බැලුම්මහරේ

prabo22

Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    muslim huththala protest ekak kara nam mahindaya puka deegena unta oni dhe denne,, muta mula mathaka ne,,,
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    9079_202160533281443_1599313863_n.jpg
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේ වෙලාවේ හමුදාවමයි වැරදි කියන එක නම් අනුමත කරන්න බෑ මොකද එයාල බැදිලා ඉන්නේ orders ලැබෙන විදියට වැඩ කරන්න. කොහොමවුනත් අපේ රටේ පාලනය ගැන අන්තිම අඩියේ ඉතුරු වෙලා තිබුන වතුර බින්දුවක් තරම් විශ්වාසෙත් මේ සිද්දිය නිසා මගේ හිතින් නම් නැති වෙලා ගියා. :(

    kawuda ponnayek mata rep- dila me kathawata :lol: uta hari loku athi uge higana rep points tika :lol:
     

    chandana02187

    Member
    Apr 7, 2007
    18
    1
    3
    රතුපස්වල ‘වින්ග්‍රොස්’ කම්හලේ වැඩි කොටස ධම්මික පෙරේරාගේ
    August 3, 2013 at 12:02 am | lanka C news

    වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී තිබේ. මෙම ප්‍රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත් ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන බවත් ඔවුන් පවසති. ජනතාවට පහර දී තුවාල සිදුකර එක් අයෙකුට මරණය සිදුකළ මෙම සිද්ධියට සම්බන්ධ වාර්ථා හමුදාවට වාසි වන ලෙසට වාර්ථා කරන්නට පටන් ගෙන තිබීම ගැනත් උසස් පොලිස් නිලධාරින් අතරේ අප්‍රසාදයක් හටගෙන ඇත.

    ජනතාවට ජල ප්‍රහාර එල්ල කරන්නට රැගෙන ආ ජල බවුසර් දෙක ප්‍රයෝජනයට ගෙන නැති බව පොලිසිය කියයි. ඒ වගේම හත්දහසක් පමණ රැස් වී සිටි වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ බවත් වාර්ථා වී තිබේ. ඒ වෙනුවට වෙඩි තබමින්, පොලුවලින් පහර දෙමින්, පිහිවලින් කැපීම අවම බලය යෙදවීමක් නොවන බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් 16 වියැති පාසල් සිසුවෙක් වෙඩි වැදී මරුමුවට පත් වී තිබේ. පාසල් ගොස් පැමිණෙමින් සිටිය දී එල්ල වූ වෙඩි පහරක් සිසුවාගේ උදරයට වැදී ඇත. ඔහු වැලිවේරිය, හෙලන්වත්තේ පදිංචිකරුවෙකි. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා සිද්ධිය වූ වැලිවේරිය නගර මධ්‍යයට ඊයේ (02) දහවල් පැමිණියේය.

    මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු දහවල් 11.30 පමණ කොළඹ නව නුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරිණ. ළිං ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසුවන බවට ජනතාව චෝදනා කරන වැලිවේරිය,රතුපස්වල පිහිටි ‘වින්ග්‍රොස්’නැමැති කර්මාන්ත ශාලාව හේලීස් සමාගමට අයත් කම්හලක් බව දැනගන්නට තිබේ. හේලීස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාට ය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමි බව වාර්ථා වේ.

    - ලක්බිම පුවත්පතිනි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආහ් සුනිමලා උබේ අම්මට හු*න්නෙත් මේ වගේ බල්ලෝ සෙට් එකක් තමා..මේක frame කරලා ගිහින් ඒකිගේ කාමරේ එල්ලපන්.:lol:
    සැර වැඩිද දන්නේ නැහැ මචන් :rofl:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඊළඟ ජිනීවා නඩුවාරේදී මේ වීඩියෝ ලෝක නායකයෝ ඉස්සරහ දාල පෙන්නුවම කාටද ආඩම්බර
    චැනල් 4 වීඩියෝ නිකන්ම ඔප්පු වෙනවා
    තමන්ගේ ජනතාවට මෙහෙම නම් දෙමළුන්ට කොහොම දෙන්න ඇතිද
    දැන් ඉතිං කාල වරෙල්ල
    ලංකාවට නම් ගොඩ ඒමක් නෑ
    එක්කෝ වෙන රටකින් ඇවිත් අල්ලගන්න ඕනි
    මොකද ලංකාවේ විපක්ෂේ ඉන්න පක්ස්ලට ආණ්ඩු පෙරලන්න තියා කෙලින් කටක් ඇරලා වචනයක් කියාගන්න බෑ

    :sorry::sorry::sorry::(:(:(
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    Army wahana walata patawan giya aya maruna list eketh naha hospital eketh naha :( Mage yaluwek hodatama baya wela inne ayya naha kiyala :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    554024_654955641204213_1242051375_n.jpg


    කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම පිළිබඳව විරෝධය පළ කළ වැලිවේරිය ප්‍රදේශයේ ජනතාව හා යුද හමුදාව අතර ඇතිවූ ගැටුමකින් වෙඩි වැදී මිය ගිය වැලිවේරිය හෙලන්වත්තේ පදිංචි අඛිල දිනේෂ් ජයවර්ධන (16)පාසල් සිසුවාගේ මෘත දේහය ඔහුගේ මව වන ප්‍රියංගිකා ජයවර්ධන මහත්මිය විසින් (2දා) උදේ ගම්පහ මහ රෝහල් මෘත ශරීරාගාරයේදී හඳුනාගනු ලැබුවාය.

    ඔහු යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබයි.
    එම ගැටුමෙන් තවත් 30 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින අතර බරපතළ තත්ත්වයේ පසුවන අයකු කොළඹ මහ රෝහලට මාරු කර යවා ඇත.

    (1දා) රාත්‍රි 8.15ට පමණ සිදුවූ එම ගැටුමෙන් මියගිය අඛිල දිනේෂ් ශිෂ්‍යයා, බියගම වෙළෙඳ කලාපයේ රැකියාව නිමවා නිවෙසට පැමිණෙන තම මව බැලීමට නගරය දෙසට යද්දී එම ගැටුමට මැදිවී ඇත.

    ගැටුමෙන් පසුව අතුරුදන්ව සිටි එම ශිෂ්‍යයා (1දා) රාත්‍රි පුරාම ඔහුගේ ඥාතීන් විසින් සොයා බලා ඇති අතර (2දා) ගම්පහ රෝහලේදී ඔහුගේ මළ සිරුර හඳුනාගෙන තිබේ.

    රැකියාව නිමවී නිවෙස් බලා යන්නන්ටද හමුදාව සහ පොලිසිය පොලු, තුවක්කු මිටිවලින් පහරදෙමින් ඉවක් බවක් නැතිව වෙඩි තබමින් භීෂණකාරී තත්ත්වයක් ඇති කළ බවත් රබර් උණ්ඩවලින් වෙඩි තැබීම නිසා තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මියගිය සිසුවා සමඟ සිටි ඔහුගේ මිතුරකු වන රුවන් චාමර මහතා 'මව්බිම'ට පැවැසීය. ප්‍රියංගිකා ජයවර්ධන මහත්මිය විසින් (2දා) උදේ ගම්පහ මහ රෝහල් මෘත ශරීරාගාරයේදී හඳුනාගනු ලැබුවාය.
    ඔහු යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබයි.

    එම ගැටුමෙන් තවත් 30 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින අතර බරපතළ තත්ත්වයේ පසුවන අයකු කොළඹ මහ රෝහලට මාරු කර යවා ඇත.​
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ‘දත් තිස් දෙකට‘ මැදිවුණු පැය හතරක් ~
    ~~~~~~~~~~~~~~~~~~~~~~

    වැලිවේරියේ ගැමියන්ගේ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙනෙක් පුරා පැය හතරක් පමණ පණ බියේ ගැහෙමින් වැලිවේරියේ නිවසක කළුවරේ ගොළුවන් සේ සිටි සිද්ධිය එහි සිටි මාධ්‍යවේදියෙක් විස්තර කරයි.

    ‘හමුදා සෙබළුන් හතර දෙනෙක් එතැන තිබුණු ඉනිමගෙන් උඩට නැගලා අපි දෙන්නා වට කරගත්තා. ඔවුන් ඇහුවා මෙතන මොකද කරන්නේ කියා. අපි කිව්වා ‘මීඩියා‘ කියලා. කැමරා කෝ කියලා ඔවුන් ඇහුවා. හමුදාවේ දෙදෙනකු බැටන් පොලු දෙකක් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට තබා තද කරගෙන හිටියා. ඉන් පස්සේ එතැන හිටපු අනිත් හමුදා සාමාජිකයන් දෙදෙනා තවත් මාධ්‍යවේදියකු අත තිබූ බ්‍රීෆ්කේසය අරින්න කිව්වා. ඒක ඇර කැමරාව ගත්තා‘
    භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් රතුපස්වලට එන බවට ආරංචියක් ලැබී ඔවුහු එතැනට ගියහ. වැලිවේරියෙන් එහා පැත්තට යන්න බැරි වෙන විදියට පාර වසා තිබිණි.

    ඒ වෙනකොට උද්ඝෝෂණයට හාර දහසක් පන්දහසක් එකතු වී සිටිහය.
    ‘අපි පාරේ ඉඳන් ඡායාරූප ගනිමින් සිටියදී ආරංචි වුණා බැලුම්මරදි මාධ්‍යවේදීන්ට ගහලා කියා. අපිට ඕනෑ වුණේ කැමරා ආරක්ෂා කරගන්නයි. උද්ඝෝෂණය කරන පාර හොඳට පේන තැනක් බලලා අපි කඩේක වහළයක් උඩට නැංගා. එතැන මාධ්‍යවේදීන් අට දෙනකු විතර හිටියා.

    සන්නද්ධ හමුදාව වැලිවේරිය පැත්තට එනවා දැක්කම අපි එක්ක හිටපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙනත් තැනකට ගියා. යුද හමුදාව අවට වතු වලින් පොලු කඩාගෙන එන හැටි දැක්කා. එක අතකින් මුගුරුත්, අනිත් අතින් තුවක්කුත් අරගෙන යුද හමුදා පිරිස් ඉදිරියට ආවා.

    අපි ඉන්න හරියට එද්දී හමුදා නිලධාරියෙක් ඇඟිල්ල දිගු කර කැමරා අයින් කර ඉවත්වන ලෙස අණ කළා. අපි එතැනින් බිමට බහින්න හිතාගෙන පස්සට ගියා. අප සිටින තැනට යන ලෙස ඒ නිලධාරියාම භටයන් කිහිප දෙනෙකුට සංඥා කළා.
    ඔවුන් අප සිටි තැනට ඇවිත් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට පොලු දෙකක් තබා තදකරගෙන සිටියා. පස්සේ මට බිමට බහින්න කිව්වා. ඔවුන් අපටට බැණවැදුණා. මොනවට උඩට නැංගාද කියා. අප ඉනිමගෙන් පහළට බැස්සා. ඔවුන් ඉවරයක් නැතිව බැණ වැදුනා. ඉන් පසු අපි මැදි කරගෙන යුද හ්‍මුදාවේ හතර දෙනා හමුදාවේ පිරිස් වැඩිපුර ඉන්න පැත්තට අප රැගෙන ගියා.

    ‘මාධ්‍ය තමයි මේවා අවුස්සන්නේ. මුං ඇවිත් තියෙන්නේ අරමිනිස්සුන්ගේ ෆොටෝ ගන්න නෙමයි. අපි පොලු අරන් ඉන්න ඒවා ගන්න .‘ යැයි කියමින් ඔවුන් බැණ වැදුනා.

    එතැන කඩේක හිටපු තරුණයන් පිරිසක් අප එතැන හිටපු කඩයකට අරගෙන ගියා. ඉන් පස්සේ යුද හමුදාව ගහන්න ගත්තා. උද්ඝෝෂකයනුත් යුද හමුදාව පැත්තට ගල් මුල් ගසන්න පටන් ගත්තා. අප සමග ගම්වැසියන් 20ක් පමණ හිටියා. එක්වරම හමුදාවේ පිරිසක් කුණුහරප කියාගෙන අපිට ගහන්න දුවගෙන ආවා. ඒ හරියේ ගේට්ටුවක් ඇරලා තිබුණු වත්තකට අපි දිව්වා. දුවන ගමන් ගේට්ටුවත් වැහුවා. ඒ වෙනකොට දෙගොල්ල ගහගන්නවා. වෙඩි සද්දෙත් ඇහුණා. අපි එක්තරා ස්ථානයකට දුවලා දොරවල් වැහුවා. මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග පහලවක් විතර ඒ තැනට දිව්වා. අපි නිවසේ විදුලිපහන් නිවා දැම්මා. ඉන් පසු යුදහමුදාව ගේට්ටුව ඇරගෙන ඇතුළට ඇවිත් දොරටත් ගහුවා.

    වෙඩි සද්දේ තදින් ඇහුණා. පැරා ගහනවා දැක්කා. මිනිසුන් කෑහනවා ඇහුනා. අපි ඉන්න තැන වටේම හමුදාව සිටියා. ඔවුන් අපව සොයන බව අපට තේරුණා. හයියෙන් කතා කරන්නත් බෑ එළියට ඇහෙනවා. ‘​
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    ammata udu. ussalada? :baffled::baffled::baffled:
    :( Ane manda :( Wedi wadila watuna ayai / maruna ayage body's wahana walata danawa dakapu ayath innawalu. Oya maruna kiyana 16y lamayage body eke minissu aran giya nisai eka hari oya paththara wala dala thiyenne lu. naththam ekath ithin missing thama :( Yaluwa katha karala kiwwe :(