බිරිඳගේ අනියම් සැමියාගේ ඝාතකයා වසර හයකට පසු අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,461
    39,790
    113
    බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කර රහසිගත ජීවිතයක් ගත කළ හිටපු හමුදා උපලුතිතන්වරයකු වසර හයකට පසු අද (07) පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

    ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළ දී ඔහු මෙම ඝාතනය සිදුකර තිබුණි.

    සැකකරු යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනි කඳවුරේ සේවය කර ඇති නිලධාරියකු වන අතර, ඔහු ඝාතනය සිදු කළ සමයේ ම හමුදාවෙන් පළාගිය අයෙකි.

    සැකකරු විවාහයන් දෙකක් කරගෙන ඇති බවත් ඝාතනය කර ඇත්තේ, දෙවැන විවාහයේ බිරිඳගේ අනියම් සැමියා ව බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.

    2017 වර්ෂයේ මාර්තු 26 වනදා සැකකරුගේ දෙවැන බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමඟ ආපන ශාලාවක ආහාර ගනිමින් සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි සැකකරු, මිය ගිය තැනැත්තාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

    මිය ගොස් ඇත්තේ, ආණමඩුව-තෝනිගල-කුමාරගම පදිංචිව සිටි සේනාධීරගේ දුමින්ද ප්‍රදීප් නමැති බස් රථ රියදුරෙකි.

    මිය යන විට ඔහු 36 වන වියේ පසු වූ අයකු බව සඳහන් ය.

    සැකකරුගේ බිරිඳ මෙම මිය ගිය පුද්ගලයා සමඟ කලක පටන් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරු එම සබඳතාව නවතා දැමීමට දැඩි වෙහෙසක් ගෙන ඇති බව වාර්තා වෙයි.

    නමුත් බිරිඳ දිගින් දිගට ම එම ඇසුර පැවැත්වීම ඉවසාගත නොහැකිව සැකකරු මෙම ඝාතනය කර ඇති බව සඳහන් ය.

    කෙසේ වෙතත් සැකකරු පොලීසියෙන් මිදී පළාගොස් ඇති අතර, ඔහු කලක සිට ව්‍යාජ නම්වලින් පෙනී සිට ව්‍යාපාර ද රැසක් කර ඇති බව වාර්තා වෙයි.

    සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ආණමඩුව පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    17,873
    3,991
    113
    pahugiya awurudu 7 birinda mokada kare? thawa aya eyata gahuwada? e ayawath sakakaru maruwada? marichcha bus riyaduru giyapu bus eke konda eyata gahuwada passe?

    sakakaru pohottuwata bahala wada karada pahugiya awurudu 7?
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    213
    262
    63
    ඔය කියන විදිහට මේ මනුස්සයා ඒ කාලෙම හමුදාවෙන් පළා ගිය අයෙක්ලු. එතකොට හමුදාවෙන් හෙව්වේ නැද්ද? ඊ ගාවට අවුරුදු ගාණක් කිසිම හෝඩුවාවක් නැතිව මේ මනුස්සයා කොහොමද නොදන්න පළාතක ගිහිල්ලා කරගෙන හිටියේ?
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    10,326
    16,113
    113
    Fantasy
    හරියට ටයිටල් දාන්න ඉගෙනගනින් බන්.

    බිරිඳගේ අනියම් සැමියාගේ ඝාතකයා වසර හයකට පසු අත්අඩංගුවට​


    මෙහෙම කියන්න පුලුවන් හමුදාවේ ඩයල් එකගේ කෝනයෙන් . ඒ කියන්නේ උගෙ බිරිදගේ ඝාතකයා අල්ලගෙනලු. ඒ කියන්නෙ ඌම තමා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,285
    2,820
    113
    ඔය වගේ සීන් වලදි මරන්න හොඳ නැහැ.... ආයෙම ශිෂ්ණය සෘජු නොවෙන තැනට වැඩ කරන්න ඕන...
     
    • Like
    Reactions: king solomon

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,901
    113
    දෙවැනී කසාදේ නම් මැරුනු එකා අනියම් සැමියා වෙන්නේ කොහොමද ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    10,326
    16,113
    113
    Fantasy
    හරියට ටයිටල් දාන්න ඉගෙනගනින් බන්.

    බිරිඳගේ අනියම් සැමියාගේ ඝාතකයා වසර හයකට පසු අත්අඩංගුවට​


    මෙහෙම කියන්න පුලුවන් හමුදාවේ ඩයල් එකගේ කෝනයෙන් . ඒ කියන්නේ උගෙ බිරිදගේ ඝාතකයා අල්ලගෙනලු. ඒ කියන්නෙ ඌම තමා.
    මූ මොන හරුපයක්ද මේ කියලා තියෙන්නේ. මේක තේරුනේ නෑ මට. තෙරෙන එකෙක් මට පැහැදිලි කරන්න