බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා

    බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා
    ======================

    " මේ ලෝකේ ඔබටත් වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා ද?" දිනක් පුද්ගලයෙකු බිල් ගේට්ස්ගෙන් ඇසුවේය.

    " ඔව්..මට වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා" බිල් ගේට්ස් පිළිතුරු දුන්නේය.

    පසුව බිල් ගේට්ස් ඔහුට මේ කතාව කීවේය.

    "මේ සිදුවීම වුණේ මම ධනවත් හෝ ප්‍රසිද්ධ නොවූ කාලෙක.

    මම නිව් යෝර්ක් ගුවන් තොටුපලේ ඉන්නකොට පුවත්පත් වෙළෙන්දෙකු දැක්කා.

    මට එක් පුවත්පතක් මිලදී ගැනීමට අවශ්‍ය වුණත් මට ප්‍රමාණවත් තරම් මාරු මුදල් නොමැති බව තේරුණා. ඒ නිසා මම මිලදී ගැනීමේ අදහස අතහැරලා එය වෙළෙන්දා වෙත ආපසු ලබා දුන්නා.

    මගේ ළඟ මාරු මුදල් නැතිබව ඔහුට කිව්වා...එතකොට වෙළෙන්දා කිව්වා " මම මේක ඔබට දෙන්නේ නොමිලේ කියලා" පස්සේ ඔහුගේ බල කිරීම මත මම පුවත්පත රැගෙන ගියා.

    අහම්බෙන්, මාස දෙක තුනකට පසු මම ඒ ගුවන් තොටුපළට ම ගොඩ බැස්සා. එදත් පුවත්පතක් ගන්න තරම් මාරු මුදල් මගේ ළඟ තිබුණේ නෑ. ඒත් වෙළෙන්දා මට නැවතත් පුවත්පතක් දුන්නා...මා ලඟ ප්‍රමාණවත් තරම් මාරු මුදල් නොතිබූ නිසා එය ප්‍රතික්ෂේප කළත් ඔහු මෙලෙස පැවසුවා. " ඒක ගන්න..මම පත්තරේ ඔයාට දෙන්නේ මට තියෙන ලාබෙන් නිසා මට පාඩුවක් වෙන්නේ නෑ"

    මම පුවත්පත ගත්තා.

    අවුරුදු 19 කට පස්සේ මම ප්‍රසිද්ධ වුණා. හදිසියේම මට ඒ වෙළෙන්දා මතක් වුණා..මම ඔහුව හොයන්න පටන් ගත්තා...මාස 1½ ක විතර හොයලා මම ඔහුව හොයා ගත්තා.

    මම ඔහුගෙන් ඇහුවා "ඔබ මාව දන්නවාද? කියලා..ඔහු "ඔව්, ඔබ බිල් ගේට්ස්" කියලා පිළිතුරු දුන්නා.

    මම නැවත ඔහුගෙන් ඇහුවා "ඔබ මට එකපාරක් පුවත්පතක් නොමිලේ දුන්නා කියලා මතකද? "

    “ ඔව්...මට මතකයි. මම ඔයාට දෙවරක් දුන්නා." වෙළෙන්දා පැවසුවා.

    " මට ඒ වෙලාවේ ඔබ කරපු උදව්වට ප්‍රති උපකාරයක් කරන්න ඕන...ඔයාට ජීවිතේ අවශ්‍ය ඕනෑම දෙයක් තියෙනවා නම් කියන්න..මම ඒක ලබා දෙන්නම්" මම කිව්වා

    “ සර්, එහෙම කරා කියා කියලා එදා මම ඔබට කරපු උපකාරයට සමකරන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ? "

    මම ඇයි? කියලා අහුවා.

    " මම ඔබට උදවු කළේ මම දුප්පත් වෙළෙන්දෙක් වෙලා ඉන්න කාලේ..දැන් ඔබ ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙලා ඉන්නකොට මට උදව් කරන්න උත්සාහ කරනවා...ඒක කොහොමද ගැලපෙන්නේ? "

    පුවත්පත් වෙළෙන්දා මට වඩා ධනවත් බව මට එදා වැටහුණා...මොකද ඔහු උදව් කරන්න ධනවත් වෙනකම් බලා සිටියේ නැති නිසා.

    සැබවින්ම ධනවතුන් කියන්නේ මුදල් වලට වඩා පොහොසත් හදවතක් තියෙන අය බව ජනතාව තේරුම් ගන්න ඕන."

    ▪️පොහොසත් වීම වැදගත් නමුත් පොහොසත් අධ්‍යාපනයක් ලබා තිබීම ඉතා වැදගත් ය.

    ====================
    සොනාල ගුණවර්ධන
    (පරිවර්තනයකි)

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    thanks for the share :)
    You must spread some Reputation around before giving it to kavindu84 again.

    tharaha wenne epa machan mehema kiyanawata.
    matanan kisima wishwasayak naha oka

    aththatama wechcha siddiyak kiyala
    samaharak porawal fb ehema daanawa oya wage ewaa gothala