බැසිල් රටින් යයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යාමේ අරමුණින් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ ඇති බව වාර්තා වනවා.

    ඔහු අද (09) 10.06 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 651 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා ගොස් එතැනින් ඇමරිකාව බලා යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

    පසුගිය ජූලි 9 වැනි දින සිදු වූ මහජන නැගිටීම් හමුවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද රටින් පලා යාමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේදී ගුවන්තොටුපලේ මගීන්ගෙන් සහ ආගමන විගමන අංශවලින් මතුවූ විරෝධතා හේතුවෙන් ඔහුට නැවත හැරී යන්නට සිදු වුණා.

    ඉන්පසුව transparency international ආයතනය අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවක් හේතුවෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු තවත් පිරිසකට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර පසුගියදා අධිකරණය විසින් එම ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරනු ලැබුවා.

    ඒ අනුව ලබන ජනවාරි නව වැනිදා දක්වා බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් සඳහා අවසරය හිමි වී තිබෙනවා.

    මීට පෙරද මේ ආකාරයෙන්ම අධිකරණය හමුවේ චෝදනාවන් ගොනුකර තිබූ හිටපු තානාපති වරයෙකු වන උදයංග වීරතුංග, මහ බැංකු බැඳුම්කර වංචාවට වග උත්තරකරුවකු වූ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් ද රටෙන් පිටව ගොස් මෙරට නීතිමය ක්‍රියාමාර්ග මගහැර සිටි අතර උදයංග වීරතුංග වසරක ගණනාවකට පසු නැවත දිවයිනට පැමිණිය ද සිංගප්පූරුවට පලා ගිය අර්ජුන් මහේන්ද්‍රන් මෙතෙක් දිවයින්ට පැමිණ නැහැ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Sanwardhana-News.gif
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    කැරි බැසිල් හොරා කාපුවා ටික අරන් රට ගිහින් ගමට යයි උබලා අපේ සල්ලි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මැටි වැඩක් කරනවා
    කෙලවගන්නවා
    පැනලා යනවා
    ආපහු එනවා
    කාක් කාක් කාක් කාක්

    අනුර කුමාර කිව්වා නේද Airport වහනවා කියලා
    අනුරකුමාරට එයාපෝට් වහන්න බැරි වෙලා බැසිල් පැනල ගියා නේද පොන්ස් :rofl:
    ------ Post added on Nov 20, 2022 at 9:41 PM