බිරිඳ මගේ ඔබ.. නෑ මා ඔබගේ බිරිඳ නොවේ..

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
බිරිඳ මගේ ඔබ.. නෑ මා ඔබගේ බිරිඳ නොවේ..

මෙය thelastrowන් උපුටා ගත්තක් බව කරුනාවෙන් සලකන්න..
:yes::yes::yes::yes:
all credit goes to the original poster...!!!

:yes::yes::yes::yes:



stock-illustration-9664881-happy-lover-couple-dating-doodle-cartoon-illustration.jpg
happy-family-lifeinmine.gif





හුඟ දවසකින් අන්තිම පේළියට ලියන්න බැරි වුණා. නමුත් ටික කලක ඉඳන් ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක් ගැන ලියන්න අවස්ථාවක් ලැබුණා. මේ සටහන ටිකක් විශේෂයි. හේතුව මේ සටහන අන්තිම පේළියේ සිටින පුරුෂ පක්ෂයේ අය සඳහාම වීමයි.
අන්තර්ජාලයේ මුල් කාලයේ බොහෝවිට සරිසැරුවේ අවිවාහක පුද්ගලයින් වුණත්, වර්තමානයේ විවාහක වගේම දරුවන් සිටින අයත් අන්තර්ජාලයේ සැරිසරන බව සුලබ කාරණයක්. එයිනුත් බහුතරයක් පුරුෂ පක්ෂය වීමත් ඔබත් මාත් දන්නා කරුණක්. ඔබට මේ සටහන ලියන මම, අන්තර්ජාලයේ සැරිසරන සුළුතරයට අයත්, කාන්තාවක්. අන්තිම පේළියේත් මේ සංයුතියම
පවතිනවා කියලා මම විශ්වාස කරනවා. පුරුෂ පක්ෂය වැඩි තැනක පවුල තුළ කාන්තාවට හිමිවී ඇති ස්ථානය ගැන කතාකරන එක වඩා නුවණට හුරු නැතත්, මේ සටහනට එල්ල විය හැකි චෝදනා පිළිබඳ අවබෝධය ඇතිව වුණත්, කාන්තාවන් බහුල තැනක මේ ගැන කතාකරනවාට වඩා ප්‍රතිවිරුද්ධ මත දැනගැනීමේ අරමුණත් ඇතිව පුරුෂ පක්ෂය බහුල තැනක මේ ගැන කතාකරන්න ඕනා කියලා හිතුණු නිසා ඒ අවදානම ගන්න මම කල්පනා කළා.හැබැයි අර කාන්තා සංගම් වලින් කතාකරන
“කාන්තා විමුක්තිය” කියන නම නම් මෙතැනට ඈඳාගන්නවාට මගේ කැමැත්තක් නෑ.
icon_razz.gif
සමාජය වත් ලෝකය වත් හදන්න කලින් අපි අපේ පවුල හදාගෙන ඉන්න ඕනා මගේ හැඟීමේ හැටියට. නමුත් මෙහිදී ගෘහස්ත හිංසනය ගැන කතාකරන්න නම් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ එක්ක කතාකරන්න ඒක ටිකක් දරුණු වැඩියි .

පවුල ඇතුළේ ජීවත්වන කාන්තාවන් විදියට උදාහරණයක් ගත්තොත්, අම්මා, නංගී, අක්කා, බිරිඳ වගේ විවිධ විදියට අපි අඳුන්වන කාන්තාවන් අප අතර ඉන්නවානෙ. මේ අතරින් මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ බිරිඳ කියන භූමිකාවට පණ පොවන කාන්තාව ගැනයි. මොකද, අන්තිම පේළිය කියවන අය අතර එහෙම කෙනෙක් ජීවිතේට එකතු වෙලා ඉන්න අය වගේම කවදා
හරි දවසක එහෙම කෙනෙක් ජීවිතේට එකතු කරගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්න නිසා.

ළඟදි දවසක මට ටිකක් වෙනස් ආකාරයක ඊමේල් එකක් ලැබුණා. සාමාන්‍යයෙන් ඊමේල් බොහෝමයක් පටන් ගන්නේ පුරුෂ පක්ෂයේ නිර්මාණයක් වශයෙන් නිසා මේ මේල් එක ටිකක් විශේෂ බව පෙනුනා. මොකද සාමාන්‍යයෙන් කාන්තාවන් සම්බන්ධව ලැබෙන්නේ මොන වගේ ඊමේල්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ. අපේ තරුණයන්ගෙ මානසික තත්ත්වය
පිරිහිලා තියන තත්ත්වය කියලා වැඩක් නෑ ඉතින්. ඒ ගැන මම කතාකරන්න යන්නෙත් නෑ. කොහොම හරි මෙන්න මේකයි මේල් එක.

සියළු පිරිමි ළමුන් වෙත,
ඔබේ බිරිඳට මෙසේ සලකන්න..
ඔබේ මවට ඔබේ පියා සැලකිය යුතු යැයි
ඔබ සිතන ආකාරයට..

ඔබේ අක්කාට/ නංගීට ඔබේ මස්සිනා සැලකිය යුතු යැයි

ඔබ සිතන ආකාරයට..

ඔබේ අනාගත බෑනා ඔබේ අනාගත දියණියට සැලකිය යුතු යැයි

ඔබ සිතන ආකාරයට..

හරි. මම මෙහෙම පටන් ගන්නම්,

පෙම්වතිය ලෙස ඔබ දැනගන්නා ඇය ඇගේ දෙමව්පියන්ගෙන් නෑදෑ හිතවතුන්ගෙන් වෙන්වී, ඇගේ සුපුරුදු ජීවන රටාවෙන් පරිසරයෙන් වෙන්වී, විවාහයෙන් පසු ඔබේ බිරිඳ වී ඔබේ නිවසට ඔබේ දෙමව්පියන් ඔබේ නෑදෑ හිතවතුන් අතරට පිවිසීම, ඔබේ සියළු අවශ්‍යතාවන් සපුරාලීම, ගෘහ කටයුතු, ඉවුම් පිහුම් ආදී මෙකී නොකී සියළු දේ බලා හදා ගැනීම සාර්ථකව කරන්නේ කොහොම කියලාද ඔබ සිතන්නේ? එය පහසු කටයුත්තක් ලෙස ඔබ සිතනවාද? නුහුරු පරිසරයක, නුහුරු පුද්ගලයන් සමඟ, නුහුරු වැඩ කටයුතු වල නිරත වෙමින්, නුහුරු ජීවන රටාවකට හුරුවීම සහ පවත්වාගෙන යාම එතරම් පහසු දෙයක් නෙමේ. ඇයට ඒ ආගන්තුක ස්ථානයේ සැනසිල්ලකට සිටින්නේ ඔබ (ඒ කියන්නේ ඇගේ සැමියා) පමණයි. ඒ බව ඔබ සිතට ගත යුතුයි. ඇගේ ආදරවන්තයා, සහායකයා, මිත්‍රයා, ආරක්ෂකයා, සැනසිලිදායකයා යන මේ සියල්ලම වන්නේ ඔබයි. ඒ සියල්ලක්ම ඇය
බලාපොරොත්තු වන්නේත් ඔබෙන් පමණයි. ඇය යැපෙන්නේ ඔබ මතයි. ඔබ කෙරෙහි තැබූ විශ්වාසය නිසාවෙන් ඇය ඔබ වෙත පැමිණ සිටින මේ ගමනේදී ඇගේ විශ්වාසය රැකීම එය පවත්වාගෙන යාම ඔබේ යුතුකමයි.

හැකි සෑම විටම ඇය ගැන සොයා බලා ඇගේ අදහස් වලට සවන්දීම ඇගේ අවශ්‍යතාවන්ට පිළිතුරු ලබාදීම ඔබේ කාලයෙන් යම් කාලයක් ඇය වෙනුවෙනුත් වෙන්කිරීම වගේ දේවල් වලින් ඇයට මහත් අස්වැසිල්ලක් සැනසීමක් වෙන්න ඔබට පුළුවන් වෙනවා. නමුත් අවාසනාවකට වගේ බොහෝ අවස්ථාවලදී මේක සිද්දවෙන්නෙ අනිත්පැත්තට හැබැයි. පුරුෂ පක්ෂයේ සමහර අය දන්නෙ
විවාහ වුණාට පස්සේ බිරිඳව ගෙදරට ගෙනල්ලා අත අරින්න විතරයි. එතනින් එහාට ඇයට සියළුම දේට ඇය විසින්ම හුරුවෙන්න ඕනා කියලා එයාලා හිතාගෙන ඉන්නවා. සමහර වෙලාවට ඇය ගෙදර ඉන්නවාද කියලා වත් මතක නැති විදියට දෙන දෙයක් කාලා තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හෝ විවාහයට කලින් තනිකඩව ගෙවපු ජීවිතේ ඒ විදියටම ගෙවන්නත් සමහර අය පුරුදු වෙලා ඉන්නවා. එහෙම අය දැකපුවාම හිතෙන්නේ, “මොනවට කසාදයක් කරගත්තාද මන්දා.. ” කියලා තමයි..
icon_razz.gif

ආදරයේ අවසානය විවාහය ද? ආදරය මුදුන්පත් වීම විවාහය ද? මේකෙන් විය යුත්තේ කුමක් කියාද ඔබ හිතන්නේ? අපි මොනා හිතුවත් වැඩි වශයෙන් දකින්න තියෙන්නේ නම් මුලින් කියපු දේ තමයි. ඒ කියන්නේ දෙන්නෙක් ආදරේ කරලා කරලා පෙරුම් පුරලා පුරලා විවාහ වුණාම ඒ ආදරේ ඉවරයි. කලින් වගේ අමාරුවෙන් කට්ට කාලා හම්බවෙන්න ඕනාත් නෑ නේ. එක ගෙදරම නේ ඉන්නේ. ඒ නිසා කිසි අගයක් නෑ. කලින් තිබුණු තරම් උද්‍යෝගයක් නෑ. ඉන් පස්සේ දෙන්නා අතර පවතින්නේ විවාහය නම් වූ ලිඛිත බැඳීම හා ශාරීරික සම්බන්ධය විතරයි ගොඩක් වෙලාවට. හැමදේම කරන්නේ බැඳපු නිසා. ළමයි හදන්නේ, එක ගෙදරක ඉන්නේ, පවුලක් විදියට වැඩ කරන්නේ, ඔක්කොම ඒ නිසා. ඒ ඇරෙන්න ඒ දෙන්නා ආදරය කරන නිසා නෙමෙයි. ඒක ඇත්තටම බොහොම කණගාටුවට කරුණක්. නමුත් අවාසනාවට ඒ ගැන කරන්න දෙයක් නෑ. විවාහ වුණ අළුත ආදරේ වැඩියි වගේ
තේරුණාට ටිකක් කල් යන්න යන්න ඒ ආදරේ ක්ෂය වෙලා යනවා. මූලිකවම ඔය හේතුව නිසා තමයි ගොඩක් වෙලාවට නිවස තුළදී බිරිඳට නියම තැන නොලැබෙන්නේ. මොකද ආදරේ කරන කාලේ ඇය පෙම්වතියක්ව හිටපු කාලේ ඇයට දක්වපු ආදරය කෙමෙන් ක්ෂය වෙලා ගිහින් තියන නිසා ඇය ගැන හොයලා බලන්නවත් ඇයට ආදරයෙන් සලකන්න වත් උවමනාවක් ඇතිවෙන්නේ නෑ.

මේ අතර විවාහයෙන් පස්සේ ජීවිතේ වෙනස් වෙන්න ඕනා කාන්තාව පමණයි, සියළු කැපකිරීම් කළ යුතු වන්නේ ඇයයි කියන මතයේ ඉන්න අයත් ඕනෑ තරම් ඉන්නා බව නම් කිව යුතුයි. පුරුදු තනිකඩ ජීවිතේ ගෙවමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පමණක් පවුල් හැඟීමෙන් කටයුතු කරන අයත්, බිරිඳගේ අදහස් නොතකමින් ඇගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඇගේ යුතුකම් කොටස පමණක් ඇගෙන් ලබාගන්නා අතර ඇයට ඉටුවිය යුතු යුතුකම් කොටස පැහැර හරින අයත් ඕනෑතරම් අප අතර සිටින බව ඔබත් මමත් දන්නා කාරණයක්.
ඔබේ පෙම්වතිය ලෙස ඔබ ආදරය කළ ඔබේ බිරිඳ වන්නට ඔබ තෝරාගත් ඔබේ සහකාරියට ඔබ සලකන ආකාරය ගැන ඇත්තටම ඔබට වෙනත් කෙනෙක් විසින් කියා දිය යුතු නෑ මගේ හැඟීමේ හැටියට. නමුත් ආදරය ක්ෂය වීම නිසා ඔබේ නිවස තුළදීම ඔබේ බිරිඳට, යුතුකම් කිරීමට පමණක් සැදී පැහැදී සිටින, ඇයට කියා වෙනම වටිනාකමක් නැතිව, පවුලේ තීරණ වලට අදහස් දැක්වීමේ හෝ හවුල් වීමේ හැකියාවක් නැතිව, ඇගේ යුතුකම් සහ හැකියාවන් ගැන අගය කිරීමක් නැතිව, කලාතුරකින්වත් ඇය වෙනුවෙන් විශේෂවූ යමක් හෝ නොලැබ, ඔබේ කිසිම තීරණයකට බලපෑම් කිරීමේ හෝ විරුද්ධ වීමේ හැකියාවක් නැතිව, යම් දෙයක් ගැන කැමැත්ත අකමැත්ත පැවසීමේ හැකියාවක් වත් නැතිව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබ කියන දේවල් එලෙසම ඉටු කරමින්, නිහඬ ජීවිතයක් ගෙවන්න සිදුවෙන එක කොපමණ කණගාටුවට කරුණක් ද?
දැන් ඉතින් ටිකක් නිවීසැනසිල්ලේ කල්පනා කරලා බලන්න. ඔබේ නිවසේදී ඔබේ බිරිඳට ඔබ නිසි තැන ලබා දී තිබෙනවාද? නැත්තම් ඔබේ අනාගත බිරිඳට ඔබ නිසි තැන දෙන්න බලාපොරොත්තු වෙනවාද? (නිසි තැන කියලා මම අදහස් කරන්නේ අර ඉහතින් සඳහන් කරපු විදියට ඔබේ අදහසේ හැටියට ඇයට සැලකිය යුතු ආකාරයයි). හිතන්න දෙයක් ඉතුරු කරලා අදත් නවත්තන්නම්. තවත් සටහනකින් හමුවෙමු.

**********************************************

මෙය thelastrowන් උපුටා ගත්තක් බව කරුනාවෙන් සලකන්න..
:yes::yes::yes::yes:
all credit goes to the original poster...!!!

:yes::yes::yes::yes:
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
නිසි තැන දුන්නොත් ගෙදරින් එලියට තමා යන්න වෙන්නෙ

බඩුම තමා...............................


0204health_01.jpg
[/url][/IMG]


නැත්නම් මෙහෙම ගුටි කන්නයි වෙන්නෙ

asian_pillow_fight.jpg
[/url][/IMG]
 

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
නිසි තැන දුන්නොත් ගෙදරින් එලියට තමා යන්න වෙන්නෙ

බඩුම තමා...............................


0204health_01.jpg
[/URL][/IMG]


නැත්නම් මෙහෙම ගුටි කන්නයි වෙන්නෙ

asian_pillow_fight.jpg
[/URL][/IMG]


hmm.....:D;):rofl:
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
නිසි තැන දීල විදවන කොල්ලො​
....................................................



හවස 6 වෙනකොට ගෙදර ගියෙ නැත්නම් මෙ කසාය තමා බොන්න වෙන්නෙ
 

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එල මචං ගුඩ්..
    රෙප් ඉවරයිලු. පුලුවන් උන ගමන් දෙන්නම් :)