බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි

    බියගම විලේජ් හෝටලයේ හිමිකරු හා ඉඩම් හිමි වැවිලි කරු ආර්. බී.ඒ . ජයරත්න මහතා (65)


    දොම්පේ ඔහුගේ වත්තේදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි
    දෙදරු පියෙකුවන ඔහු ඝාතනය කළැයි කියන ඝාතකයන් යතුරු පැදි හයකින් අවුත් වත්තේ සිටි පිරිසකටද තර්ජනය කර පලා ගොස් ඇත.


    දොම්පේ වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රනි පයාගල බණ්ඩාර මහත්මිය සිද්ධිය වූ තැන මුලික පරීක්ෂණ කළාය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :( :( ඔව් බං, මගේ හොදම යාලුවගේ මාමා...... කැත්තකින් ඔලුවටම කොටලලු බං.... පව්.... ඔය ජයරත්න අංකල්ගේ වයිෆ්ත් දැන් අවුරුදු දෙකකට විතර කලින් නැති උනා... මගේ දහම් පාසැලේ මට ඉගැන්නුවා අංකල්ගේ වයිෆ්... දෙන්නම හරිම හොදයි.... මොකක්ද දන්නේ නෑ මේ සිද්ධිය.... දැන්ලු බොඩි එක ගම්පහට ගෙනිච්චේ..... :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :( :( ඔව් බං, මගේ හොදම යාලුවගේ මාමා...... කැත්තකින් ඔලුවටම කොටලලු බං.... පව්.... ඔය ජයරත්න අංකල්ගේ වයිෆ්ත් දැන් අවුරුදු දෙකකට විතර කලින් නැති උනා... මගේ දහම් පාසැලේ මට ඉගැන්නුවා අංකල්ගේ වයිෆ්... දෙන්නම හරිම හොදයි.... මොකක්ද දන්නේ නෑ මේ සිද්ධිය.... දැන්ලු බොඩි එක ගම්පහට ගෙනිච්චේ..... :(

    හප්පා. එහෙමත් කෙස් එකක්ද? කොහේ හරි දේශපාලුවෙක් ගැවිලා ඇති.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හප්පා. එහෙමත් කෙස් එකක්ද? කොහේ හරි දේශපාලුවෙක් ගැවිලා ඇති.

    :yes: වෙන්න පුලුවන්, මොකද ජයරත්න අංකල් හෙන යූන්පී කාරයෙක්...... ඒකද දන්නේ නෑ මේකට හේතුව..... දැන ගත්තොත්, මම මෙතනට දාන්නම්කෝ..... අද හවස ඒ පැත්තේ යන්න ඕනා...... :(
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mehema wenna reasons nam godak athi... Mokada meyage wife honda wunata meya nam issara honda naha... Monawa wunath mehema wuna eka nam aparadayak..... Ruwange office ekata deela thibba gedarath langadi renovate kala...E nisa meka me langadi wuna deyak wenna ona..!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    120.jpg


    29.jpg


    33.jpg


    44.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Mehema wenna reasons nam godak athi... Mokada meyage wife honda wunata meya nam issara honda naha... Monawa wunath mehema wuna eka nam aparadayak..... Ruwange office ekata deela thibba gedarath langadi renovate kala...E nisa meka me langadi wuna deyak wenna ona..!

    :oo: ඉස්සර එක එක කේස් තිබ්බා කියලා මමත් අහලා තියෙනවා.... ඒත්, අපිට නම්, කිසි වැරැද්දක් නෑ....... :no: මොනවා උනත්, මේවා මහ අපරාද.......!! :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බියගම විලේජ් අයිතිකරු රත්නායක මහතා මරා දමන්නට ඇත්තේ දේපොල ප‍්‍රශ්නයක් නිසා කොන්ත‍්‍රාත්තුවක් මත විය හැකියැයි පොලිසිය සැක කරයි. ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පුද්ගලයකුවූ ඔහුගේ දියණිය බියගම විලේජ් හෝටලය පාලනය කරයි. ඔහුට තරුණ පුතෙක්ද සිටී. ඉතා අමානුෂික අන්දමින් ඔහු මරා දමාතිබිණි. ඝාතනය දුටු තරුණියක පස්සේද හඹාගිය ඝාතකයා ඇයටද තුවාල කැර ඇත.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බියගම විලේජ් අධිපති
    මහමගදී
    කපා කොටා ඝාතනය කෙරෙයි

    ලංකාවේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුවූ ආර්’බී’ඒ’ ජයරත්න මහතා ඊයේ උදෑසන දොම්පේ කිම්බුල්වත්ත ප‍්‍රදේශයේදී කපාකොටා මරා දමා තිබෙනවා’ සුප‍්‍රකට ‘බියගම විලේජ්’ හා ‘හංවැල්ල විලේජ්’හෝටල වල හිමිකරුද වන ජයරත්න මහතා ව්‍යාපාර ගණනාවක් හිමි ඉඩම්හිමි වැවිලිකරුවකු වනවා’
    කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතා ඊයේ (20 වැනිදා* පෙරවරුවේ දොම්පේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩමකට ගිය අවස්ථාවේ එහි කඩා වැදුණු සාහසිකයකු ඒ මහතාගේ හිස දෙපලූවන ලෙස කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර පලා ගොස් ඇත.
    ව්‍යාපාරිකයා ඝාතනය කරන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් ද සාහසිකයාගේ පිහි ප‍්‍රහාරයකට ලක්වූ අතර ඇය ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
    ඝාතනයට ලක්වූ හැටහය හැවිරිදි රංවලගේ ඊබට් බර්නාඞ් ජයරත්න මහතා දෙදරු පියෙකි. ඒ මහතාගේ බිරිඳ ද මීට වසරකට පමණ උඩදී හදිසි රෝගාබාධයකින් මිය ගියාය.
    ජයරත්න මහතා බියගම විලේඡ් හෝටලයේම පිහිටි කාමරයක පදිංචිව සිටි අතර ඔහුගේ දරුවන් දෙදෙනා විවාහවී වෙනම පදිංචිව සිට ඇත.
    ඊයේ (20 දා* පෙරවරු 6.00 ට පමණ ජයරත්න මහතා හෝටලයෙන් පිටවී ඇත්තේ දොම්පේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩම් කීපයක් පරීක්ෂා කිරීම සඳහාය. මෙම ඉඩම් පරීක්ෂා කිරීමට යැම ඔහුගේ දින චරියාවේ එක් අංගයක් බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

    දොම්පේ නගරයට නුදුරින් පිහිටි හිඹුටුකුඹුර ඉඩමට ඔහු පැමිණ ඇත්තේ පෙරවරු 6.20 ට පමණය.

    අක්කර 3 1/2 ක් විශාල එම ඉඩමේ රඹුටන් පොල් සහ ගතවත් වගාවන් කීපයක් කර තිබී ඇත. එම ඉඩමේ ආරක්ෂාව සඳහා මවක සහ දියණියන් දෙදෙනකු නතර කර සිට ඇත. ජයරත්න මහතා මෙම පවුල පදිංචි නිවස ඉදිරිපිට කතා කරමින් සිටියදී යතුරුපැදිකරුවකු මුහුණ වසාගත් හෙල්මටයක්ද පැළඳගෙන එහි පැමිණ තිබේ.

    ජයරත්න මහතා සිය කැබ් රථයට නැගීමට සූදානම් වනවාත් සමග එහි කඩාවැදුනු සාහසිකයා සගවාගෙන සිටි මන්නා පිහියකින් ඔහුගේ හිස දෙපලූවන ලෙස පහරක් එල්ලකර ඇත. පසුව ජයරත්න මහතා බිම ඇද වැටී ඇති අතර සාහසිකයා ඔහුට තවත් පිහි ප‍්‍රහාර කීපයක් එල්ල කර තිබේ.

    ජයරත්න මහතා බේරාගැනීමට ඒ අසල සිටි කාන්තාව උත්සාහ කළ අවස්ථාවේ සාහසිකයා ඇයටද පිහි පහරක් එල්ලකර ඇත. එම ප‍්‍රහාරයෙන් ඇගේ එක් අතක් දරුණු අන්දමින් කැපී ගොස් තිබිණි.

    මෙම ප‍්‍රහාරය එල්ල කළ සාහසිකයා යතුරුපැදියේ නැගී මල්වාන ප‍්‍රදේශයට පලා ගොස් තිබේ.

    පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවි ඇත්තේ මෙම ඝාතනය සඳහා සාහසිකයන් දෙදෙනෙකු යතුරු පැදි දෙකක පැමිණ ඇති බවයි. එක් පුද්ගලයකු ජයරත්න මහතා ඝාතනය කරද්දී අනෙක් පුද්ගලයා ප‍්‍රධාන මාර්ගය අසල සිට ඔත්තු බලා ඇති බව ද පරීක්ෂණවලින් හෙළිවී ඇත.
    ජයරත්න මහතා සිය ව්‍යාපාර කටයුතු සඳහා තනිවම යැමට පුරුදුව සිටි අයෙකි. ඊයේ දිනයේදී මොහු සිය කැබ් රථය පදවාගෙන තනිවම දොම්පේ ප‍්‍රදේශයට පැමිණි බව පොලිසිය පවසයි.
    ඝාතනයට ලක්වූ ජයරත්න මහතාට ව්‍යාපාරික ආරවුල් කීපයක් පැවැති අතර අවස්ථා කීපයකදීම මොහුට මර”ය තර්ජන පවා එල්ලවී තිබිණි. ජයරත්න මහතාගේ පුත‍්‍රයාද කිසියම් ආරවුල් කීපයක් මත මොහු සමග දැඩි විරසක බවකින් සිටි බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.
    නාවික හමුදාවේ කිමිදුම්කරුවකු ලෙස රැුකියාව කළ ජයරත්න මහතා පසුව ඉන් ඉවත්වී ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූයේ මීට වසර තිහකට පමණ උඩදීය.
    කාමර 5 කින් ආරම්භ කළ බියගම විලේඡ් හෝටලය පසුව කාමර 150 ක හෝටලයක් දක්වා දියුණු කර ගැනීමට ඔහුට හැකිවිය. පසුව මොහු හංවැල්ල විලේඡ් නමින් කාමර 100 ක තවත් හෝටලයක් ඉදි කළේය.
    බියගම හංවැල්ල, දොම්පේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් රාශියක් මොහුට හිමිවී තිබූ අතර අධිවේගී මාර්ගය සඳහා අහිමිවූ ඉඩම් කීපයක් වෙනුවෙන් මොහුට රුපියල් ලක්ෂ 3000 ක මුදලක්ද හිමිවී තිබිණි.
    හෝටල්වලට අමතරව බියගම ප‍්‍රදේශයේ කුලියට දෙන ගබඩා 5 ක් ද මොහුට හිමිය. ඊට අවශ්‍ය බරවාහන රැුසක්ද මොහු සතුව තිබූ බව පොලිසිය පවසයි.
    මෙම ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ව්‍යාපාරික ආරවුලක් එසේත් නැත්නම් පෞද්ගලික ප‍්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වූවාද යන්න පිළිබඳව පොලිසිිය සොයා බලාගෙන යයි.


    Code:
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/02/biyagama-village-owner-murdered.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    දොම්පේ ඉඩමකදී
    මුහුණ වසාගත් සාහසිකයෙක්‌
    "බියගම විලේඡ්" හිමිකරු
    කපා කොටා ඝාතනය කරයි
    ව්‍යාපාරික ආරාවුලක්‌ද?
    පෞද්ගලික ප්‍රශ්නයක්‌ද?

    - පොලිස්‌ පරීක්‍ෂණ

    හේමන්ත රන්දුණු - ඩබ්ලිව්. ඩී, විතාන,
    සචිත්‍ර ඇල්වලගේ, බියගම- සුගත් ගුණතිලක,
    මල්වාන - නිහාල් හේමන්ත, වැලිවේරිය ධම්මික නිමලසූරිය

    බියගම විලේඡ් සහ හංවැල්ල විලේඡ් හෝටල් සහ තවත් ව්‍යාපාර රැසක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතා ඊයේ (20 වැනිදා) පෙරවරුවේ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩමකට ගිය අවස්‌ථාවේ එහි කඩා වැදුණු සාහසිකයකු ඒ මහතාගේ හිස දෙපලුවන ලෙස කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර පලා ගොස්‌ ඇත.

    ව්‍යාපාරිකයා ඝාතනය කරන අවස්‌ථාවේ ඔහු බේරා ගැනීමට උත්සාහ කළ කාන්තාවක්‌ ද සාහසිකයාගේ පිහි ප්‍රහාරයකට ලක්‌වූ අතර ඇය ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

    ඝාතනයට ලක්‌වූ හැටහය හැවිරිදි රංවලගේ ඊබට්‌ බර්නාඩ් ජයරත්න මහතා දෙදරු පියෙකි. ඒ මහතාගේ බිරිඳ ද මීට වසරකට පමණ උඩදී හදිසි රෝගාබාධයකින් මිය ගියාය.

    ජයරත්න මහතා බියගම විලේඡ් හෝටලයේම පිහිටි කාමරයක පදිංචිව සිටි අතර ඔහුගේ දරුවන් දෙදෙනා විවාහවී වෙනම පදිංචිව සිට ඇත.

    ඊයේ (20 දා) පෙරවරු 6.00 ට පමණ ජයරත්න මහතා හෝටලයෙන් පිටවී ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩම් කීපයක්‌ පරීක්‍ෂා කිරීම සඳහාය. මෙම ඉඩම් පරීක්‍ෂා කිරීමට යැම ඔහුගේ දින චරියාවේ එක්‌ අංගයක්‌ බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

    දොම්පේ නගරයට නුදුරින් පිහිටි හිඹුටුකුඹුර ඉඩමට ඔහු පැමිණ ඇත්තේ පෙරවරු 6.20 ට පමණය.

    අක්‌කර 3 1/2 ක්‌ විශාල එම ඉඩමේ රඹුටන් පොල් සහ තවත් වගාවන් කීපයක්‌ කර තිබී ඇත. එම ඉඩමේ ආරක්‌ෂාව සඳහා මවක සහ දියණියන් දෙදෙනකු නතර කර සිට ඇත. ජයරත්න මහතා මෙම පවුල පදිංචි නිවස ඉදිරිපිට කතා කරමින් සිටියදී යතුරුපැදිකරුවකු මුහුණ වසාගත් හෙල්මටයක්‌ද පැළඳගෙන එහි පැමිණ තිබේ.

    ජයරත්න මහතා සිය කැබ් රථයට නැගීමට සූදානම් වනවාත් සමඟ එහි කඩාවැදුනු සාහසිකයා සඟවාගෙන සිටි මන්නා පිහියකින් ඔහුගේ හිස දෙපලුවන ලෙස පහරක්‌ එල්ලකර ඇත. පසුව ජයරත්න මහතා බිම ඇද වැටී ඇති අතර සාහසිකයා ඔහුට තවත් පිහි ප්‍රහාර කීපයක්‌ එල්ල කර තිබේ.

    ජයරත්න මහතා බේරාගැනීමට ඒ අසල සිටි කාන්තාව උත්සාහ කළ අවස්‌ථාවේ සාහසිකයා ඇයටද පිහි පහරක්‌ එල්ලකර ඇත. එම ප්‍රහාරයෙන් ඇගේ එක්‌ අතක්‌ දරුණු අන්දමින් කැපී ගොස්‌ තිබිණි.

    මෙම ප්‍රහාරය එල්ල කළ සාහසිකයා යතුරුපැදියේ නැගී මල්වාන ප්‍රදේශයට පලා ගොස්‌ තිබේ.

    පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළිවි ඇත්තේ මෙම ඝාතනය සඳහා සාහසිකයන් දෙදෙනෙකු යතුරු පැදි දෙකක පැමිණ ඇති බවයි. එක්‌ පුද්ගලයකු ජයරත්න මහතා ඝාතනය කරද්දී අනෙක්‌ පුද්ගලයා ප්‍රධාන මාර්ගය අසල සිට ඔත්තු බලා ඇති බව ද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    ජයරත්න මහතා සිය ව්‍යාපාර කටයුතු සඳහා තනිවම යැමට පුරුදුව සිටි අයෙකි. ඊයේ දිනයේදී මොහු සිය කැබ් රථය පදවාගෙන තනිවම දොම්පේ ප්‍රදේශයට පැමිණි බව පොලිසිය පවසයි.

    ඝාතනයට ලක්‌වූ ජයරත්න මහතාට ව්‍යාපාරික ආරවුල් කීපයක්‌ පැවැති අතර අවස්‌ථා කීපයකදීම මොහුට මරණීය තර්ජන පවා එල්ලවී තිබිණි. ජයරත්න මහතාගේ පුත්‍රයාද කිසියම් ආරවුල් කීපයක්‌ මත මොහු සමඟ දැඩි විරසක බවකින් සිටි බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    නාවික හමුදාවේ කිමිදුම්කරුවකු ලෙස රැකියාව කළ ජයරත්න මහතා පසුව ඉන් ඉවත්වී ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ මීට වසර තිහකට පමණ උඩදීය.

    කාමර 5 කින් ආරම්භ කළ බියගම විලේඡ් හෝටලය පසුව කාමර 150 ක හෝටලයක්‌ දක්‌වා දියුණු කර ගැනීමට ඔහුට හැකිවිය. පසුව මොහු හංවැල්ල විලේඡ් නමින් කාමර 100 ක තවත් හෝටලයක්‌ ඉදි කළේය.

    බියගම හංවැල්ල, දොම්පේ ඇතුළු ප්‍රදේශ ගණනාවක රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් රාශියක්‌ මොහුට හිමිවී තිබූ අතර අධිවේගී මාර්ගය සඳහා අහිමිවූ ඉඩම් කීපයක්‌ වෙනුවෙන් මොහුට රුපියල් ලක්‍ෂ 3000 ක මුදලක්‌ද හිමිවී තිබිණි.

    හෝටල්වලට අමතරව බියගම ප්‍රදේශයේ කුලියට දෙන ගබඩා 5 ක්‌ ද මොහුට හිමිය. ඊට අවශ්‍ය බරවාහන රැසක්‌ද මොහු සතුව තිබූ බව පොලිසිය පවසයි.

    මෙම ඝාතනයට හේතුව කුමක්‌දැයි මෙතෙක්‌ අනාවරණය වී නැත. ව්‍යාපාරික ආරවුලක්‌ එසේත් නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක්‌ මෙම ඝාතනයට හේතු වූවාද යන්න පිළිබඳව පොලිසිsය සොයා බලාගෙන යයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරි දේවප්‍රිය ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති ෙµඩ්රික්‌ උදයකුමාර, වුඩ්ලර් ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වයි.

    පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ වෙනම පරීක්‍ෂණයක්‌ද පවත්වාගෙන යයි.

    ඝාතනයට ලක්‌වූ ආර්. ඊ. බී. ජයරත්න මහතා (65)

    පූගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චන්ද්‍රdණි පයාගල මහත්මිය ඝාතනය සිදුවූ ස්‌ථානයේදී මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කළ අයුරු. ඡායාරූප දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන


    Code:
    http://www.divaina.com/2012/02/21/news01.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    'බියගම විලේ‍ජ්' හිමිකරු ඝාතනය
    කොන්ත්‍රාත්තුවකට කළ වැඩක්‌
    - පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවෙයි

    හේමන්ත රන්දුණු

    බියගම විලේජ්, හංවැල්ල විලේජ් සහ තවත් ව්‍යාපාර රැසක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතාගේ ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත පළපුරුදු ඝාතකයකු විසින් සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    ජයරත්න මහතාගේ ඝාතනය සිදුකර ඇති ආකාරය අනුව එය ඉතාම පළපුරුදු මිනීමරුවකු විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

    පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට කළු පැහැති රෙදි පටියකින් මුහුණ ආවරණය කරගෙන පැමිණ ඇති අඩි 5 1/2 ක්‌ පමණ උසින් යුත් ශක්‌තිමත් සිරුරක්‌ ඇති පුද්ගලයකු ජයරත්න මහතාට මුලින්ම අතින් පයින් පහර දී ඇත. අඩි 6 කට වඩා උසින් යුත් ශක්‌තිමත් සිරුරක්‌ ඇති ජයරත්න මහතා ද ඝාතකයාට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

    එහෙත් ඝාතකයා ජයරත්න මහතාට බිම වැටෙන්නට පහර දී ඔහුගේ සිරුර මත නැග ඇඳ සිටි ජැකට්‌ටුව තුළ සඟවාගෙන තිබූ තියුණු පිහියකින් හිස දෙපලු වී යන ලෙස පහර දී ඇත. ජයරත්න මහතාගේ සිරුරේ අටපොළකට පහර දී ඇති ඝාතකයා පසුව ඒ අසලට පැමිණි තරුණියකට පිහිපහරක්‌ දී ලේ තැවරුණු පිහිය ද නැවත ජැකට්‌ටුව තුළ සඟවාගෙන පලාගොස්‌ තිබේ.

    ඝාතකයා කිසිම කලබලයකින් තොරව මෙම ඝාතනය සිදුකර ඇති බවත් ජයරත්න මහතා මරා දැමීමට යොදාගත් පිහිය පවා ආපසු රැගෙන යැමත් සැලකිල්ලට ගැනීමේදී මොහු ඉතාම පළපුරුදු ඝාතකයකු බවත් පොලිසිය පවසයි.

    ජයරත්න මහතා මරා දැමීමට පැමිණි පුද්ගලයා කිසිදු සාක්‍ෂියක්‌ පවා ඉතිරි කර ගොස්‌ නොමැති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

    මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බියගම විලේජ් හෝටලයේ සේවකයන් පිරිසකගෙන් ඇතුළු පුද්ගලයන් රැසකගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇත.

    ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ (21 දා) වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

    ජයරත්න මහතා පුද්ගලයන් කීපදෙනකු සමඟ ආරවුල් ඇතිකරගෙන සිටි අතර ඒ පිළිබඳව සොයා බලාගෙන යන බව පොලිසිය පවසයි. මේ අතර මොහු කෝටි ගණනක්‌ මුදල් පොලියට ලබාදී ඇති බව ද පරික්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

    ජයරත්න මහතාට රුපියල් බිලියන ගණනක දේපොළක්‌ හිමිව තිබූ අතර එම දේපොළ සම්බන්ධයෙන් පැවැති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වූයේ ද යන්න පිළිබඳව ද පොලිසිය සොයාබලාගෙන යයි.

    ජයරත්න මහතා දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පොල්වත්තට ගිය අවස්‌ථාවේ එහි කඩාවැදුණු සාහසිකයකු ඒ මහතා කපා කොටා කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ පෙරේදා (20 වැනිදා) උදේ 6.30 ට පමණය.

    සහකාර පොලිස්‌ අධිකාරි දේවප්‍රිය ජයසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යන අතර පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    Code:
    [CODE]http://www.divaina.com/2012/02/22/news02.html
    [/CODE]
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බියගම කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය
    අපට උදව් කළ ජයරත්න අයියාට මෙවන්
    විපතක්‌ වේය කියල කිසිවිටෙක හිතුවේ නෑ
    - නැගණිය හඬාවැළපෙමින් කියයි

    ජයරත්න මහතාගේ දේහය තැන්පත් කර ඇති අයුරු
    ජල ක්‍රීඩා උළෙලකට තෑගි බෙදා දෙමින්
    දුකින් තැවෙන මව සිරියාවතී

    ඝාතනය ගැන පරීක්‍ෂණ

    පෙරේදා (20 වැනිදා) පෙරවරුවේ ඝාතනයට ලක්‌ වූ කෝටිපති ව්‍යාපාරිකයකු වන බියගම විලේජ් හෝටලයේ හිමිකරු වූ බියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. ඊ. බී. ජයරත්න නමැති 65 හැවිරිදි දෙදරු පියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. එස්‌. ඒ. සුජීව වික්‍රමාරච්චි මහතා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් හිසට බරපතල ලෙස හානි සිදුවීමෙන් හා අධික ලෙස ලේ වහනය වීමෙන් මේ මරණය සිදුවී තිබෙන බවට වාර්තා කළේය.

    මේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පෙරේදා (20 වැනිදා) පෙරවරුවේ ගම්පහ රෝහලේදී පවත්වන ලදී.

    මේ සිද්ධිය පිළිබඳව පැති කීපයක්‌ම ඔස්‌සේ දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. උදයකුමාර වූට්‌ලර් මහතා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන අතර මෙතෙක්‌ කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

    ---------- ----------- ----------- -------------

    සමාජ සේවා හා ආගමික කටයුතුවල නිරත වෙමින් සිය ධනය හා ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කළ බියගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ඉතාමත්ම අමානුෂික අන්දමින් තියුණු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.

    මේ අපරාධයෙන් කම්පාවට පත් බියගම හා අවට පෙදෙස්‌වල ජනතාව බියගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පෙරේදා (20 වැනිදා) පෙරවරුවේ සිට වැල නොකැඩී ඇදී එන්නට පටන් ගත්තේ දැඩි වේදනාවකිනි.

    පෙරේදා (20 වැනිදා) උදෑසන 6.30 ට පමණ බියගම පිහිටි සිය ව්‍යාපාරික ස්‌ථානයේ සිට පහළ දොම්පේ ප්‍රදේශයේ තිබෙන සිය ඉඩමේ වගා කටයුතු පරීක්‍ෂා කිරීමට සිය කැබ්රථයෙන් එම ඉඩමට ගොස්‌ සිටි අවස්‌ථාවේදී යතුරුපැදියකින් මුහුණ ආවරණය කරන ලද හෙල්මට්‌ එකක්‌ හිසට දමාගෙන කලු පැහැති ජැකට්‌ එකක්‌ පැළඳගෙන පැමිණි නාඳුනන තරුණයකු විසින් මෙසේ අමානුෂික අන්දමින් තියුණු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර දැමුවේ බියගම ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වන බියගම විලේජ් හෝටලයේ හිමිකරු වූ ආර්. ඊ. බී. ජයරත්න නමැති 65 හැවිරිදි දෙදරු පියෙකි.

    සහෝදර සහෝදරියන් හයදෙනකු සිටින පවුලේ වැඩිමලා වූ ජයරත්න මහතාගේ බිරිඳ වන ශීලා ජයරත්න මහත්මිය දැනට වසර එකහමාරකට පමණ ඉහතදී මියගියාය. ඔවුනට සුරංග ජයරත්න (40) හා සුරංගි ජයරත්න (35) යන නම්වලින් පුතෙක්‌ හා දුවෙක්‌ ද සිටිති. එම දෙදෙනාම විවාහකය. මව වන සිරියාවතී දේවරාජ මහත්මිය (83) ජීවතුන් අතර සිටී.

    බියගම මහා විද්‍යාලයෙන්a අධ්‍යාපනය ලබා අ. පො. ස. උසස්‌ පෙළ විභාගය සමත්ව ජයරත්න මහතා සිය පාසල් ජීවිතයට ආයුබෝවන් කීමෙන් පසුව නාවික හමුදාවට එක්‌ විය. එහි වසර පහක පමණ කාලයක්‌ සේවය කොට විශ්‍රාම ලැබූ ඒ මහතා ඉන්පසුව කොළඹ ඩොක්‌යාඩ් එකේ සේවයකොට පසුව ව්‍යාපාරික කටයුතුවල නියෑලුණේය. එම ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යැමට සමත් වූ ජයරත්න මහතා පසුකලෙක ඉඩම් හිමි වැවිලිකරුවකු ද විය.

    ඒ මහතා සිය ව්‍යාපාරික කටයුතුවල හා ඉඩම් හිමි වැවිලිකරුවකු ලෙස කටයුතු කරන අතරතුරම සමාජ සේවා හා ආගමික කටයුතුවලටද යොමු විය.

    ඒ අනුව ජයරත්න මහතා විසින් කොට්‌ටුන්න ප්‍රදේශයේ තිබෙන තමාගේම භූමි භාගයක කොට්‌ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය නමින් නව විහාරස්‌ථානයක්‌ ඉදිකොට එය විචිත්‍ර ධර්ම කථික බණ්‌ඩාරවෙල අමිතානන්ද හිමියන්ට පූජාකරන ලදි.

    තවද බියගම වෙළෙඳ සංගමය පිහිටුවීමට පුරෝගාමියකු වූ ඒ මහතා එහි ආරම්භයේ සිටම මියයන තෙක්‌ම පුරා වසර 12 ක්‌ම එම වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ද විය. මීට අමතරව නාවික හමුදාවේ 66 වන කණ්‌ඩායමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. බියගම විලේජ් හෝටලයේ ම මෙන්ම තවත් ව්‍යාපාර ආයතන කීපයකම හිමිකරුවකු වූ ඒ මහතා බියගම ප්‍රදේශයේ පොදු සමිති සමාගම්

    රැසකම සභාපති ධුර දැරීය. කැලණි මිටියාවත සිංහ සමාජයේ ද හිටපු සභාපතිවරයා විය.

    වසරක්‌ පාසා බියගම විලේජ් හෝටලය අසල කැලණිගඟේ ජයරත්න මහතාගේ පුරෝගාමීත්වයෙන් පවත්වනු ලබන ජල ක්‍රීඩා උළෙල දිවයිනේ ප්‍රසිද්ධියට පත් වූ ජල ක්‍රීඩා උළෙලකි.

    ප්‍රදේශයේ නිවාස නැති පවුල්වලට නිවාස තනා දීම, ඉඩම් නැති පවුල්වලට ඉඩම් කැබැලි ලබාදීම, දිළිඳු ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීම හා ගංවතුර ගලා ප්‍රදේශය යට වූ අවස්‌ථාවල අවතැන් වූවන්ට සහන සැලසීම ජයරත්න මහතාගේ ප්‍රජා සත්කාර සේවා වැඩසටහන්වල ප්‍රධාන තැනක්‌ ගත්හ.

    මේ අතර ජයරත්න මහතා පිහිනුම් හා කිමිදුම් ශූරයෙක්‌ වශයෙන් ද ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.

    ඒ මහතාගේ හදිසි වියෝව ගැන දුකින් තැවෙන ඒ මහතාගේ බාල නැගණිය වන ශ්‍රියානි මල්ලිකා මහත්මිය (56) හැඬූ කඳුළින් මෙසේ කීවාය.

    ජයරත්න අයියා අපේ පවුලේ අපට උගන්වන්නට හරියට උනන්දු වුණා. මුදල් වැය කළා. අයියා කුරා කූඹියකුටවත් වරදක්‌ කර නැහැ. ඉතින් එහෙම හිටිය අයියාට මෙවන් විපතක්‌ සිදු වෙතැයි කියලා අපි කිසිවිටක සිහිනයකින්වත් සිතුවේ නැහැ.

    මේ අතර සීමාසහිත බියගම වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් හේමන්ත අදිකාරී මහතා කියා සිටියේ දුප්පතුන්ට උදව් උපකාර කරමින් සමාජ මෙහෙවරක යෙදුන ජයරත්න මහතාගේ අභාවය ප්‍රදේශවාසී ජනතාවටද බලවත් පාඩුවක්‌ බවය.

    වෛරයේ ගිනි දැල්වලින් මිනිස්‌ ජීවිතයක්‌ ඉතාමත්ම අමානුෂික ලෙස ඝාතනය වූ ශෝකජනක පුවත මෙසේ අවසන් වුවත් තවත් බොහෝ කලකට මේ ෙ€දවාචකය බියගම හා අවට පෙදෙස්‌වල ජනතාවගේ සිත් සතන් තුළින් ඈත් නොවනු ඇත.

    ජයරත්න මහතාගේ අවසන් කටයුතු හෙට (23 වැනිදා) පස්‌වරුවේ බියගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

    දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන හා මාකොළ - සචිත්‍ර ඇල්වලගේ

    Code:
    http://www.divaina.com/2012/02/22/news16.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/28173

    ළඟම නෑයකු වටා දැල එළයි

    බියගම ඝාතනය කොන්ත්‍රාත්තුවක්?

    2012 පෙබරවාරි මස 21 19:40:34 | ඇම්.ඇස්. පෙරේරා
    Share

    ‘බියගම විලේජ්‘ හෝටල හිමි ධනවත් ව්‍යාපාරික බර්ටි ජයරත්න මහතාගේ ඝාතනය කොන්ත්‍රාතුවක් වියහැකි යැයි සැකකරන පොලිසිය ඔහුගේ ළඟම නෑයකු අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. තවත් නෑයකුගේ ලැබුණු වැදගත් තොරතුරක් අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔහු ගැන සොයයි. 2006 දී බස් හිමිකයකුගේ ඝාතනයකට සම්බන්ධ බව කියන තොරතුරක් ගැන ද කැසිනෝ සුදු අන්තුවකු ගැන ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.