විවිධ තේරුම් හා අර්ථ කථනයන් මේකට සම්බන්ධ කරලා හිතන්න පුළුවන්..
නුතන සමාජයේ ජරා ජීර්ණ දේශපාලුවන් බලය ලබා ගත්තයින් පසු බලයෙන් උද්දාම වී කරනා අණුවන කම් තුලින් තමන්ගේ බල කාලයේ අවසනදී නැවත ජනතාවගේ කැමැත්ත නොලැබීම නිසා එම බලය අහිමි වි ගිය විට හරියට මෙම නිර්මානකරුවා මෙම නිර්මානයේ පැහැදිලිව කියනා බැලුමක හුලං ගිය තත්ත්වයට නිතැතින්ම ගොදුරු වෙනවා..
මෙම නිර්මානකරුවා විෂම සමාජයේ මුල්ලකට දමා තිබුනු ප්රස්තූතයක් කරලියට ගෙන දුවිලි හොඳීන් පිසදා බහුතරයක් ජනතාව දැනුවත් කිරීම සඳහා මේසේ සමාජගත කිරීම ගැන පලමුව ඔබට මගේ ආචාරය....
ඔබේ නිර්මාන ගෙන යා යුත්තේ කවරෙකුටද හා කවර දිසාවකටද යන්න හා සබැඳිව ඔබ විසින්ම තෝරාගත් මග ඉතා පැහැදිලි බව මට ඉඟියෙන් මෙන් දැනේ...
තව දිගටම ලියන්න..මල්ලියට ජය...