තම බිරිඳ මිය ගිය දිනයේ සැමියෙක්ගේ හිතේ ඇතිවුණු සංවේදී හැඟීම සහ එයට බිරිඳගේ පිළිතුර .....
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සැමියා -:
.............
පොතේ අත්සන් කරපු දා සිට
මතකයිද අපි දෙන්නා
ඔහෙ රන්ඩු වී යාළු වී ගෙන
කොහොම හරි අපි උන්නා
ඉතින් ඇයි මේ මටත් කලියෙන්
ගිහින් නෑ හිත වාවන්නා
ඇස්වලට කලියෙන් මැණිකේ මගෙ
කඳුළු ඉස්සර වෙන්නා ......
උඹේ ඇස් දෙක වගේ රැකගත්
දරුවනුත් මට දීලා
හැමදාම මම අහන් වුන් ඒ
හදගැස්ම නැවතීලා
අඬන්නද මම තරහවෙන්නද
කියපන්කො නැගිටීලා
පෙරුම් පිරුවද උඹ ..... මට කලින්
යන්න සුදු වතින් සැරසීලා .....
සොයන ඉතිරිව ඇද්ද හුස්මක්
මගේ හිතටයි රිදෙන්නේ
මම දැක්කෙ නැති මට දැනුන් නැති
මගේ වැරදිත් ගොඩයිනේ
මෙතෙක්කල් මම සනසාපු උඹෙ
මුව කමල මම සිඹින්නේ
ඉතින් උඹ යන්නට ගිහින්නේ
මගේ හිතටයි රිදෙන්නේ ......
මියෙන මියඳුනු මතක අතරේ
තවම මම සැරි සරනවා
පෙම්කරපු දා උඹ නමට තැනු
මාලිගා තව තියනවා
තේරුණානම් උඹ යනෙන වග
උඹට මගෙ පන පුදනවා
උඹේ මතකය හිත දරාගෙන
මගෙ මැරුණු හද ගැහෙනවා .......
..............................................................................
බිරිඳ -:
.........
ඇත්ත.... මට තව අයිතියක් නෑ
නුඹ එක්ක පියනගන්න
දුක වැඩීනම් අනෙ මහත්තයො
නුඹේ ඇස් දෙක පියන්න
වෙන්වෙන්න පෙර මගේ මුහුණට
නුඹේ හුස්මක් හෙලන්න
දෙනවාද ආදරේ චුට්ටක්
තුරුළු කරගෙන මැරෙන්න .........
මගෙන් වැරදිත් උනා නුඹ හට
ඕනිමුත් මට කියන්න
ඉවරවෙන්නට ලඟයි දවසත්
වෙලා නෑ අර බලන්න
පළමු දා සිප ගත්තා වාගෙයි
ඇයි ලැජ්ජාව ඉඹින්න
අන්තිමට හුස්මක් ගන්න මට
සිනහ බිඳුවක් තියන්න ........
මගේ පන ටික දරු දෙන්නා නුඹ
නුඹේ පන වගෙ රකින්න
මං මතක්වෙන වෙලාවල් එයි
එපා දෙන්නට අඬන්න
" අම්මා ඉන්නවා අපි ලඟම පුතේ ,
එපා අඬන්න " කියන්න
ජීවිතේ මියදෙනා මොහොතක
ආදරේ ඇති දිනන්න .......
ජම්බු ගහ යට බංකුවේ මං
එන තුරා මග බලන්න
සැරසෙනා නුඹෙ ඇතුල් හිතටත්
මං නොඑන බව කියන්න
මං මතක්වෙන හැම වාරෙකම
හිස් අහස දෙස බලන්න
පුංචි තරුවක් වෙලා මම ඉමි
එපා වස්තුවෙ අඬන්න ...........
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සැමියා -:
.............
පොතේ අත්සන් කරපු දා සිට
මතකයිද අපි දෙන්නා
ඔහෙ රන්ඩු වී යාළු වී ගෙන
කොහොම හරි අපි උන්නා
ඉතින් ඇයි මේ මටත් කලියෙන්
ගිහින් නෑ හිත වාවන්නා
ඇස්වලට කලියෙන් මැණිකේ මගෙ
කඳුළු ඉස්සර වෙන්නා ......
උඹේ ඇස් දෙක වගේ රැකගත්
දරුවනුත් මට දීලා
හැමදාම මම අහන් වුන් ඒ
හදගැස්ම නැවතීලා
අඬන්නද මම තරහවෙන්නද
කියපන්කො නැගිටීලා
පෙරුම් පිරුවද උඹ ..... මට කලින්
යන්න සුදු වතින් සැරසීලා .....
සොයන ඉතිරිව ඇද්ද හුස්මක්
මගේ හිතටයි රිදෙන්නේ
මම දැක්කෙ නැති මට දැනුන් නැති
මගේ වැරදිත් ගොඩයිනේ
මෙතෙක්කල් මම සනසාපු උඹෙ
මුව කමල මම සිඹින්නේ
ඉතින් උඹ යන්නට ගිහින්නේ
මගේ හිතටයි රිදෙන්නේ ......
මියෙන මියඳුනු මතක අතරේ
තවම මම සැරි සරනවා
පෙම්කරපු දා උඹ නමට තැනු
මාලිගා තව තියනවා
තේරුණානම් උඹ යනෙන වග
උඹට මගෙ පන පුදනවා
උඹේ මතකය හිත දරාගෙන
මගෙ මැරුණු හද ගැහෙනවා .......
..............................................................................
බිරිඳ -:
.........
ඇත්ත.... මට තව අයිතියක් නෑ
නුඹ එක්ක පියනගන්න
දුක වැඩීනම් අනෙ මහත්තයො
නුඹේ ඇස් දෙක පියන්න
වෙන්වෙන්න පෙර මගේ මුහුණට
නුඹේ හුස්මක් හෙලන්න
දෙනවාද ආදරේ චුට්ටක්
තුරුළු කරගෙන මැරෙන්න .........
මගෙන් වැරදිත් උනා නුඹ හට
ඕනිමුත් මට කියන්න
ඉවරවෙන්නට ලඟයි දවසත්
වෙලා නෑ අර බලන්න
පළමු දා සිප ගත්තා වාගෙයි
ඇයි ලැජ්ජාව ඉඹින්න
අන්තිමට හුස්මක් ගන්න මට
සිනහ බිඳුවක් තියන්න ........
මගේ පන ටික දරු දෙන්නා නුඹ
නුඹේ පන වගෙ රකින්න
මං මතක්වෙන වෙලාවල් එයි
එපා දෙන්නට අඬන්න
" අම්මා ඉන්නවා අපි ලඟම පුතේ ,
එපා අඬන්න " කියන්න
ජීවිතේ මියදෙනා මොහොතක
ආදරේ ඇති දිනන්න .......
ජම්බු ගහ යට බංකුවේ මං
එන තුරා මග බලන්න
සැරසෙනා නුඹෙ ඇතුල් හිතටත්
මං නොඑන බව කියන්න
මං මතක්වෙන හැම වාරෙකම
හිස් අහස දෙස බලන්න
පුංචි තරුවක් වෙලා මම ඉමි
එපා වස්තුවෙ අඬන්න ...........

