එයට එරෙහිව රීට්‌ ආඥාවක්‌ ගැනීමේ හැකියාව තිබුණා. ඔහු රීට්‌ ආඥාවක්‌ ගත්තා නම් කොමිසම අක්‍රිය වෙනවා. එබැවින් කොමිසමේ විනිශ්චයකරුවන් දෙදෙනා ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියාකිරීම නිසා කිසිදු නීතිමය බාධාවක්‌ නැතිව කොමිසමේ කටයුතු අවසන් කිරීමට හැකිවුණා.

    කොමිසමේ නිර්දේශ තුළින් හෙළිදරව් වෙන මේ බැඳුම්කර වංචාවේ ස්‌වභාවය අප අවබෝධ කරගත යුතුයි. එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ ඉතාමත් සමීප සම්බන්ධයක්‌ ඇති වරක්‌ ජපානයේ තානාපති ධුරය ද දැරූ චාලි මහේන්ද්‍රන්ගේ පුත්‍රයකු වන සිංගප්පූරුවේ පුරවැසිභාවය ඇති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත්වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති තනතුරෙන් ඉවත් වූ පසු එම තනතුරට සුදුස්‌සෙක්‌ මහ බැංකුව තුළ නොසිටි නිසාද? ඔහු සිංගප්පූරුවේ පුරවැසිභාවය සහිත පුද්ගලයකු වීම එම පත්කිරීමේදී ප්‍රශ්නයක්‌ වූවිට අර්ජුන මහේන්ද්‍රන් කියා සිටියේ තමා ද්විත්ව පුරවැසියකු බවයි. එය සම්පූර්ණ අසත්‍යයක්‌. සිංගප්පූරුවේ පුරවැසිභාවය සහිත පුද්ගලයකුට වෙනත් කිසිම රටක පුරවැසිභාවයක්‌ දරන්නට බැහැ. සිංගප්පූරුව ද්විත්ව පුරවැසිභාවය පිළිනොගන්නා රටක්‌. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූ පසුත් ඔහු ශ්‍රී ලංකා රජයට පක්‌ෂපාතීව කටයුතු කරන බවට වන දිවුරුම් ප්‍රකාශය සිදු කළේ නැහැ. ඔහු ඒ දිවුරුම සිදුකළා නම් සිංගප්පූරුවේ පුරවැසිභාවය ඔහුට අහිමි වෙනවා.

    යහපාලන ආණ්‌ඩුවට මේ රටේ ජනතාව ජන්දය දුන්නේ විශාල බලාපොරොත්තු ගොන්නක්‌ හිතේ දරාගෙනයි. කිසිදු රාජ්‍ය නායකයකුට කළ නොහැකි වූ තිස්‌ වසරක යුද්ධය නිමා කළත් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාට ගෙදර යැමට සිදුවුණේ ඔහුගේ පාලන සමයේ පැවති දූෂණය සහ භීෂණය නිසා. එයට සාක්‌ෂි නැතිමුත් රටේ වැඩිදෙනෙක්‌ එය විශ්වාස කළා. දූෂණය නැති කිරීම සහ දූෂිතයන්ට දඬුවම් දීම තේමා පාඨය කරගත් වර්තමාන ආණ්‌ඩුවට ජනතාව ඡන්දය දුන්නා. එම ඡන්දයට පෙනී සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වුණත් එහි ප්‍රධාන නියමුවා රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු අපේ රටේ පෙනී සිටියේ අදූෂිත දේශපාලනඥයෙක්‌ ලෙස 'මිස්‌ටර් ක්‌ලීන්' යන අන්වර්ථ නාමයෙන්. ඔහු ලීක්‌වාන්යු කෙනෙක්‌ ලෙස කටයුතු කර අපේ රට සිංගප්පූරුවක්‌ කරයි යන විශ්වාසය ජනතාව තුළ තිබුණා.

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ තුළින් මේ මහා වංචාව හෙළිදරව් කළත් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූ හේතුව සොයා බැලිය යුතුයි. මුල්ම බැඳුම්කර වංචාව හෙළි කළේ කෝප් කමිටුවෙන්. ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටු වාර්තාව පිළියෙළ කළ විට සියලුම මන්ත්‍රීවරුන් එයට අත්සන් කර නොතිබූ නිසා එය නිකුත් කළ නොහැකි වුණා. තමා මේ සියල්ල සිදුකළේ අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් සහ උපදෙස්‌ අනුව යෑයි අර්ජුන මහේන්ද්‍රන් දුන් සාක්‌ෂිය ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ගේ එම සාක්‌ෂිය සහිත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම වැළැක්‌වීමට අගමැතිවරයා සහ එක්‌සත් ජාතික පක්‌ෂය විශාල ප්‍රයත්නයක්‌ දැරුවා. එවැන්නක්‌ සිදුකිරීමට ඔවුන්ට තිබූ උවමනාව කුමක්‌ද? කෙසේ හෝ එම වාර්තාව සකස්‌ කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිදුවුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුණේ, ජනාධිපති තනතුරට පත්වුණේ එක්‌සත් ජාතික පක්‌ෂයේ පිහිටෙන්. එය කවර හේතුවක්‌ මත සිදුකළත් ඒ අවස්‌ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඔහු අතින් සිදු වූ වරදක්‌. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා කෝප් වාර්තාව යටගියා.

    කෙසේ නමුත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ තිබුණු එම කෝප් වාර්තාවේ පිටපතක්‌ කවරකුගේ හෝ උවමනාවක්‌ මත නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ අවස්‌ථාවේදී හෝ අගමැතිවරයා ඉදිරිපත් වී කටයුතු කළා නම් මෙම බිලියන 11 ක වංචාව සිදුවන්නේ නෑ. තමා නියෝගයක්‌ නිකුත් කළ බවට අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට දුන් සාක්‌ෂිය අසත්‍ය නම් අසත්‍ය ප්‍රකාශයක්‌ කිරීම මත අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරෙන් පහ කිරීමට අගමැතිවරයාට හැකියාව තිබුණා. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එම කෝප් වාර්තාව සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාට බාර දුන්නා. එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය බාරව සිටි ඒ මහතා එම කෝප් වාර්තාවට අංකයක්‌ ලබා දී ඒ පිළිබඳ සොයා බැලීමට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනෙකු පත් කළා. ඔවුන් මේ පිළිබඳ විමර්ශන සිදුකරන විට නීතිපතිවරයා එම ලිපිගොනුව ගෙන්වාගෙන ඊට සිවිල් අංකයක්‌ යොදා එය වෙනත් දෙපාර්තමේන්තුවකට යෑව්වා. අපරාධ නඩුවක්‌ ලෙස අංකයක්‌ යොදා විමර්ශන කරමින් තිබූ ලිපිගොනුව නීතිපතිවරයා එයට වෙනත් අංකයක්‌ යොදා එය සිවිල් නඩුවක්‌ බවට පත් කළේ නම් එය කළේ කාගේ බලපෑමකටද යන්න සොයා බැලිය යුතුයි. සුහද ගම්ලත් මහතා කියන දේ ඇත්තද? නීතිපතිවරයා ලිපිගොනුව වෙනස්‌ කළාද? ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්‌ පැවැත්විය යුතු නොවේද? එසේ කළ යුතු වන්නේ මේ බලපෑම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව වක්‍රකාරව හෝ අගමැතිවරයාට ඇඟිල්ල දිගු කළ නිසයි.

    මහ බැංකුව සාමාන්‍යයෙන් පවතින්නේ මුදල් ඇමැතිවරයා යටතේ. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලත් තිබෙන්නේ මුදල් ඇමැතිවරයා යටතේයි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූවාට පසු ඔහු ඒ දෙකම ඔහු යටතට පවරා ගන්නවා. මුලින් සිදුවූ දේ ඔහු හොඳින් දැන සිටියත් ඒ ගැන ඔහු කිසිදු පරීක්‌ෂණයක්‌ සිදුකරන්නේ නෑ. ඒ පිළිබඳ සොයා බලන්නට එක්‌සත් ජාතික පක්‌ෂයට ලැදි නීතිඥවරුන් තිදෙනෙක්‌ පත් කිරීමයි ඔහු කළේ. කිසිවකු සාක්‌ෂියට කැඳවීමට ඔවුන්ට බලයක්‌ නැති වුවත් ඒ පිළිබඳ පරීක්‌ෂා කළ ඔවුන්ගේ නිර්දේශය වුණේ සිදුවී ඇති වංචාව පිළිබඳ සොයා බැලීමට නම් වෝහාරික ගිණුම් පරීක්‌ෂාවක්‌ සිදුකළ යුතු බවයි. වෝහාරික ගිණුම් පරීක්‌ෂාවක්‌ යනු සාමාන්‍යයෙන් සිදුකරනු ලබන ගිණුම් පරීක්‌ෂණයකට වඩා පුළුල් විමර්ශනයක්‌ සහිත ගිණුම් පරීක්‌ෂාවක්‌. විශාල වංචාවක්‌ සිදුව ඇති බව ඔවුනුත් පිළිගත්තා. අගමැතිවරයා ඔහු පත්කළ නීතිඥවරුන්ගේ එම නිර්දේශ ක්‍රියාත්මක කළෙත් නෑ. එම නිර්දේශවලට සිදුවූ දෙයකුත් නෑ.

    ඉන්පසු පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ප්‍රකාශයක්‌ කරමින් මහින්ද රාජපක්‌ෂ පාලන සමයේ මෙරට කොන්ත්‍රාත්කරුවන්ට සහ නොයෙක්‌ යටිතල පහසුකම් සැපයූ අයට ණය වී තිබූ බිලියන 11 ක්‌ ගෙවීමට ඇති බැවින් එම මුදල් සොයාගැනීමට මහ බැංකුවට උපදෙස්‌ දුන් බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ දී ඔහු කළ මේ ප්‍රකාශය සත්‍යයද? අගමැතිවරයාට හෝ මුදල් ඇමැතිවරයාට මහබැංකුවට එවැන්නක්‌ නිර්දේශ කිරීමට බැහැ. අගමැතිවරයා එවැන්නක්‌ සිදුකර ඇත්නම් එය නීති විරෝධියි. මේ පිළිබඳ කොමිසම මහා භාණ්‌ඩාගාරයෙන් විමසූ විට එහි විශේෂ සාක්‌ෂිකරුවකු පවසා සිටියේ ඔවුන්ට අවශ්‍යව තිබුණේ බිලියන 1 ක්‌ පමණක්‌ බවයි. එසේනම් සත්‍ය ප්‍රකාශ කරන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමට ස්‌වාධීන පරීක්‌ෂණයක්‌ සිදු කළ යුතුයි.

    ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සෙවීමට කොමිසමක්‌ පත් කිරීමත් සමග ඔහුට විශාල මඩ ප්‍රහාරයක්‌ දියත් වෙනවා. අපරාධයක්‌ සිදු වී ඇති බවට විශාල වංචාවක්‌ සිදුවී ඇති බවට ලැබුණු තොරතුරු මත එය සෙවීමට කොමිසමක්‌ පත් කරන විට එයට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීමේ උවමනාව ඇත්තේ කාටද? එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දිත ලෙස වාග් ප්‍රහාර එල්ල කළේ කාගේ උවමනාවටද? අපක්‌ෂපාත පරීක්‌ෂණයක අවශ්‍යතාව ඇත්තේ මෙවැනි දේ පිළිබඳ සොයා බැලීමටයි.

    ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු වන යසන්ත කෝදාගොඩ සහ දප්පුල ලිවේරා මේ ජනාධිපති කොමිෂන් සභාවට පත්වන්නේ ඔවුන් තමන්ට වුවමනා ලෙස හසුරුවන්නට හැකි යෑයි එජාපය කල්පනා කළ නිසා වන්නට පුළුවන්. දප්පුල ලිවේරා මහතා පාරම්පරික එක්‌සත් ජාතික පාක්‌ෂිකයකු වීමත් නිසා එජාපය එසේ කල්පනා කළා විය හැකියි. එහෙත් අපේ රටේ ජාතික වීරයන් නැති මොහොතක මා සිතන්නේ ඔවුන් දෙදෙනා ජාතියට පහළ වූ වීරවරයන් දෙදෙනකු හැටියටයි. ඔවුන් කිසිදු බලපෑමකට යටත් නොවී අභීතව සිය රාජකාරිය අකුරටම ඉටු කර තිබෙනවා.

    මෙවැනි මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වූ විට යහපාලන ආණ්‌ඩු ඇති වෙනත් රටවල නම් එම පුද්ගලයන් තම ධුරවලින් ඉවත් වී ඒ පිළිබඳ සිදුකරන පරීක්‌ෂණවලට සහාය දෙනවා. අපේ රටේ ජනාධිපතිවරයා එවැනි පුද්ගලයින් ඉවත් කළත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශේෂ කාමර හා කාර්යාල ලැබෙනවා. මේවා මෙලෙස සිදුවන්නේ කෙසේද? එසේ කිරීමට කවරෙකුට හෝ ඇති අවශ්‍යතාව කුමක්‌ද? ස්‌වාධින පරීක්‌ෂණයක්‌ තුළින් මේ පිළිබඳ සොයා බැලිය යුතුයි.

    කිසියම් අපරාධයක්‌ සිදුවූ බවට ඇසින් දුටු සාක්‌ෂි නොමැති වුවත් ඊට සම්බන්ධ යෑයි සැක සහිත පුද්ගලයින්ගේ පෙර ක්‍රියාකලාප සහ පසු ක්‍රියා කලාප ඇසුරින් ඔවුන් එම අපරාධයට සම්බන්ධද නැද්ද යන්න නිගමනය කරන්නට පුළුවන්. ඒවා හැඳින්වෙන්නේ පරිවේෂණ සාක්‌ෂි ලෙසිනුයි.

    එවැනි සාක්‌ෂි ගණනාවක්‌ මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිස්‌ තුළින් දැකගැනීමට තිබෙනවා. මේවා පිළිබඳ සොයා බැලීම සඳහා ස්‌වාධීන පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට සහ බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදෙමින් අගමැතිවරයා දැන් කළ යුතු වන්නේ තම තනතුරෙන් ඉල්ලා අස්‌වී තාවකාලික නායකයකු පත්කිරීමයි.


    සාකච්ඡාවකින් සකස්‌ කළේ පාලිත සේනානායක
    ඡායාරූපය: ගාමිණී මුණසිංහ


    උපුටා ගැනීම දිවයින පුවත්පතිනි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    බැදුම්කර වංචාව හා සමූපකාරයේ පොල් වෙළෙඳාම – නොතේරෙන අයට එය සරළව මෙන්න..!

    බැඳුම්කරයක් යනු කුමක්ද ?

    සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ. ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්.

    බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ. ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක්‍ සහිත ඒවා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා.

    ඉතිං X කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා. රජයට සල්ලි දෙන නිසා රජය සල්ලි අච්චු ගහලා හරි ඒ මුදල දෙන බව මහජනයා දන්නවා. ඒ නිසා බැදුම්කර වල ආයෝජනය අවධානම අඩුම ආයෝජන මාර්ගයක්. ඒ නිසා ගොඩක් අය බැදුම්කර වල ආයෝජනය කරනවා.

    දැන් X නැමති පුද්ගලයා ළඟ බැදුම්කර සහතිකයක් තියනවා. ඒකේ මුහුණත වටිනාකම ලක්ෂයක් කියමුකෝ. මේ බැදුම්කර වලට තියන ඉල්ලුම හා සැපයුම අනුව ඒවා ද්විතීයික වෙළෙඳපොලේ විකුනන වෙලාවේ මුහුණත වටිනාකමට වඩා වැඩි හෝ අඩු මිලක් තීරණය වෙන්න පුලුවන්. ඒක අපි මෙහෙම තේරැම් ගමු. සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රැ. 50 යි කියමුකෝ. අසාමාන්‍ය පොල් ඉල්ලුමක් තියන දවසට ඒ පොල් ගෙඩිය රැ. 60 ක් 70 ක් වෙන්නත් පුලුවන්. ඒ වගේම 30 ක් 40 ක් වෙන්නත් පුලුවන්. තේරැනාද ?

    මහ බැංකුව මේ බැදුම්කර වෙන්දේසියේ විකිණීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වෙන්දේසිය 100% ක් ස්වාධීනයි. ඒකට යන්න මහ බැංකු අධිපතිට අවසර නැහැ. මොකද කොයි කාලෙත් මහ බැංකු අධිපති කියන්නේ දේශපාලන පත්වීමක් නිසා. ඒවෙනුවට වෙන්දේසිය මෙහෙයවන්නේ නියෝජ්‍ය අධිපති කෙනෙක්. මේක රටක ආර්ථිකයට දැඩිව බලපාන දෙයක් නිසා හරි පරෙස්සමින් කරන වැඩක්. කාටවත් ඇගිලිගහන්න බැරි වැඩක්.

    දැන් තමයි නියම කතාව එන්නේ !!!

    අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සභාපති වෙලා එනවා. මෑන් සිංගප්පූරැ පුරවැසියෙක්. රටේ මුදල් නෝට්ටු වල අත්සන් තියන්නෙත් මුදල් ඇමතියි මහ බැංකු අධිපතියි නේ. ඉතිං අපේ මුදල් නෝට්ටු වලට අත්සන් තිබ්බේ සිංගප්පූරැ පුරවැසියෙක්. අපේ ලංකාවේ ඒකට සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද ? ඒක ලොකු ගැටළුවක්.

    මහ බැංකුවේ අධිපති කෙනෙක්ගේ පවුලේ අයට බැදුම්කර ගණුදෙනු කරන අතරමැදි ආයතන පවත්වාගෙන යන්න අවසර නැහැ. ඒත් අර්ජුන් මහේන්ද්‍රන් සභාපතිගේ දුව බැන්ද කෙනා, ඒ කියන්නේ අර්ජුන්‍ ඇලෝෂියස්ට ඒ වගේ අතරමැදි ආයතනයක් තියනවා. ඒකේ නම පර්ෆෙක්චුවල් ට්‍රෙෂරීස්. ප්‍රශ්න පටන් ගන්නේ ඔතනින්….

    එතකොට මොකක්ද සමූපකාර කතාවක් මාතෘකාවට දාන්න හේතුව ????

    ඒක මෙහෙමයි. බැදුම්කර වෙන්දේසියේ කතාව ටිකක් නෙවෙයි ගොඩක් සංකීර්ණයි. ඒ නිසා අපි ඒ සංකීර්ණ කතාව සමූපකාරයෙන් තේරැම් ගමු. දැන් ඒ වැඩේට බහිමු !!

    ඔන්න අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව කියන සමූපකාරේ සභාපති. සමූපකාරේ බැදුම්කර නැමති පොල් විකුනනවා කියලා හිතන්න. අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනා පොල් බිස්නස් කරනවා. මම කලින් කීවා වගේ, සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල සමහර කාල වලදී වැඩි වෙනවා. සමහර කාල වලදී අඩු වෙනවා.දැන් මේ බැදුම්කර හෙවත් පොල් වල මිල රැ. 100 ක් උනාට ඒක 120 ක් දක්වා මිල වැඩි වෙච්ච වෙලාවක්. ඉතිං සමූපකාරෙට ආදරේ සභාපති කෙනෙක් නම් 120 ට පොල් ගෙඩිය විකුනලා ලාභ ලබනවනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රැ. 120 පොල් ගෙඩිය එයාගේ බෑනට රැ. 80 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසිය නැමති පොල් වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිට බලපෑම් කරනවා. එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයා එතෙන්ට ගිහින් දැඩි ලෙස බලපෑම් කරලා රැ. 120 පොල් ගෙඩිය රැ. 80 ට බෑනට දෙනවා. පොල් ගෙඩි මිලියන ගානක් සමූපකාරෙන් දෙනවා මේ විදිහට. ඒ පොල් ගෙඩි මිලියන ගානම එකක් 120 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 40 ක් දැන් මෑන්ට ලාබයි. ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒලාභය සේවකයන් 7,500 ක් හා ශාඛා 264 ක් තියන කොමර්ෂල් බැංකුවේ (ලන්කාවෙ ලොකුම පෞද්ගලික බැන්කුව) සමස්ථ ලාභයටත් වඩා වැඩියි. එච්චර ලාභයක් ලබපු බෑනාගේ කොම්පැනියේ සේවකයන් 20 ක් පමණක් සිටින අතර ශාඛාවන් 01 කි. ගොඩනැගිල්ල අඩි 20 x 20 කාමරයකි. හිතාගන්න පුලුවන්ද ලාභය කොච්චර ලේසියෙන් ගත්තද කියලා ??

    ඔබ සභාපතිත්වය දරන සමූපකාරේ රැ.120 ක පොල් ගෙඩිය ඔබේ හිතවතෙකුට රැ. 80 ට වික්කාම අනිවාර්යෙන්ම ඒ සමූපකාරේ පාඩු ලබනවනේ. දැන් ඔබට ලාභ ලබන්න අවශ්‍ය නම් මොකක්ද විකල්පය? ඔබේ සමූපකාරේ සැමන් ටින් එකක් රැ. 150 ට වික්කා නම් දැන් ඒක රැ. 200 ට විකුනන්න ඕන. ඇයි ? පොල් වල පාඩුව පියවන්න ඕන නේ. ඒ වගේම සමූපකාරෙට සැමන් සපයන කෙනාට කලින් එක ටින් එකකට රැ.130 ක් ගෙව්වා නම් ඒක රැ. 110 කරන්න ඕන. දැන් රැ. 110 ට අරගෙන රැ. 200 ට විකුනලා පොල් වල පාඩුව සැමන් වලින් පියවනවා. ඒකයි සිස්ටම් එක.

    ඉතිං සමූපකාරෙට සැමන් සපයන කෙනා වගේ තමයි බැදුම්කර වලට සල්ලි දාන අය. ඒ කියන්නේ මිනිස්සු හා බැංකු වැඩි සල්ලි මහ බැංකුවේ බැදුම්කර වලට සපයනවනේ. ඒවට ගෙවන ගාන අඩු කරනවා. හරියට රැ. 130 සැමන් ටින් එකට පස්සේ රැ. 110 ක් ගෙව්වා වගේ. ඒ වගේම මහ බැංකුවෙන් අනෙක් බැංකු වලට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා. හරියට රැ. 150 පොල් ගෙඩිය රැ. 200 ට වික්කා වගේ. මහ බැංකුවෙන් සල්ලි මදි බැංකු වලට දැන් වැඩි පොලියට ණය දෙනවා ඔන්න. එතකොට ඒ වැඩි පොළිය ගෙවලා බැංකු වලින් ගන්න සල්ලි වලින් මිනිස්සුන්ට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.

    දැන් තේරෙනවද වැඩේ ? මහ බැංකුවේ මේ වංචාව නිසා සාමාන්‍ය මනුස්සයෙක් ණයක් ගන්න ගියාම අය කරන පොලිය වැඩි කරන්න වෙලා. හරියට රැ. 150 ක සැමන් ටින් එක රැ. 200 උනා වගේ. ඒ වගේම බැංකු වල මුදල් තැන්පත් කලාම ගෙවන පොලිය අඩු කරන්න වෙලා. හරියට සමූපකාරෙට සැමන් සපයපු කෙනාට ගෙවපු රැ. 130 ක මුදල රැ. 110 ක් දක්වා අඩු කලා වගේ.

    දැන් සමූපකාරෙට සැමන් සපයපු ආයතන පාඩු ලබනවා. ඇයි ? රැ. 130 ක් දෙන්නම් කියලා ගත්ත සැමන් ටින් එකකට ගෙවන්නේ රැ. 110 ක් විතරනේ. අන්න ඒ වගේ තමයි මහ බැංකුවේ බැදුම්කර වල ආයෝජනය කරපු සේවක අර්ථසාධක අරමුදලට වෙලා තියෙන්නේ. එයාලට ගෙවන්න හිටිය ගානට වඩා අඩුවෙන් තමයි දැන් ගෙවන්නේ. ඒ කියන්නේ මිලියන ගානක් වෙච්ච වැඩ කරන ජනතාවට ගෙවන අර්ථසාධක පොළිය මේ වැඩේ නිසා අඩු වෙනවා. සිංගප්පූරැ පුරවැසියාගේ බෑනාට බිලියන ගණනක් ලාභ ලබන්න, සාමාන්‍ය වැඩ කරන ජනතාවට ලැබෙන්න නියමිත පොළිය අඩු කරනවා. ඒ වගේම ඒ ලාභය ලබන්න මිලියන ගානක් බැංකු වලින් ණය ගන්න එන අයගෙන් අය කරන ණය පොළිය වැඩි කරනවා.

    සරළව කියනවා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා ලබපු ලාභය හෙවත් මහ බැංකුව ලබපු අලාභය පියවන්න සාමාන්‍ය ජනතාව මත බර පටවනවා. මේ පාඩුව පියවන්න ඕන නම් තව අවුරැදු 7 ක් 8 ක් මේ විදිහට යන්න ඕන.

    වෙනදා අවුරැද්ද අවසාන වෙන්න කිට්ටු වෙද්දී ටාගට් එක ගහන්න විවිධ බැංකු පොළිය වැඩි කරලා විශේෂ පොළී අනුපාත දීලා මිනිස්සුන්ගේ තැන්පතු ගන්නවා මතක ඇතිනේ. දැන් මේ 2017 අවුරැද්දේ අවසාන කාලය නේ. දැකලා කියනවද කිසිම බැංකුවකින් මේ වතාවේ එහෙම විශේෂ පොළී අනුපාත දෙනවා ? නැහැ නේද ? රාජ්‍ය හා පෞද්ගලික හැම බැංකුවකම සල්ලි බැදුම්කර වල දාලා තියනවා. ඒ හැමෝටම දැන් පාඩුයි. ඉතිං පාඩු ලබන බැංකු කොහොමද වැඩි පොළී දෙන්නේ තැන්පත් කරැවන්ට ? ඒ වෙනුවට ණය පොළිය නම් වැඩි කරනවා නහුතෙට.

    සමහර මිනිස්සුන්ට බැදුම්කර සිද්ධිය ගැන කිසිම අවබෝධයක් නැතත් මොකක් හරි හොරකමක් වෙලා තියනවා කියන අවබෝධය තියනවා. ඒකත් ලොකු දෙයක්.

    ඔන්න ඕකයි මහ බැංකු බැදුම්කර වංචාව කියන්නේ? තේරැම් ගත්තා නම් ෂෙයා කරලා තව කෙනෙක් දැනුවත් කරමු.

    -උපුටා ගැනිමකි-