හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යාමේ අරමුණින් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ ඇති බව වාර්තා වනවා.
ඔහු අද (09) 10.06 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 651 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා ගොස් එතැනින් ඇමරිකාව බලා යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
පසුගිය ජූලි 9 වැනි දින සිදු වූ මහජන නැගිටීම් හමුවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද රටින් පලා යාමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේදී ගුවන්තොටුපලේ මගීන්ගෙන් සහ ආගමන විගමන අංශවලින් මතුවූ විරෝධතා හේතුවෙන් ඔහුට නැවත හැරී යන්නට සිදු වුණා.
ඉන්පසුව transparency international ආයතනය අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවක් හේතුවෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු තවත් පිරිසකට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර පසුගියදා අධිකරණය විසින් එම ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරනු ලැබුවා.
ඒ අනුව ලබන ජනවාරි නව වැනිදා දක්වා බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් සඳහා අවසරය හිමි වී තිබෙනවා.
මීට පෙරද මේ ආකාරයෙන්ම අධිකරණය හමුවේ චෝදනාවන් ගොනුකර තිබූ හිටපු තානාපති වරයෙකු වන උදයංග වීරතුංග, මහ බැංකු බැඳුම්කර වංචාවට වග උත්තරකරුවකු වූ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් ද රටෙන් පිටව ගොස් මෙරට නීතිමය ක්‍රියාමාර්ග මගහැර සිටි අතර උදයංග වීරතුංග වසරක ගණනාවකට පසු නැවත දිවයිනට පැමිණිය ද සිංගප්පූරුවට පලා ගිය අර්ජුන් මහේන්ද්‍රන් මෙතෙක් දිවයින්ට පැමිණ නැහැ.