බැලුම්ගල ඇතුළු මීඩියා කාරයොන්ගෙ ෆේක් වැඩ

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Neth fm බැලුම්ගල රීච් වෙන්න කාලයක් තිස්සෙ කරන් එන වැඩක් තමා තනිකරම බොරු කතාවක් ගොතලා ඒක ඇත්ත කතාවක් වගේ සමාජයට අතාරින එක. ඔය මූණ වහන් කරන වැඩෙත් නොදන්න උන්ට ඒක විශ්වාසකරවන්න ගන්න ට්‍රික් එකක්. මොකෝ මූණ වහන් ඉන්නෙ මොකාද කියලා ගොඩක් උන් දන්නවනේ😂 එහෙනම් වොයිස් එකත් වෙනස් කරන්න එපැයි ඔච්චරට අවදානමක්නම් ඔය වැඩසටහන වෙන එකෙක් ලව්ව කරනවනේ😂

    ඉතිං වැඩේ තියෙන්නේ මුන්ගේ මේ වැඩේට තාම කට්ටිය සෑහෙන්න ඇන්දෙනවා. හොඳම ආතල් එක මුන්ගෙ blog එකේ දාන ඒවා. කැරිම ෆැන්ටසි කතා ඇත්ත කතා වගේ ප්‍රමෝට් කරනවා😂 මොළයක් තියෙන එකෙක්ට පේලි දෙකක් කියවද්දි තේරෙනවා හෙනම ළාමකයි.

    youtube එකේ පාතාලේ ගැන දාන videos වල කතා 99%ම වගේ බොරු. phone calls ගොඩක්ම වගේ මුන්ගෙම උන් දාලා කරන ඒවා තනිකරම sripted, photos උනත් එහෙමයි. ඒවා ගැන පොලිසිය පන්නන්නැති නිසා උන් බය නැතුව දානවා පොලිසියෙ උනුත් දන්නවා ඇති මුන්ගෙ පච ගැන😂 මොකද මුන්ගෙන් ඇහුවම අනිවාරෙන් ඇත්ත කියනවා ඇතිනේ පොලිසියේ උන්ට.

    ඉතිං එහෙම දඩාරම අතේ මාට්ටු වෙන බොරුවක් පෙන්නනම් උන්ගෙ. මේකද කොහෙද උන් කරපු ළාමකම බොරුව. බලපන්කො ඔය video එකේ thumbnail එකම😂

    kv ශාන්තලු. මිනී 100කට වඩා මරලා මොකෙක්වත් දන්නෑලු. ගෝඩ් ෆාදර්ලු. බලපන්කො හෙනම රැන්ඩම් විදිහට පේන්න ගහලා තියෙන සිඟිති ලයින් එකේ photo ටික. 90න් පස්සෙ කොල්ලෙක්ව දම්මලා smart phone කැම් එකකින් ගහපු photo කියලා උඹලට දැක්ක ගමන්ම පේනවනේ. මේකටත් අහුවෙන උන් ඉන්නවනේ බන්.😂 video එකෙන් කාලක් විතර බලලා ගොන් ආතල් එක රසවිඳලා මේ කියන්නේ. ඔය එහාපැත්තෙ ඉන්න kv ශාන්තගෙ පුතාගෙ චරිතෙ කරන එකා මුන්ගෙ ස්ක්‍රිප්ට් එකට අනුව රඟපාන්න හෙනම ට්‍රයි එකක් දෙන විදිහ බලහන් හෙනම cringe😂 නෙත් fm බැලුම්ගල ඇයි බන් මෙච්චරම ගොබ්බ විදිහට බොරුවක් කියන්නෙ. යකෝ මම පත්තරේට ලියලා තියෙනවා ඔයිට වඩා realistic විදිහට ඉරිදා පත්තර 4කම යන්න. පත්තර කාරයෝ ඔය කතා දාන්නෙ උන්ගෙ මාධ්‍යවේදියෙක් ගිහින් ඇත්ත ජීවිතෙ මනුස්සයෙක්ගෙ
    කතාබහක් කරන විදිහට ඒකට වෙන්වුන කොටසේ. නැතුව ස්ටෝරි පිටුවල නෙවේ. ඕවා බලන උන්ට ඇත්ත සිද්දියක් කියලා හිතන්න තමා එහෙම දාන්නෙ. කැරිම බොරුවක් මේ media කරන්නේ. මේක දකින උන්වත් ඒක තේරුම්ගනිල්ලා මේකෙම බැලුම්ගල උන්ට රැවටිලා ඒක ගැන tread මම දැකපු නිසා මේ කතාව කිව්වෙ. දන්න දන්න උන්ට කියලා දීපල්ලා මුන්ගෙ බොරු ගැන😂

    ඉන්ඩස්ට්‍රි එකේ කාලයක් ඉන්න මීඩියාකාරයෙක් ළඟින්ම සහ අසල්වැසියෙක් විදිහට ආශ්‍රය කරන්න වෙන නිසා සහ සමහර ලියන වැඩ වලට ,උන්ට රීච් වෙන්න සපෝට් ඉල්ලන වැඩ ,එඩිට් කරන වැඩ මටත් කරන්න වෙන නිසා මීඩියාකාරයෝ,පත්තරවල මගඩි ගැන හොඳ අවබෝධයක් අත්දැකීමක් තියෙන නිසා උඹලට මම කියන එක විශ්වාස කරන්න පුළුවන්.
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    අඩෝ මටත් ඕකෙ කන්ටැක්ට් හොයල දියන්කො බිස්නස් එක ප්‍රමෝට් කරගන්න. මුන් අර ජාවාරම් හෙලි කලා කියල දාන ඒවයින් හොඳට ප්‍රමෝට් කරගන්න පුළුවන්. අර ඇග්‍රි බඩු ගෙන්නපු එකාට දැන් බිස්නස් ඩබල් ලු. මුන් මුළු මැශින් එක ගැනම ෆ්‍රී ඇඩ් එකක්නෙ දෙන්නෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ඕකෙ ඉන්නවා එකෙක් පොඩි කාලෙ රෙද්දෙ රීගෙන නෑ කියන උන්ගෙ මූණු තියෙන ටයිප් එකෙක්. එක පාරක් අර චාන්යා ගොන් බඩ්ඩ එක්කෙ සෙක්ස් ගැන කියවනවා දැක්කා හෙනම චාටර් 🤮😂
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕකුන් තමන්ට දෙයක් කරනකන් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ එහෙම උන් සෙට් එකක් කියලා. ධර්මයයි ඔබයි කියලා ආරාමයක් තියෙනවා. ඒ මිනිස්සු පාඩුවෙ බණක් කියාගෙන ඉන්නෙ. අමු අමුවෙම බුදු බණ කියන්නෙ, ඉන්න සංඝ ප්‍රජාවට රිදෙනවා ඉතින්. මොකද උනේ මුන්ට ලැබුනා නිවුස් එක විස්තරය, මෙහෙම තැනක් තියෙනවා කියලා..

    කෝල් කරලා එඩිට් කරලා (හෙනටම) දැම්මා ප්‍රෝග්‍රෑම් එකක් යූටියුබ් එකේ. එකෙක් බැනලා නෑ. සේරම උඹලට මොළේ පෑදියල්ල කියලා කමෙන්ට් කරල තිබුනෙ. මම මේ දැන් බැලුවා කමෙන්ට් ඕෆ් කරලා. චැනල් එකෙන්ම ඒ වීඩියෝ එකේ විතරයි කමෙන්ට් හංගලා තියෙන්නෙ.

    ඔය අතර, අපි සංවිධානය කරලා නෙවෙයි, මිනිස්සු 1 ස්ටාර් රිවීව් දැම්මා මුන්ට. අන්තිමේ පේජ් එක බැස්සා පහලම, රිවීව් රේට් එක, මොකද කරේ, හයිඩ් කරා රිවීව්ස්. හයිඩ් කරා කියන්නෙ, කෙලින්ම ඕෆ් කරලා රිමූව් කරා රිවීව් ටැබ් එක.

    දවස් තුනකට පස්සෙ බෑඩ් රිවීව් එන්න ගත්තා ආරාමෙ පේජ් එකට. ප්‍රොෆයිල් වලට ගිහින් බලනකොට සේරම උන් නෙත් එකේ වැඩ කරන උන්. පට්ටම පැතටික්. හිතපං. කෝල් එඩිට් කරලා විකෘති කරලා පාහරම ප්‍රෝගෑම් එකක්, අමූලික බොරු එක්ක දැම්මා, කමෙන්ට් සේරම මැකුවා, රිවීව් හැංගුවා. පස්සෙ මාධ්‍ය ආයතනයකුත් කියලා අමතක කරලා වැඩ කරන උන් ලවුවා බෑඩ් රිවීව්ස් දැම්මා පන්සලකට. ඉතින් පට්ටම චාටර් පිරිසක් තමයි ඔය.
     
    Last edited:
    • Like
    Reactions: Gunther

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Inflation එක මුන්ගේ බිස්නස් වලටත් බලපාලා මම හිතන්ෙන්. Issara mun boru dewala hooniyan walata elawa elawa gehuwa. Den unma ewa promote karanawa😂
    Mama dekka hooniyam goda dana hamuduru kenekwa sehena promote karanawa mun youtube eke 😂.
    Bottomline is people change. Specially when it comes to money.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඕකුන් තමන්ට දෙයක් කරනකන් කවුරුත් විශ්වාස කරන්නෙ නෑ එහෙම උන් සෙට් එකක් කියලා. ධර්මයයි ඔබයි කියලා ආරාමයක් තියෙනවා. ඒ මිනිස්සු පාඩුවෙ බණක් කියාගෙන ඉන්නෙ. අමු අමුවෙම බුදු බණ කියන්නෙ, ඉන්න සංඝ ප්‍රජාවට රිදෙනවා ඉතින්. මොකද උනේ මුන්ට ලැබුනා නිවුස් එක විස්තරය, මෙහෙම තැනක් තියෙනවා කියලා..

    කෝල් කරලා එඩිට් කරලා (හෙනටම) දැම්මා ප්‍රෝග්‍රෑම් එකක් යූටියුබ් එකේ. එකෙක් බැනලා නෑ. සේරම උඹලට මොළේ පෑදියල්ල කියලා කමෙන්ට් කරල තිබුනෙ. මම මේ දැන් බැලුවා කමෙන්ට් ඕෆ් කරලා. චැනල් එකෙන්ම ඒ වීඩියෝ එකේ විතරයි කමෙන්ට් හංගලා තියෙන්නෙ.

    ඔය අතර, අපි සංවිධානය කරලා නෙවෙයි, මිනිස්සු 1 ස්ටාර් රිවීව් දැම්මා මුන්ට. අන්තිමේ පේජ් එක බැස්සා පහලම, රිවීව් රේට් එක, මොකද කරේ, හයිඩ් කරා රිවීව්ස්. හයිඩ් කරා කියන්නෙ, කෙලින්ම ඕෆ් කරලා රිමූව් කරා රිවීව් ටැබ් එක.

    දවස් තුනකට පස්සෙ බෑඩ් රිවීව් එන්න ගත්තා ආරාමෙ පේජ් එකට. ප්‍රොෆයිල් වලට ගිහින් බලනකොට සේරම උන් නෙත් එකේ වැඩ කරන උන්. පට්ටම පැතටික්. හිතපං. කෝල් එඩිට් කරලා විකෘති කරලා පාහරම ප්‍රෝගෑම් එකක්, අමූලික බොරු එක්ක දැම්මා, කමෙන්ට් සේරම මැකුවා, රිවීව් හැංගුවා. පස්සෙ මාධ්‍ය ආයතනයකුත් කියලා අමතක කරලා වැඩ කරන උන් ලවුවා බෑඩ් රිවීව්ස් දැම්මා පන්සලකට. ඉතින් පට්ටම චාටර් පිරිසක් තමයි ඔය.
    මුන් ඔය වගේ තැන් කීපයකටම ඔහොම කරා. 2012 වගෙත් ඔහොම එකක් ටිකක් ලොකුවට ගිහින් උන් සතියකට විතර පස්සේ සමාව ගත්තා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    නේත් එදා ඉඳලම බොරුව කළේ. කාලයක් නාකි මයිනට කඩේ ගියා. දැන් පොනිලට කඩේ යනවා වගේ පේන්නේ. උන් හෙන බෞද්ධ චැනල් එකක් කියලා පෙන්නන් හෙන ගේමක් ගහනවා. බොක්කේ දඩමස් ටයිප් එකේ සෙට් එකක්