බැසිල් අස්වෙයි.. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට

thomian

Well-known member
  • May 20, 2011
    12,836
    18,044
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.

    ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇතැයිද එම තොරතුරු පැවසීය.

    ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු ආර්ථිකය, ආයෝජන ප්‍රවර්ධන වැනි ආර්ථිකයට අදාල ප්‍රබල අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවද සඳහන්ය.

    පාර්ලිමේන්තුවට පිවිස ප්‍රබල අමාත්‍ය ධූරයක් බාර ගැනීම සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතාද මෑතකදී ඉඟි පළ කර තිබිණි.

    Source
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,525
    113
    images
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රටටම ඕන කරන ටයිල් ටිකවත් හදා ගන්න බැරි පොන්නය ඒ පාර රට හදන්න පාලිමන්ට් අැවිත්..ෂුවර් ඵකටම බැසිල් පකයගෙ ගුණ්ඩුවක් මේකත්..