බිස්කට් කකා රට හදන ඇමතිවරු
මම මාසෙකින් බත් කෑවෙ නෑ.. මාසෙම කෑවේ බිස්කට්.. – ඩලස්
October 25, 2014 at 12:00 pm | lanka C news

තමන් මාසයකින් බත් කෑවේ නැති බවත් එම මාසයේම බිස්කට් බමණක් ආහාරයට ගත් බවත් ඇමති ඩලස් අලහප්පෙරුම පවසා තිබේ
ඔහු මෙසේ පවසා ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති රැස්වීමක් අමතමිනි.
මැතිවරණ වැඩ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කල යුතු බව පවසා ඇති ඔහු කෑම බීම නින්ද ගැන සිතා කිසිත් කල නොහැකි යයිද කියා ඇත.
‘දැන් බලන්න මම තාම මාසෙකින් විතර බත් කාල නෑ. මොකද ඒකට හේතුුව බත් කන්නවත් වෙලාවක් නෑ. ඒ නිසා ගිය මාසෙම මම ජීවත් වුනේ බිස්කට් කාලා’ යයි එහිදී පවසා ඇති ඇමතිවරයා අසල සිටි හිතවතෙකු කැඳවා ‘අදත් රැ වුණා. බත් කන්න වෙන්නෙ නෑ. බිස්කට් දෙක තුනක් ගෙනත් දෙන්න’ යයි පවසා තිබේ