බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කර තිබේ.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට එම නඩුව පවරා තිබුණි.

    නඩුව අද කැඳවූ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන හෙයින් ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දී තිබේ.

    ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයට භාර දී ඇත.

    එමෙන්ම මෙම නඩුවේ ඇප ලබාදුන් අවස්ථාවේදී සෑම මාස තුනකට වරක්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට අධිකරණය මඟින් ඇප කොන්දේසියක් පැනවූ බවත් එම ඇප කොන්දේසිය විත්තිකරු විසින් මේ දක්වා කඩකර නොමැති හෙයින් එය ද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම්වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විරුද්ධත්වයක් දක්වා නොමැත.

    ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසත් නියෝග කළේය.

    කෙසේවෙතත් විදෙස්ගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කර තිබේ.

    Derana
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මල්වානේ ගෙදර අයිතිකරු හමුවේ. .........

    අනාගත කාළ ආණ්ඩු ක්‍රියා වාක්‍යයක්.