බිදුනු_සිල් !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් කෝච්චි super market හෝටල් ඇතුලේ....
    ලොකු පොඩි අය නොම දන්නා ලොකු දේ සිදුවේ...
    හිර කර ගනු බැරි තරමට සිතුවිලි පිබිදේ...
    පැයක සැනසුමට දිවියක් බිලි දී නැටුවේ....

    ලොකු ලොකු හෝටල් වල ගිය ඉස්සර කාලේ....
    කොයි කාටත් රහසින් පැය ගානට ආලේ.....
    තාක්ෂණය ලොවට ඇවිත් අද මේ කාලේ...
    වීඩියෝව කරයි උනත් ඉස්පිරිතාලේ......

    පෙම්වතියට පණ ඇරලා එක්කං එන්නේ...
    ජීවිතයම ඇගේ තමයි දිව්රා ඉන්නේ......
    ටිකෙන් ටිකයි ඇයටත් වැඩ කිඩ තේරෙන්නේ...
    අනේ ඒ වෙද්දිත් ඇගෙ නිරුවත Upload වෙන්නේ....

    දුරකථනයෙ ඇති කැමරා දර්ශන අතරේ....
    හොද හොද සෙල්ලං දෙන්නගෙ තිබුනා මිතුරේ...
    අබලන් වී එක දවසක් මේ දුරකථනේ.....
    කාගෙ අතින් හෝ වීඩියො දසතේ පැතිරේ.....

    දහසක් පැතුමන් හිත යට ගුලි කර සගවා...
    සුභ දවසක මගුල් සිරිය ජයටම රදවා...
    දෙහදක් ආදරෙන් බැදෙන හීනය දුටුවා....
    මගුලට පෙර මනාලිගේ නිරුවත දුටුවා...
    ලෝකය මගුලට පෙර මනාලිගේ නිරුවත දුටුවා....

    ඇහැක් වගේ රැකගෙන බැද දිවියෙන් ආලේ....
    දෙමාපියන් ගේ සුරතල් දෝණිය බාලේ.....
    වසල පෙමක් සමග බැදී රගමින් ලීලේ.....
    නිරුවත ලොවටම පෙන්වා බින්දා සීලේ.....

    ඉරයි හදයි දෙන්නම් ඔබ මගේ රත්තරං.....
    ඇයිද ඉන්නෙ මේ වාගේ හොටක් උල් කරං....
    යන්න එන්න මාත් එක්ක සුපිරි හෝටලෙං...
    කියන කතා වලට වසග වෙනවද කෙල්ලං ?

    පණට පණයි ඒ තරමට ආදර රැගුමන්...
    රගන නුඹට නැතිදෝ මව් සොයුරියන් ඉතින් ?
    සනසවන්න ගිනිගෙන දැවෙනා ආශාවන්...
    සෙල්ලම් බඩුවක් විලසට හිතුනද කෙල්ලන් ?

    චරිතෙ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න...
    දිවි රැකුනත් කිළුටින් පළ නැතැයි සිතන්න....
    දෙගුරුන් කියනා ඔවදන් සිහියට ගන්න.....
    වරදක් වෙන්නට කලියෙන් එයින් මිදෙන්න.....
    ජීවිතයක වටිනාකම දැනගෙන ඉන්න.....
    වරදක් වෙන්නට කලියෙන් එයින් මිදෙන්න.....


    bank-300x160.png
     

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    දහසක් පැතුමන් හිත යට ගුලි කර සගවා...
    සුභ දවසක මගුල් සිරිය ජයටම රදවා...
    දෙහදක් ආදරෙන් බැදෙන හීනය දුටුවා....
    මගුලට පෙර මනාලිගේ නිරුවත දුටුවා...
    ලෝකය මගුලට පෙර මනාලිගේ නිරුවත දුටුවා....


    :(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ammata
    කවිය කියවද්දිම මට ඔළුවට ආවෙ ඉන්දියන් සයිට් එකකුයි නේෂන් ට්‍රස්ට් අක්කයි
    අවසානයෙදි ඒ දෙකම හරි කියල දාල තියෙන පින්තූරෙන්ම තේරෙනවා....
    උඹත් පට්ට මමත් පට්ට.... ලොල්ස්...
    ලස්සනයි හොද අවවාදයක් දීල තියෙන්නෙ පුතා....
    ඒත් කොච්චර දැන දැන දැනත් දන්න උන්මනේ සමාජෙ කෙලෝ ගන්නෙ නොදන්න උන්ට වඩා.... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ammata
    කවිය කියවද්දිම මට ඔළුවට ආවෙ ඉන්දියන් සයිට් එකකුයි නේෂන් ට්‍රස්ට් අක්කයි
    අවසානයෙදි ඒ දෙකම හරි කියල දාල තියෙන පින්තූරෙන්ම තේරෙනවා....
    උඹත් පට්ට මමත් පට්ට.... ලොල්ස්...
    ලස්සනයි හොද අවවාදයක් දීල තියෙන්නෙ පුතා....
    ඒත් කොච්චර දැන දැන දැනත් දන්න උන්මනේ සමාජෙ කෙලෝ ගන්නෙ නොදන්න උන්ට වඩා.... :(
    :(:baffled::dull: