බිරිය හා දියණිය මරා පුලුස්සා හලාවත ව්‍යාපාරිකයා දිවි නසාගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,604
    113
    chilaw-family-murder

    හලාවත සිංහපුර පාරේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙසේ සිදුව ඇති මරණ තුන පිටස්තර සම්බන්ධයක් නොමැතිව නිවෙස තුළම සිදුවූ යම් සිදුවීමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරයි.

    රජයේ රස පරික්ෂකවරයා විසින් ඊයේ (20) එම ස්ථානය පරික්ෂාවට ලක් කළ බවත් රස පරික්ෂක වාර්තාව අනුව ඝාතනයක් ද නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න අනාවරණය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    ඒ හැරුණු කොට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ද මෙම මරණ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව හලාවත පොලිසිය සඳහන් කරයි.

    මෙම අපරාධය සිදුවූ නිවසේ දොර ජනෙල් සියල්ල අගුල් ලා තිබී ඇති බවත් නිවස තුළ ගින්නක් ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව හලාවත ගිනි නිවීමේ අංශයේ නිලධාරීන් එහි ගොස් නිවස තුළට ඇතුළු වී ඇත්තේද දොර අගුල් කඩා දමා බව ද පොලිසිය කියයි.

    සිද්ධිය වූ ස්ථානයේ ලේ පැල්ලම් දක්නට ඇති බවත් නිවසේ දොර තිබී ඇත්තේ ඇතුළතින් අගුල් ලා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. ඒ හැරුණු කොට නිවසේ සෑම ජනේලයක් මෙන්ම සෙසු දොරවල්ද තිබී ඇත්තේ ඇතුළතින් අගුල් ලා බැවින් පිටස්තර කිසිවකුත් නිවසතුළට ඇතුළුවී පිටව ගිය බවට සාක්ෂි කිසිවක් ඊයේ සවස් වන තුරුම කළ පොලිස් පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකියාව ලැබී නැත.

    මෙම මළ සිරුරු තුන පොලිසිය සොයා ගන්නේ ඊයේ උදෑසන කාලයේදීය. මෙලෙස මියගොස් ඇත්තේ ඇත්තේ 52 හැවිරිදි එස්.ජී.සේනාරත්න නමැති ව්‍යාපාරිකයාත් ඔහුගේ, බිරිය 43 හැවිරිදි මංජුලා නිරෝෂනී හා 15 හැවිරිදි දියණිය වූ නෙත්මි නිමේෂා නමැති තිදෙනාය.

    ව්‍යාපාරික එස්.ජී. සේනාරත්න මහතා හලාවත නගරයෙ පර්ල් ලැන්ඩ් සේල් නැමති ඉඩම් කැබලි කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහුගේ බිරිය වන මංජූලා නිරෝෂනී මහත්මිය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීනියක් ලෙස මුන්නේෂ්වරම වසම භාරව කටයුතු කර ඇති බවත් දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 එෆ් ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි. බිරිය නිවසේ උඩු මහලේ කාමරයක ගෙල කඳින් වෙන්වන තරමට කපා ඝාතනයකර තිබී ඇත. එම මළ සිරුර පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ ගෙල කපා ඇයව මරා දමා ඇත්තේ පෙරේදා (19) දින පෙරවරුවේදී හෝ දහවල් කාලයේ දී බවය. ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කරුණු තහවුරුවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    ව්‍යාපාරිකයා හා ඔහුගේ 15 හැවිරිදි දියණියගේ සිරුරු තිබී ඇත්තේ නිවසේ සාලය තුළය. නිවසේ ගෘහ උපකරණ ඇතුළු ද්‍රව්‍ය මත ඉන්ධන වර්ගයක් යොදා සිරුරුවලට ගිනි තබා ඇති බව ද විමර්ශනයේ දී පොලිසියට පෙනී ගොස් තිබේ. එම සිරුරු දෙක ගින්නට බොහෝ සේ පිළිස්සී තිබී ඇත. එම සිරුරු හඳුනා ගැනීමට නොහැකි තරමට හානි වී ඇත. එම ගින්න නිවසේ පහත මහලය පුරා පැතිර ගොස් තිබී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

    මෙම ව්‍යාපාරිකයා පෙරේදා (19) දහවල් කාලයේ දී නිවසේ ගතකර ඇති බවට සැකකරන තොරතුරු ඇති බවත් දියණිය උපකාරක පංතියකට සහභාගිවීමට නිවසින් බැහැර ගොස් සිට ඇති බවත් විමර්ශනයේ දී තොරතුරු අනාවරණය වී තිබේ. උපකාරක පංතිය අවසන්ව ඇය සිය යෙහෙළියකගේ නිවසකට ගොස් සිට ඇති බවත් රාත්‍රී 8.15ට පමණ ව්‍යාපාරිකයා දුරකථන ඇමතුමක්දී යතුරු පැදියකින් ගොස් දියණියව යෙහෙලියගේ නිවසේ සිට රැගෙනවිත් ඇති බවත් පොලිසිය කියයි. ඇය ඝාතනය වී ඇත්තේ ඒ පැමිණි විටදීය. පොලිසිය සැකකරනු ලබන්නේ ඒ වන විටත් ඇගේ මව නිවසේ උඩුමහලේ කාමරය තුළ ඝාතනය වී ඇති බවය. ඇයව ඝාතනය වී ඇත්තේ නිවසට පැමිණ සුළු වේලාවකින් විය හැකි බව පොලිසිය සැක කරයි.

    ව්‍යාපාරික කටයුතු හේතුවෙන් මෙම ව්‍යාපාරිකයා මුදල් ගැටලු රැසකටද පසුගිය කාලයේ මැදිවී සිට ඇති බවට තොරතුරුද පොලිසියට ලැබී තිබේ.

    හලාවත - කුරුණෑගල පාරේ ව්‍යාපාරිකයාගේ බිරියට අයත් අක්කර 05ක ඉඩමක් තිබී ඇති බවත් එම ඉඩම කට්ටිකර විකිණීම සඳහා ව්‍යාපාරිකයා උත්සහයක නිරතව ඇති බවට තොරතුරුද විමර්ශනයේ දී පොලිසියට ලැබී ඇත. ඊට බිරිය සිය අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක්ද තිබී ඇති බවට සැකකරන තොරතුරුද පොලිසියට ලැබී තිබේ.

    ඒ සම්බන්ධයෙන් වූ ආරවුලක් මුල්කරගෙන බිරිය හා දරුවා ඝාතනයකර ව්‍යාපාරිකයා සියදිවි හානිකරගෙන තිබේදැයි යන්න පිළිබඳ සැකයක්ද පොලිස් විමර්ශකයන්ට පැන නැ‍ඟී තිබේ. ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹ නැති බවත් රස පරීක්ෂක සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව පැහැදිලි තොරතුරක් අනාවරණය වනු ඇති බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙම නිවසේ තිබූ රත්‍රන් පවුම් තොගයක් සොරකම් කිරීමක් සම්බන්ධවද පොලිසිය පරීක්ෂණයක් සිදුකර තිබුණි. ඒ පිළිබඳ ද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.

    හලාවත නගරයේ ජනාකීර්ණ පෙදෙසක් වූ සිංහපුර පාර ගම්මානය තුල පදිංචිකරුවන්ට නිවසේ ගිනි ගැනීම හැර කිසිදු ශබ්දයක් අලුයම් කාලය දක්වා නිවස තුළින් ඇසි නැති බව ද පොලිසිය කියයි. අලුයම් කාලයේ දී නිවසේ ඇතිවුණු ගින්න පමණක් අසල්වැසියන් දැක ඇති බවත් පොලිසිය මෙන්ම ගිනි නිවීම් සේවා නිලධාරීන් එහි පැමිණෙනුයේ අසල්වැසියන් ලබාදුන් තොරතුරු ඔස්සේ බවත් පොලිසිය සඳහන් කරයි.

    සිද්ධිය සැලවීමත් සමඟ මෙම ව්‍යාපාරිකයාගේ උපන් ගම පිහිටි නිකවැරටියෙ ඥාතීන් හා මහකුඹුක්කඩවල පදිංචි ඥාතින්ද විශාල පිරිසක් පැමින සිදුවූ සිදුවීමේන් මහත් වේදනාවටත් කම්පාවටත් පත්ව සිටින ආකාරය දැක ගත හැකි විනි.

    අදාළ ස්ථානවල පොලිස් ස්ථානීය අපරාධ පරික්ෂණ නිලධාරීන්, පොලිස් ඇගිලි සලකුණු ලබා ගැනීමේ නිලධාරීන් සමඟ විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරු නිලධාරීන්ද පරික්ෂණ සඳහා එක්ව තිබුනි.

    අදාළ ඝාතන සිදුවූ නිවසට හලාවත මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම පැමින පශ්චාත් මරණ පරික්ෂණ සඳහා එක්ව තිබුනි.

    ඒ සමඟ හලාවත මහෙස්ත්‍රාත් විසින් අදාළ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරික්ෂණ සඳහා පැමින අදාළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත රැගෙන යාමට පොලිසියට නියෝග කෙරුණි.
    මෙම ඝාතනය සැලවීමත් සමඟ කම්පාවට පත්වූ විශාල ජනතාවක් සිද්ධිවූ නිවස වෙත පැමින සිටි අයුරු දැක ගත හැකි විනි. හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතාගේ අධික්ෂණය යටතේ හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතා සමඟ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අරුණ ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් රැසක් මෙම පරික්ෂණ සඳහා එක්ව තිබුනි.
    (ගයාන් කුමාර වීරසිංහ, පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ, පුත්තලම ප්‍රසාද් පුර්ණිමාල්, මාරවිල මිහිර විජේසේකර)

    210814539-down.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,052
    28,772
    113
    පව් බං අර ලමයා. ගෑනි එක්කනම් අවුල තිබ්බෙ ගෑනිව මරලා ඌත් මැරුනනම් එකක්. අර යාලුවෙක්ගෙ ගෙදර හිටපු ලමයව ගිහින් එක්කන් ඇවිල්ලම මැරුවා කියන්නෙ 😡😡 හැබැයි මූ නැතුව වෙන එකෙක් ඇවිල්ලා 3 දෙනාම මරපු ගේමක්ද කියලත් හිතෙනවා වෙලාවකට???

    එ.බු.සේ Agents Assemble
     
    • Like
    Reactions: SLK_sri

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,159
    2,065

    muge muna dekkama kiyanna puluwanmarumus gathiya.
    iyema kivva, oka thmayi oka kranna eththe kiyla
     
    • Like
    Reactions: SLK_sri