බිරින්දෑවරු 6 දෙනෙක් විවාහ කරගත් VIII වන හෙන්ර
මෙයා නම් මාර රජ කෙනෙක් තමයි. 6 දෙනෙක් කසාද බැන්ද මදිවට දෙන්නෙක් මරල දැම්ම, දෙන්නෙක් divorce කලා.

රාජ්‍ය කාලය: 1509 අප්‍රේල්- 1547 ජනවාරි (වසර 38 ක් පමණ) රට: එංගලන්තය
උපත: 1491 ජුනි 28 මරණය: 1547 ජනවාරි 28
එංගලන්තයේ Tudor රජ පෙළපතට අයත් වූ VIII වන හෙන්රි රජු ගේ දෙමවුපියන් වූයේ VII වන හෙන්රි රජු සහ යෝර්ක් හි එලිසබත් ආර්යාවයි. රජකමට උරුමකම් කී ඔහුගේ වැඩිමහල් සොහොයුරු ආතර් කුමරු වයස අවුරුදු 15 දී මරණයට පත් වීම නිසා 10 හැවිරිදි හෙන්රි කුමරු "වේල්ස් කුමාර" පදවියට පත් වුනි. දාහත් වැනි වියේදී සිදුවූ පියාගේ මරණයත් සමග හෙන්රි කුමරු රජකමට පත් විය.

හෙන්රි රජු අදත් ප්‍රකට ව ඇත්තේ 6 වරක් විවාහ වූ රජු වශයෙනි. ඔහුගේ පළමු බිරිඳ වන්නේ Aragon හි Catherine කුමරියයි. ඇය හෙන්රි රජුගේ මිය ගිය වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ වූ අතර ස්පාඤ්ඤයේ Ferdinand රජුගේ දියණිය වූවාය. (Arthur කුමරු හා Catherine කුමරිය විවාහ වී සති 20 කින් ඔහුගේ මරණය සිදු විය. ) ස්පාඤ්ඤ සමග දේශපාලන සම්බන්ධතා පවත්වා ගැනීමට සිදු කලේ යයි සැලකෙන මෙම විවාහයට පාප් වහන්සේගේ විශේෂ අවසරය ලබා ගැනීමට සිදු වූයේ සොහොයුරාගේ වැන්දඹුව හා විවාහ වීම පවක් ලෙස සැලකුණු බැවිනි. මෙම විවාහයෙන් ලැබූ එකම දරුවා ගැහැණු දරුවෙකු වූ අතර ( I Mary රැජින. ) මෙය හෙන්රි කැතරීන් කෙරෙහි වඩාත් කළකිරවීමට හේතු විය. (මේ අතර රජුට Bessie Blount , Mary Boleyn (Anne Boleyn ගේ සොහොයුරිය) වැනි අනියම් බිරින්දෑවරු ද සිටි බව කියවේ.)
තමන්ට පිරිමි දරුවන් නැත්තේ සොහොයුරාගේ බිරිඳ හා විවාහ වීමේ පාපය නිසා බව රජු විස්වාස කළේය. මේ අතර තුරදීම රූමත් Anne Boleyn වෙත රජුගේ කැමැත්ත යොමු වීම නිසා Catherine දික්කසාද කිරීමට ඔහුට වුවමනා විය. මෙයට පාප් වහන්සේ විරෝධය පල කිරීම නිසා කතෝලික පල්ලිය සමග ගැටුමක් ඇතිකරගත් හෙන්රි තම තනි කැමැත්තට Catherine සමග තිබූ වසර 24 ක විවාහය අවලංගු කර ඇය එලවා දැමුවේය. (කැතරින් රැජිනට හා Mary කුමරියට නොසලකා හැරීමට රජුව පෙළඹීමට Anne Boleyn ගේ බලපෑමද හේතු වූ බව කියවේ.)
හෙන්රි දෙවනුව විවාහ වූයේ Anne Boleyn සමගයි. මෙම විවාහයෙන් ලැබුණු දියණිය I වන එලිසබත් රැජිනයි. මෙම විවාහයෙන්ද පිරිමි දරුවෙකු නොලැබීම රජුට මහත් ගැටළුවක් වූ අතර වසර 3 කට පසුව රජුට Anne ද එපා විය. කිහිප වරක් සිදුවූ ගබ්සා වීම් නිසා Anne සමග විවාහය සාපයකට ලක් වී ඇති බව පැවසු රජු ඇය මායා බලයෙන් තම වශී කරගත් බවට චෝදනා කළේය. මේ අතර රජුගේ සිත Jane Seymour වෙත යොමුවී තිබුණි.
1536 දී රජුට ද්‍රෝහී වීම හා අනාචාරයේ හැසිරීම යන චෝදනා මත Anne ගේ හිස ගස දැමීමට හෙන්රි එන කළේය. (ඇය සමග අනාචාරයේ හැසිරුණු බවට චෝදනා ලැබූ ඇය අතර ඇගේම සොහොයුරාද වීම විශේෂත්වයකි.) ඇය මරණයට පත් කල දිනයට පසු දින Jane Seymour සමග විවාහ ගිවිසගත් රජු දින 10 කට පසුව ඇය විවාහ කරගත්තේය. රජුගේ බලාපොරොත්තුව ඉටු කරමින් පිරිමි දරුවෙකුට (VI වන Edward) උපත ලබාදුන් ඇය දරු උපතින් දින කිහිපයකට පසුව මරණයට පත් වුවාය.
වසර 3 කට පසුව තම උපදේශකයන් ගේ උපදෙස් පරිදි රජු Cleves හි Anne කුමරිය සමග දේශපාලන විවාහයකට එළඹීමට තීරණය කළේය. ඒ අනුව කුමරිය එංගලන්තය කර ගෙන්වන ලදී.
එහෙත් විවාහයට පෙර සිතුවමකින් පමණක් කුමරිය දැක තිබු රජු ඇය දැකීමෙන් පසුව ඇය රූමත් මදි හා ආකර්ශනීය නැති බව පවසා සිටියේය. (ඒ අතරම මෙවර රජු ආකර්ෂණය වී සිටියේ 15 හැවිරිදි රූමතියක වූ Katherine Howard වෙතය.
) මාස 6 ක් ඇතුලත Anne දික්කසාද කල රජු Katherine විවාහ කර ගත්තේය.
වසරකට පසුව Katherine රැජිනටද අනාචාරයේ හැසිරීමේ චෝදනා එල්ල විය. 1542 දී ඇගේද හිස ගසා මරා දමන ලදී.
හෙන්රි රජු අවසාන වශයෙන් විවාහ වුයේ Catherine Parr සමගය. ඇයටද වරක් ප්‍රොතෙස්තන්ත ආගම ඇදහීම නිසා චෝදනා වලට ලක් වීමට සිදුවුවද ඇය රජු ගෙන් සමාව ලබා ගැනීමට සමත් වූවාය. රජු විසින් අතහැර දමා සිටි Mary සහ Elizabeth කුමරියන් නැවත රජුට සමීප කරවීමටද ඇය ක්‍රියා කළාය. (රජු ඔවුන් අවජාතක දරුවන් ලෙස නීතියෙන් ප්‍රකාශයට පත් කර තිබුණි.)
1547 දී 55 වියැති හෙන්රි රජු මරණයට පත් විය. දියවැඩියාව හා අධික තරබාරු බවද මෙයට හේතු වන්නට ඇති කියවේ. ඔහුගෙන් පසු VI වන එඩ්වර්ඩ් රජකමට පත් විය.
ආකර්ශනීය හා උගත් පුද්ගලයකු මෙන්ම දරදඬු, කුරිරු හා ඒකාධිපති පාලකයෙකු ලෙස ඔහු ඉතිහාසයට එක් වී ඇත.
(සටහන: මොහු මරා දැමු රැජිනියන් දෙදෙනා වන Anne Boleyn හා Katherine Howard ගේ අවතාර අදටත් හොල්මන් කරන බවටද විශ්වාසයක් ඇත. Anne Boleyn ගේ අවතාරය කපා දැමු හිස අතින් ගෙන පෙනී සිටිනු දුටු බවටද විවිද පුද්ගලයන් ප්‍රකාශ කර ඇත.)

Sources: Wikipedia, history books & various articles on the internet
ලියල තියෙන විදිය හරි නැත්තන් එකට සමාව ඉල්ලනනවා.
සිංහලෙන් මෙහෙම ලියල, thread දාලා පුරුදු නෑ. ඉතිහාසය ගැන කියවන්න කැමති අයට බලන්න තමයි මේක දාන්න හිතුවේ. මේ රජතුමා ගැන තවත් ගොඩක් විස්තර තියෙනවා. එත් ඒ හැමදේම මෙතන දැම්මොත් දිග වැඩි වෙනවා නේ. 

) මාස 6 ක් ඇතුලත Anne දික්කසාද කල රජු Katherine විවාහ කර ගත්තේය.වසරකට පසුව Katherine රැජිනටද අනාචාරයේ හැසිරීමේ චෝදනා එල්ල විය. 1542 දී ඇගේද හිස ගසා මරා දමන ලදී.

thanx..