බිරිය සැමියා මරා මිනිය කර තියාගෙන ගිහින් වැවට දාලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,931
    34,719
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිඛාව වැවට දැමූ බව කියන බිරියක ඉකුත්දා (11) සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සදහන් කරයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි. සැකකාර කාන්තාව සිය සැමියා කර මත තබාගෙන මීටර් එකසිය පනහක් පමණ දුර ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු තිස්තුනක් වයසැති කාන්තාවක වන අතර ඇය මීට කලින් විවාහ වී නීත්‍යනුකූලව සැමියාගෙන් වෙන් වී ඇති බවත් උදය කුමාර නැමැත්තා ද මීට කලින් විවාහ වී බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන් වී සිටි තැනැත්තකු බවත් පොලිසිය සඳහන් කරයි. සැකකාරියට කලින් විවාහයෙන් අවුරුදු දාහතරක දියණියක සිටින බව පොලිසිය සඳහන් කළේය.

    පසුව මොවුන් දෙදෙනා නීත්‍යනුකූලව විවාහ වී ඇති අතර දෙවැනි විවාහයෙන් අවුරුදු නවයක පිරිමි දරුවකු සහ අවුරුදු හතක ගැහැනු දරුවකු සිටින බවත් පොලිසිය පවසයි.

    අඹුසැමි යුවළ අතර නිතරම අඩදබර පැවැති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ද පොලිසියට ලැබී ඒවා විභාග කර දෙදෙනාගේ එකඟතාව මත සාමදාන වී ඇති බවත් කියති.උදය කුමාර නැමැත්තා නිතර බීමතින් පැමිණ බිරිඳට හා දරු තිදෙනාට පහර දෙන බවත් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි ගිරිබාව පොලිසිය පැවැසීය. උදය කුමාර නමැත්තාගේ පියාට සහ අක්කාට දුරකථන ඇමතුමක් ලබාදී සැමියා තවම නිවෙසට නොපැමිණි බව දැනුම් දී ඇතැයි කියයි.

    පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඉහළ ගිරිබාව වැවේ තිබී පසුගිය 9 වෙනිදා උදය වරුවේ උදය කුමාර නැමැත්තාගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර සැක කටයුතු මරණයක් ලෙස සලකා මේ සම්බන්යෙන් විමර්ශන ආරම්භ කරනු ලැබීය. නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ ගිරිබාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.සැමියා බීමතින් විත් පහරදීම ඉවසා ගත නොහැකිව මන්නා පිහියකින් කැත්තකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙන බව සැකකාරිය අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවිණි යැයි ගිරිබාව පොලිසියේ එම නිලධාරියා කීය.



    සැමියා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර කරමත තබාගෙන එදා මධ්‍යම රාත්‍රියේම වැව් තාවුල්ල දක්වා රැගෙන ගොස් වැව් තාවුල්ලෙන් පහළට තල්ලු කර දැමූ බවට සැකකාර කාන්තාව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී වැඩිදුරටත් පවසා ඇතැයි කියති. සැකකාරිය ගෙන් මුලින්ම ප්‍රශ්න කිරිමේදී වෙනත් පාර්ශවයක් මෙය සිදු කරන්නට ඇතැයි ඒත්තු ගන්වා පරීක්ෂණ කටයුතු නොමග යැවීමට ද ඇය දැඩි උත්සාහ ගත් බව පොලිසිය පවසයි. සැකකාරිය ගෙන් හෙළි කර ගත් තොරතුරු මත ඔවුන් පදිංචිව සිටි ගෙවත්තේ ළිඳක තිබී උදය කුමාර නැමැත්තා ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන පිහිය සහ පොරව ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.
    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,310
    28,226
    113
    වියළි කලාපේ අව්වට කර වෙලා මොළේ නරක් වෙච්ච උට්ට උටිටියෝ නොදකිං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,795
    38,211
    113
    සමහර පිරිමි ගෑනුන්ට ජීවිතේ එපා කරවනවා. ඌගෙන් නිදහස් වෙන්න මරන්නම වෙනවා. නීතියෙන් නිදහස් වෙන්න ජීවිතේ හොඳම කාලේ නාස්ති වෙනවා.
     
    • Like
    Reactions: RAN PUTHA

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    1,125
    1,447
    113
    Game Of Thrones Hbo GIF
     
    • Haha
    Reactions: Ysa Karu