බිරිඳ_ඔසවාගෙන_යැමේ_තරගය
ගත්තා බිරිඳ කරට
දිව්වා ජය කනුව වෙතට
ලෝකයේ විවිධ විනෝදාත්මක ක්‍රීඩා ඉසව් සෑම කාලවලදීම සංවිධානය වෙනවා. මිනිසුන් මෙවැනි සමහර දේ හුදු විනෝදය උදෙසාම තමයි මුල් කාලයේදී ආරම්භ කරන්නේ. නමුත් කල්යැමේදී මෙම අමුතු ඉසව් ලොව පුරා ජනප්‍රිය වීමත් සමගම ජාත්‍යන්තර තරග ලෙසට ඉතා ඉහළින් පවත්වනවා. දේශීය පිරිස් පමණක් නොව විදේශිකයන්ද ඒවාට ඉතා උනන්දුවෙන් සම්බන්ධ වන බවට මේ තොරතුරු පිරික්සීමේදී පෙනී යනවා. විශේෂයෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි මෙවැනි අපූරු තරගයන් සඳහා හොඳ ප්‍රචාරයක්ද ලබා දෙනවා.
සාමාන්‍යයෙන් තරමක් අමාරු තරගයක් ගැන තමයි මේ තොරතුර. මෙය නම්කර තිබෙන්නේ "බිරිඳ ඔසවාගෙන යැමේ තරගය" (wife Carrying) ලෙසට. තරගයේ ඉතිහාසය පිරික්සීමේදී මේ ගැන හොඳින්ම පැහැදිලි කරගන්නට පුළුවන්. මෙය වාර්ෂිකව රටවල් රැසක සංවිධානය කළත් මුල්ම වරට ආරම්භ කර තිබෙන්නේ ෆින්ලන්තයෙන්. (finland) ෆින්ලන්තයේ සොන්කාජාවි (sonkorjarvi) ප්‍රදේශයේ තමයි මේ තරගයේ නිජබිම. මෙහි ඉතිහාස කතා වස්තු තිබෙනවා. එය ගොඩනැගෙන්නේ රොස්වෝ රොන්කේනේ (Rtvo Ronkainen) නම් පුද්ගලයා වටායි. රොස්මෝ යනු සොරෙක්. ඔහු වාසය කර තිබෙන්නේ එක්දහස් අටසිය ගණන්වලදී. එසේම මොහුගේ වාසභූමිය වුනේද කැලෑවක්. ඔහු කැලෑවේ දිවි ගෙවමින් තම රංචුවද සමග සොරකමේ නිරත වුනා. රොස්වෝ අසල ඇති ගම්මානයට වැදී ආහාර සහ කාන්තාවන් සොරකම් කළ බවට සඳහන් වනවා. ඔහු කාන්තාවන් රැගෙන ඇවිත් තිබෙන ආකාරයට මේ තරගය නිර්මාණය වී ඇති බවට විශ්වාසයක් පවතිනවා. එසේම තරුණ පිරිස් ගම්මානවලට පැන විවාහක කාන්තාවන් පැහැරගෙන ගොස් පසුව තම බිරින්දැවරු ලෙසට තබාගැනීම මේ ක්‍රීඩාවට මූලය සැපයූ බවටද පිරිස් පවසනවා. මේ කාන්තාවන් පැහැරගෙන ගොස් තිබෙන ආකාරයද, අද දවසේ බිරිඳ ඔසවාගෙන යැමේ තරගයේ තරගකරුවන් තම බිරිඳ කරේ තබාගෙන යන ආකාරයට සමාන බව සඳහන් වනවා. මේ ආකාරයෙන් කාන්තාවන් කර තබාගෙන දිවීමට රොස්වෝ තම සොරමුල පුහුණු කර ඇති බවයි විශ්වාස කරන්නේ. මේ තරගය සඳහා සහභාගිවන්නන්ට අවශ්‍යයෙන්ම හොඳ ශක්තියක් තිබීම අනිවාර්ය වෙනවා. මේ ආකාරයෙන් ආරම්භ වුණු බිරිඳ කර මත තබාගෙන දිවීමේ තරගය දැන් ෆින්ලන්තයේ පමණක් නොව අමෙරිකාව, හොංකොං ආදී රටවලද පැවැත්වෙනවා.
මෑතකදී ඉන්දියාවේද මෙය සංවිධානය වෙලා. ඒ පරිසර සුරැකීම් සංවිධානයක් මගින්. ඉන්දියාවේ කේරලයේදී පැවැත්වූ මෙම තරගය 'භාර්යාසමෙතම්' (Bharyaasametham) ලෙසටයි නම්කර තිබුණේ.
ෆින්ලන්තයේ මෙය 1992 වර්ෂයේ පටන් ක්‍රියාත්මක වනවා. එය ලෝක ශූරතාවලියක් ලෙසට ඉතා ඉහළින්ම ඔවුන් සංවිධානය කරනවා. මේ අවසාන තරගයට ප්‍රථම තෝරා ගැනීමේ තරගද රැසක් තබනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයා සතු ශක්තිය, දරාගැනීමේ හැකියාව මෙහිදී ඉතාම වැදගත් සාධක බවටයි සංවිධායකයන් ප්‍රකාශ කරන්නේ. සාමාන්‍යයෙන් ෆින්ලන්තයේ හැරුණු කොට ඕස්ටේ්රලියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, එස්ටෝනියාව, අමෙරිකාව වැනි රාජ්‍යන්වල යුවළ මේ සඳහා සම්බන්ධ වනවා.
මේ තරගය පවත්වන ආකාරයත් විශේෂයි. මෙයටම සම්මත කරගත් නීති පද්ධතියක්ද ඇතුළත්. මෙහි ප්‍රධාන නීති වන්නේ,
* තරගකරුවන් මීටර් 253.5 ක ධාවන පථයක තරගයට එක්විය යුතුයි, ජල දුර්ග වැනි බාධකයන්ද මෙහි තිබෙන අතර ඒවාටද මුහුණ දීම. තරගකාරිය තම බිරිඳ, අසල්වැසියකුගේ බිරිඳක් හෝ මේ ස්ථානය ආශ්රයෙන් සොයාගත් බිරිඳක් වුවත් කම් නැති මුත් ඇය අනිවාර්යයෙන්ම වයස 17 ට වඩා වැඩි විය යුතුයි.
* බිරිඳ අනිවාර්යයෙන්ම බරින් කිලෝ 49 ට වඩා වැඩිවිය යුතු සේම, එසේ නොමැති නම් අතිරේක බරක් එක් කර තරගකරු මේ සඳහා එක් කරනු ලබනවා.
* පැමිණෙන තරගකරුවන් අනිවාර්යයෙන්ම මෙය විනෝදජනක දෙයක් සේ සලකා එය විඳිය යුතුයි.
* තරගකරුට තබා ගත හැකි එකම උපකරණය බඳ පටියක් පමණයි. තරගකාරිය අනිවාර්යෙන්ම හිස්වැසුමක් පැළඳිය යුතු වනවා.
* තමන්ගේ ආරක්ෂාවද තමන් සපයා ගත යුතුය.
* සංවිධායකයන්ගේ උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.
* අඩුම කාලයකින් තරගය නිම කරන්නා ජයග්‍රාහකයා බවට පත්වේ.
* හොඳින්ම විනෝදයෙන්ම තරග වැදුන යුවල, හොඳම ඇඳුම, ශක්තිමත් බිරිඳ ඔසවන්නා යන තුනටද විශේෂ ත්‍යාග ලබාදේ.
* සහභාගිවීමේ ගාස්තුව යුරෝ 50 කි.
මේ නීති ප්‍රකාරව තරග වැද මේ දක්වා ජයග්‍රහණය කළ පිරිස් අතර ෆින්ලන්තයේ සහ එස්ටෝනියාවේ අය පමණක් සිටීම තවත් සුවිශේෂී කාරණයක්. මේ තරගය සේම මෙහිදී කණ්ඩායම් තරගයක්ද පවත්වනු ලබනවා. ඒ සඳහාද පිරිස් සම්බන්ධ වනවා. සාමාන්‍යයෙන් ෆින්ලන්තයේ මෙය පැවැත්වෙන්නේ ජුලි මාසයේදී. තරගකරුවන් මෙහිදී ආකාර කීපයකට තම බිරිඳ රැගෙන යාම සිදු කරනවා. තවත් සුවිශේෂී දෙයක් මෙහිදී සඳහන් කළ යුතුයි. ජයග්‍රහණය කරනු ලබන්නන්ට තම බිරිඳගේ බරට බියර් ලබාදීම තමයි එම විශේෂ කාරණය. තරගකරුවන් පමණක් නොව නරඹන්නන්ද ඉතා උෙද්‍යාaගයෙන්, ක්‍රියාශීලීව මේ විනෝදාත්මක ඉසව්ව රස විඳින බවටයි වාර්තා වන්නේ. මෙම වසරේද තරගය පැවැත්වීමට සියල්ල දැනටමත් සූදානම් බව වෙබ් වාර්තාවල සඳහන් වනවා.
උපුටාගැනීම දිවයින පුවත්පතෙනි.

පට්ට නේ..... 