මත්තල ගුවන්තොටුපල ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. එහි යම් කොටස් ප්‍රමාණයක් විකිණීමට කටයුතු කරන බවයි ඔහු කියන්නේ. මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ලබාගත් ඩොලර් මිලියන 100 ක ණය මුදල ද ගෙවිය යුතුව ඇති අතර දැනටත් එය මිලියන 100 ක පමණ පාඩුවක් ලබන බවත් ඔහු කියනවා.
“මත්තල ගුවන් තොටුපල දැනට මිලියන 100 ක් පමණ පාඩු ලබන ගුවන් තොටුපලක්. කොවිඩ් අර්බුදය සහ වෙනත් කාරණා නිසා එතන්ට ගුවන් යානා යන්නේ නැහැ. නමුත් අපට දෙවෙනි ගුවන් තොටුපලක් රටට අවශ්‍යයි. මොකද යම් ආකාරයකින් මේ ගුවන් තොටුපලේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත්, අපිට ආපහු ඉන්දියාවට ගුවන් යානා හරවන්න බැහැ. ඒ නිසා එක්තරා ආකාරයකින් මත්තල ගුවන් තොටුපල තියෙන්නේ අපේ තවත් ආරක්ෂිත ගුවන් තොටුපලක් හැටියට. එතකොට විනාඩි 20කින් විතර එතන්ට ගුවන් යානා යවන්න පුළුවන්. නමුත් එය ආදායම් උපදවන ගුවන් තොටුපලක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසා අපි දැන් ඒ ස්ථානයේ ගුවන් යානා සඳහා වෙනත් විවිධ පහසුකම් ලබා දීම පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ සඳහා අපි ලෝකයේ සෑම රටකම ගුවන් යානා සමාගම් සහ ව්‍යවසායකයින්ට යෝජනා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එය සාර්ථක වෙයි කියලා හිතනවා.
ඒ වගේම මත්තල ගුවන් තොටුපල ගුවන් තොටුපල ඩොලර් මිලියන 100ක පමණ ණයක් අරන් අපි හදලා තියෙන්නේ. ඒ ණය අපි ගෙවිය යුතුයි. ඒ නිසා අපි ඒ ගුවන් තොටුපලේ කාර්යයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යභාරයක අපි යෙදෙන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි ඉදිරියේ දී කරගෙන යනවා. මෙහි පළවෙනි පියවර ඒ ගුවන් තොටුපලට ආදායම් ලබා ගැනීම සඳහා අපි ගෙනයන වැඩපිළිවෙල අසාර්ථක වුණොත් හරි. නැත්නම් සමාගමේ යම් කොටස් ප්‍රමාණයක් විකුණනවා” යි අමාත්‍යවරයා සඳහන් කරනවා.