බැසිල් අසාර්ථකයි
බැසිල් අසාර්ථකයි : 113 සැදීමේ මෙහෙයුම ශ්රීලනිපය අතට.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට ගත් දේශපාලන ක්‍රියාමාර්ගය යුක්ති සහගත කිරීම සඳහා අවශ්‍ය වන 113ක බහුතර මන්ත්‍රී ගණන සැදීමේ මෙහෙයුම ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පවරා ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග වලට අනුව තිලංග සුමතිපාල, එස්.බී.දිසානායක හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ට එකී මෙහෙයුම පවරා ඇත.
මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය සැදීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුයේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේය. ජනාධිපතිවරයා විසින් අදාල මෙහෙයුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට වෙත පවරා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ අසාර්ථකත්වය සහතික වීමෙන් පසුවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 16දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවා තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ යයි ඉදිරි දින කිහිපය තුල පෙන්වන මෙන් උපදෙස් දී තිබිණ.
ජනාධිපතිවරයා විසින් පත්කර සිටි ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.
"රනිල් වික්‍රමසිංහ එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑ කියල ජනාධිපතිතුමා කීව. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අපිට වැඩ ටික කරගෙන යන්න කීව," ඔහු පැවසීය.
ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබෙන්නේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදීය.
තිලංග ඉලක්කය හඹා යමින් : 'මන්ත්‍රී මිල අයෙත් ඉහලට'
ජනාධිපතිවරයාගේ නියෝගය මත මේවනවිට ක්‍රියාත්මක වී ඇති තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාට සහය පළකරමින් අලුත් ආණ්ඩුවට එක්වන්නැයි සුළු ජාතික පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ගෙන් හා එජාපයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ගෙන් ඉල්ලීම් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙම තත්වය තුල නැවත වරක් මන්ත්‍රීවරුන්ගේ මිල ඉහල යමින් තිබෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ජාතික අමතමින් වත්මන් අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන් මුදලට විකිනෙන බවට ප්‍රචාරයක් දියත්ව තිබු බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදු කරමින් කියා සිටියේ "විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වය පසුගිය සතිය වන විට දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් විනයගරුක සහ සදාචාරාත්මක සහ ශීලාචාර සමාජයක් ගොඩනැගීමේ කාර්යය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය, ජනතා පරමාධිපත්‍ය පැහැදිලිවන ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වා, ඒවගේම ඇතැම්විට සමහර මන්ත්‍රීවරු මිලියන 500 දක්වා මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා." යනුවෙනි.