බැසිල් රාජපක්‍ෂට අගමැති ධුරය…?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහා පරිමාණ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    පී බී ජයසුන්දර මහතා සිදුකළ මූල්‍ය දූෂණ වංචා පිළිබඳව තමන් වසර ගණනක සිට දිගින් දිගටම හෙළි කළ ද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත අද ඔහු ජනාධිපති ලේකම් ධුරයට ද පත්ව ඇති බව විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ද දුෂණ වංචා රැසක් ඇති බවත් සී අයි ඒ ඔත්තුකරුවෙකු කිසිදු අනුමැතියකින් තොරව මහ ජනතාවගේ බදු මුදලින් කබ්රාල් මහතා වැටුප් ගෙවා ඇති බව ඒ මහතා පවසයි.

    ඒ අනුව පී බී ජයසුන්දර මහතාට සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට නීතිය ක්‍රියාත්මක නොවීම විමතියට කරුණක් බවත් ඔහු පැවසීය.

    අද වන විට පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලන ඕනෑම දෙයක් ඉටුකරන තත්ත්වයකට පත්ව ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී අග්‍රාමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    පොල් කඩන අයෙකුට සිය කාර්යාලයේ වැඩ කටයුතු වැඩකටයුතු කිරීමට බාර දුන්නොත් එය කළ නොහැක්කා සේ බැසිල් රාජපක්ෂ මහතාට ද මුදල් අමාත්‍ය ධුරයේ හෝ අග්‍රාමාත්‍ය ධූරයරයෙ වගකීම ඉටු කිරීමට නොහැකි බවත් ඔහු පැවසීය.

    අද රට චිනය ඉදිරියේ ණය උගුලක සිරවී ඇති බවත් චීනය ශ්‍රී ලංකාවට ණය ලබා දී ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට සමස්ත රටම ඔවුන් සතු කර ගනීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    එහි දී ලෝක බලවතා වීමට සිහින දකින චීනය ශ්‍රී ලංකාව යුධ උපක්‍රමශීලී මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේ දී යොදා ගනු ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකට එක්වෙමිනි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොරු කියන්න එපා කියාන. මොළ හත්නෝ අගමැති උනොත් ලංකාව දියුණු කරනවා දියුණු කිරිල්ලක් ආයේ......................
     
    • Haha
    Reactions: nalinpr

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කොහොමත් ඕවා පවුලෙන් පිට දෙන්නෙ නෑ..🤪(3)
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ IMF යන්න බැරි ඔක්කොම එක පවුලේ නිසා කියලා ජෙප්පෝ කියනවා. ඇත්තද ?
    ow ekath lokuma pollak thamai