බෑණා රටින් පැනිමේ මං සොයයි
ශ්‍රී ලංකා හමුදාවට අවි ආයුධ සැපයීමේ දී වංචා දුෂණ කර ඇති බවට චෝදනා එල්ලවී සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා සහ ‘හයිකෝප් ඉන්ටර්නැෂනල්’ සමාගමේ හිමිකරු වන දනුන තිලකරත්න නමැත්තා ශ්‍රී ලංකාවෙන් පලා යාමට උත්සාහ කරමින් සිටින බවත් ඔහුට ඒ සඳහා දැනට සේවයේ යෙදී සිටින මේජර් ජනරාල් මහේෂ් සේනානායක උපකාර කරමින් සිටින බවත් වාර්කා වේ. මහේෂ් සේනානායක නීතීඥවරුන් හමු වී දනුනට ශ්‍රී ලංකාවෙන් නීත්‍යනුකූලව පිටව යා හැකි ආකාරයන් පිළිබඳව උපදෙස් ලබා ගෙන තිබේ. අවි ගනුදෙනු සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන පරීක්ෂණ වලින් සහ අධිකරණ ක්‍රියාමාර්ග වලින් බේරීම දනුන තිලකරත්න මෙසේ ශ්‍රී ලංකාවෙන් පලා යාමට උත්සාහ කිරීමට හේතුවයි. විශේෂයෙන් අවි ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ රජය විසින් අල්ලස් කොමිසමට භාර දුනහොත් දනුන තිලකරත්න අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවත් එවිට ඔහුට ඇප ලබා ගැනීමට පවා නොහැකි වනු ඇති බවත් නීතීඥවරු පෙන්වා දෙති.
මේ අතර දනුන තිලකරත්නට ඇමෙරිකාවේ ඔක්ලොහාමා ප්‍රාන්තයට යාමට ද නොහැකි තත්වයක් මේ වන විට මතුව ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකාව ද විශේෂ මෙහෙයුමක් මේ වන විට අරඹා ඇති බැවිනි.