බින් ලාඩන් ඝාතනයේ මහ මොළකරු ලාංකිකයෙක්

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    බින් ලාඩන් ඝාතනයේ මහ මොළකරු ලාංකිකයෙක්

    Osama-Bin-Laden-Dead-Body-Photo-Good-Lawd.jpg
    :baffled::baffled:

    navy-seal-team-6.jpg

    :love::love::love:


    :baffled::baffled::baffled::baffled:

    ලෝකයේ මෙතෙක් බිහි වූ භයානකම ත්‍රස්තවාදියා ලෙස සැලකෙන ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන්ය. යාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්යවරයා මේ සාර්ථක මෙහෙයුමෙන් පසු ඇමෙරිකා ධවල මන්දිරය මඟින් 'වෙනස්කමේ විශිෂ්ටයා' ලෙස නම්කර තිබේ.


    මේ කරුණු හෙළිදරව් වී ඇත්තේ පසුගිය 30 වැනිදා වොෂින්ටන්හි පිහිටි ධවල මන්දිරයේදී ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට ගෞරව සම්මානයක් පිරිනැමීමත් සමඟය. ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ විශිෂ්ටයන්ට මේ ගෞරව සම්මාන පිරිනමන බව ඇමෙරිකා ධවල මන්දිරය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මේ වන විට ඇමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ශිවලිංගම් සිවනාදන් මහතා අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ ඔසාමා බිල් ලාඩන් සොයා ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. ඊට යොදාගත් නයිට් විෂන් තාක්ෂණය ඇතුළු ස්වයංක්‍රීය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කර ඇත්තේද මහාචාර්යවරයා විසිනි.:yes::yes:

    AV-Night-vision-goggles.jpg


    2012-09-05-noeasyday-thumb-620xauto-44186.jpg


    ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ටොඩ් පාර්ත් මහතා පවසා ඇත්තේ මෙවැනි විශිෂ්ටයන් ඇමෙරිකාවට පැමිණීමත්, ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීමත් ආඩම්බරයට සහ අභිමානයට කරුණක් බවයි.
    යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලබා ඇති මහාචාර්ය ශිවනාදන් මහතා, විකිරණ තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවද විශිෂ්ටයකු ලෙස පිළිගැනීමට ලක් වූවෙකි. ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන්ම උසස් අධ්‍යාපනය ලබා ඇති මහාචාර්යවරයාට ගරු කිරීම සහ ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම තමන්ගේ වගකීමක් බවද ඇමෙරිකාවේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා පවසා ඇත.
    "මාව ඇගැයීමට පත්වෙලා තියෙන්නේ මගේ වටේ ඉන්න දක්ෂ මිනිසුන් නිසා. අපේ කණ්ඩායම හැම වෙලාවෙම සාර්ථකයි" මහාචාර්යවරයා තම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් එසේ පවසා තිබේ.


    source- gossiplanka.com