බින් ලාඩ්න් මෙහෙයුම
බින් ලාඩ්න් මැරූ මෙහෙයුම කළේ මෙහෙමයි
නම කියූ පමණින් ඇමරිකානුවන් සලිත වන අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කළේ වසර ගණනාවක් තිස්සේ රැස්කළ බුද්ධි තොරතුරු වලට අනුව යමින් බව ඇමරිකානු ජනාධිපතිවරයා හෙළි කළේය.
ඔසාමා බින් ලාඩ්න් ඇමරිකානු හමුදා විසින් ඝාතනය කළබව නිළ වශයෙන් දැනුම් දීම සඳහා ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් කළ විශේෂ ප්රකාශයේදී මෙම කරුණු හෙතෙම අනාවරණය කළ අතර අදාළ බුද්ධි තොරතුරු රැස්කර ගැනීමට උපකාර කළ පුද්ගලයින්ට ස්තූතියද පුද කළේය.
ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට ඈත ප්‍රදේශයක ජීවත් වන බින් ලාඩ්න් පිළිබඳ ඔත්තුවක් ලැබුණු පසුව ඉක්මන් නොවූ බවත් නියම කාලය පැමිණෙන තුරු බුද්ධි තොරතුරු රැස්කර ගත් බවයි.
අදාළ තොරතුරු වලින් පසුව මෙම මෙහෙයුම සිදුකිරීමට තමා ගිය සතියේදී අවසර ලබාදුන් බව බැරැක් ඔබාමා කියූ අතර මේ සඳහා ඇමරිකානුවන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් පිටත්ව ගියබව කීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අනාවරණය කරන මාධ්‍ය වාර්තා පවසන්නේ ඇමරිකානු හමුදා වලින් සමන්විත හෙලිකොප්ටර් යානා දෙකක් මෙම මෙහෙයුම සඳහා පිටත්ව ගොස් තිබෙන බවයි.
බින් ලාඩ්න් රැඳි සිටි නිවස ඉස්ලාමාබාද් නුවරට කිලෝ මීටර් 60 ක් දුරින් පිහිටා තිබූ බවත් 2005 දී ගොඩනගා තිබෙන එම නිවස විශාල එකක් බවත් සඳහන්ය.
එහි දුරකතන හෝ අන්තර්ජාල පහසුකම් නොපැවති බවද වාර්තා වේ.
මෙම කණ්ඩායම හා බින් ලාඩ්න් අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් බින් ලාඩ්න් මියගිය බවත් පසුව ඔහුගේ සිරුර ඇමරිකාව භාරයට ගත් බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
වාර්තා වන ආකාරයට මෙම මෙහෙයුමෙන් කිසිදු ඇමරිකානුවෙකු මරණයට පත්වී නොමැති අතර බින් ලාඩ්න් සමග වාසය කර තිබෙන තවත් තිදෙනෙකු මරා දමා තිබේ.
මින් එක් අයෙකු බින් ලාඩ්න්ගේ පුතෙකු ලෙස සැලකෙන අතර අනිත් දෙදෙනා සහායකයින් බව කියවේ.
මෙම මෙහෙයුමේදී කාන්තාවන් දෙදෙනෙකුද තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.
ඇමරිකානු භාරයේ තිබෙන අල්-කයිඩා නායකයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු මුස්ලිම් ආගමික වතාවත් අනුව සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් DNA පරීක්ෂණ වලට අනුව එය බින් ලාඩ්න්ගේ සිරුරම බවට තහවුරු කරගෙන තිබෙන බවත් වාර්තා වේ.